පද පේළී - EK LYRICS THREAD PART 2

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
බට ගහේ අතු අත වනන්නේ පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ බට නෙළන්නේ බට නළා හදන්නයි
හදවතේ සුසුමන් නැඟෙන්නේ ඒ නළා වයන්නයි
බට නළාවේ ඒ ඇසෙන්නේ ආදරේ කතාවයි
 
May 19, 2013
1,864
81
0
මටම පෙම් කළ
නෙතඟ නිවසන
සදා නොසිඳෙන
සුනිල උල්පත
කදුළු බිංදුව

නුවන් කුමාර කටුගම්පොළ / වේරලියද්ද
 
  • Like
Reactions: amila_90210

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
බුදු බණ කිව්වත් නිරන්නරේ....

බුදු බණ කිව්වත් නිරන්තරේ
බුදු බණ ඇසුවත් නිරන්තරේ
ගතිගුණ අතින් අපි තවමත්
වනන්තරේ...වනන්තරේ...

බෝසත් ගතිගුණ පිහිටන්නේ නැති
ගතියක් අපි හට නැතිවද මන්දා
මේ තරමට බුදු බණ අහනා රට
දින දින පිරිහෙන කරුමය මන්දා...

බුදු බණ කිව්වත් නිරන්තරේ...

සිරිත් විරිත් යහගුණෙන් පිරීගිය
නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එක ඉර හද යට හිනැහෙන දවසක්
යළි කවදාවත් නේවිද මන්දා...

බුදු බණ කිව්වත් නිරන්තරේ...

 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තහනම් ද හමුවන්නට ඔයාව
    හීනෙකින්වත් ආයෙමත්
    හිතේ කහටක් තිබුණෙ නෑ මට
    ඇත්තමයි ඔබ ගැන තවත්
    කවුරුවත් ආදරේ නොකළ මට
    දැනෙන තනිකම මහමෙරක්
    අනේ ඔබවත් පෙම් කළානම්
    දුකක් අද මට නෑ තවත්

    කඳුළු වැටිලා කම්මුලත් තෙත් වීලා
    මතක පෙරදා හිත් කොනේ දඟ කරලා
    නැවත ගන්නට නොහැකි තරමට
    ආදරේ බොඳවී ගියත්
    අනේ ඔබවත් පෙම් කළානම්
    දුකක් අද මට නෑ තවත්

    හිත උතුරනා සෙනෙහසක පැටලීලා
    නෙත අහනවා ඔබ කොහේ ද කියලා
    නැගිට ගන්නට බැරි ම තැනට ම
    ජීවිතේ වැටිලා වුණත්
    අනේ ඔබවත් පෙම් කළානම්
    දුකක් අද මට නෑ තවත්

    තහනම් ද හමුවන්නට ...........


    ගායනය :- රෝස් අලගියවන්න
     
    May 19, 2013
    1,864
    81
    0
    බිම හොවාලා පාළු කන්ද
                හිත පුරාම රූප ඇන්ද තී
    ඔයා කළු උනාට කාරී මන්ද
                මට මනාප නේද සුන්දරී
     
    • Like
    Reactions: m3pium

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Punsiri Soysa,,,,,,,,,,,,,


    එකම මඟක පියවර මැන යන්නයි~

    එකම බිමක සෙවණැලි පැටලෙන්නයි..
    සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි~
    මගේ පැතුම ඔබ මට හිමි වෙන්නයි..
     
    May 19, 2013
    1,864
    81
    0
    වැලේ පිපුණ මල නොවේ වැලට බර
    බිඟුන් සරා වී බැලුම් හෙළා
    හිතේ රැඳුණු පෙම නොම දෙන් රටකට
    මගේ ලොවින් පිට නොයන් පලා



    මගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව
    අගින් එබේ වී හැඟුම් මවා
    ඔබේ පිනට මතු මගේ ගෙපැල ළඟ
    කුසුම් පිපේවා පවන් සළා
     
    • Like
    Reactions: Malinga

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රජ්ජුරුවෝ;16210529 said:
    වැලේ පිපුණ මල නොවේ වැලට බර
    බිඟුන් සරා වී බැලුම් හෙළා
    හිතේ රැඳුණු පෙම නොම දෙන් රටකට
    මගේ ලොවින් පිට නොයන් පලා



    මගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව
    අගින් එබේ වී හැඟුම් මවා
    ඔබේ පිනට මතු මගේ ගෙපැල ළඟ
    කුසුම් පිපේවා පවන් සළා

    :D
    11.gif
     

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    තහනම් ද හමුවන්නට ඔයාව
    හීනෙකින්වත් ආයෙමත්
    හිතේ කහටක් තිබුණෙ නෑ මට
    ඇත්තමයි ඔබ ගැන තවත්
    කවුරුවත් ආදරේ නොකළ මට
    දැනෙන තනිකම මහමෙරක්
    අනේ ඔබවත් පෙම් කළානම්
    දුකක් අද මට නෑ තවත්

    කඳුළු වැටිලා කම්මුලත් තෙත් වීලා
    මතක පෙරදා හිත් කොනේ දඟ කරලා
    නැවත ගන්නට නොහැකි තරමට
    ආදරේ බොඳවී ගියත්
    අනේ ඔබවත් පෙම් කළානම්
    දුකක් අද මට නෑ තවත්

    හිත උතුරනා සෙනෙහසක පැටලීලා
    නෙත අහනවා ඔබ කොහේ ද කියලා
    නැගිට ගන්නට බැරි ම තැනට ම
    ජීවිතේ වැටිලා වුණත්
    අනේ ඔබවත් පෙම් කළානම්
    දුකක් අද මට නෑ තවත්

    තහනම් ද හමුවන්නට ...........


    ගායනය :- රෝස් අලගියවන්න

    Lassana sinduwak....
    Thx machan
     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Ruwan Hettiarachchi.............


    සුරංගනාවී මගේ හඳක් වගේ පායලා~

    හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියවිලා..
    මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා~
    සත්තමයි ආදරේ ත‍ටු අරන් ඉඟිලිලා..
     
    May 19, 2013
    1,864
    81
    0
    රන් කෙන්දෙන් බැඳ

          කිරිලිය සේ දුර පියාසළාලා
                අත්තටු රිදුනා පමණයි
          දෑළ විදාහල දෑත මගේ
                ඔබටත් ඔහුටත් උරුමයි
          හිරු සඳු එකවර දෙපස නැඟේ
                කරුවල ඇයි විජිතයම මගේ


    රන් කෙන්දෙන් බැඳ
    අතැඟිළි එක් කල ආදරයයි
    පෙම් රැහැනින් බැඳ
    සිතුම් වසඟ කල ආදරයයි


            කුණාටු සුළගේ දුහුල් මලකි අද
                   වල්මත් වී පාවෙන්නේ
            ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ
                   මා හෙට දින සමුගන්නේ


          අජන්තා රණසිංහ - සරත් දසනායක
                      නන්දා මාලිනි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උල්කාපාතයක්...

    අළු පාට වළාකුළු කථාවක් වත් නෑ
    තරු නිවී තරු නිවී රාත්‍රියේ...
    සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං
    ගිනි අරන් ගිනි අරන් මොනවත් හොයන්...

    උල්කාපාතයක් අහසේ ගිනි අරන්
    අළු වෙලා පොළවට වැටෙනා උල්කාපාතයක්...

    අහස් කාන්තාරයේ නන්නාඳුනනා ජීවිතේ
    ආලෝක වර්ෂ ගෙවා ආදරේ අරමුණක් සොයා...
    පොළවට වැටෙනා දේවතා එළියක්
    ගිනි ගත්ත තරු එළියක්...


    -Indrachapa Liyanage-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙම්බර නුඹ ඇවිදින් නවතින කොට කාන්සියට
    කිණ්නර කතා පුවත සුන්දර වී රාත්‍රියට
    සුන්කර යන්න නොදී අපි පැතුමන් හදිස්සියට
    රන්කඳ මගෙ ම වෙන්න උපදින හැම ආත්මයට

    සොරබොර වැව් දිය මත රටා තියන සඳ එළියට
    මල්බර හිනා නැගෙයි හමා ඇදෙන නළ රැල්ලට
    සුන්දර හීන එකට අත් අල්ලන් සීරුවකට
    මහගිර අපි නගිමූ කිසි වෙහෙසක් නොගෙන හිතට

    පෙම්බර නුඹ ඇවිදින් ............

    අන්දර මලක් වෙලා ‍සැඟවෙන කොට උණුහුමකට
    කරදර එන්න එපා අපි තනනා කූඩුවකට
    නිලඹර සඳක් වෙලා මල් නෙලමින් වසන්තයට
    පැහැබර හෙටක් තියේ දුක් උහුලපු අතීතයට

    පෙම්බර නුඹ ඇවිදින් ............


    ගායනය :- කවීශා සාරංගි
     
    • Like
    Reactions: DAMER

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රුවල් ඔරුවක නැගී එතෙර.....‍යන්න ‍යමි මා සුව‍ය සො‍යනට......
    මද පවන වී ඔබ රෑ දිවා......සිසිල දොවනා දම් පැන් සුවින්......
    තනිව ඉපැදී තනිව මි‍යැනා.....සසර කෙලවර නොදැක හිඳිනා......
    මිරුඟු දි‍ය ගෙන එන්න දුවනා.....ලොවෙන් සමු ගනිමී දැන් මා......

    එදා සසරේ බුදුන් නොදුටු......පවින් නෙතු අඳුරින් පිරුනු.....
    මතු දිනක මෙන් බුදුන් දකිමු.....පාරමී පුරමින් ‍යමුකෝ......

    පාවුනු දිවි මා වි‍යැකී...... ඇර‍යුම් කලෙමි දුක් සන්තාපේ......
    කර්ම‍ය මා හඹාවිත්.....පිලිසිඳ ගතිමි ‍යකු කුසෙහි......

    දම් දි‍යෙන් මා නැහැවී......නොඇලුනු තෘෂ්ණ සේනාවෙහි.....
    අඳුරින් එලි‍ය දැක සිනාසී.....වි‍යැකී සසර දුක් ගංගාවෙන්......

    බුදුවරු මග පෑදූ මොක් සුවෙහි......
    නොසැලී ධර්ම‍යේ මා දැවටී......
    වෙන්වී සසර දුක් මා සුසුමන්.......
    වටහා ගතිමි ලෝ ධර්මතාව‍යන්.......




     
    • Like
    Reactions: DAMER

    mantha1

    Member
    Jan 6, 2011
    14
    2
    0
    36
    දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට....
    නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට.......
    පිපි මලක් උනා මල් නොපිපුනු තටාකෙට...
    ඔබ අගෙයි ළදේ හෙට අදටත් වඩා මට......

    අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු...
    හෙටත් නගපු දෙන් ඔය කිචි බිචිය සුලු සුලු...
    තිගැස්සී සැනින් ඔබ විය යුතුද බිය ගුලූ
    දකින්නට ලැබෙයි අපිටත් සිසිල අරුනලු.....

    ඔබේ ප්‍රියවදන් පුද දෙන සහන සිතිවිලි....
    අරන් එයි පෙරන් අපමන සුවය සැනකෙලී....
    සුගන්දය ලැබු දින ඇත අවට වෙලි වෙලී......
    මගෙන් රන් මලී කුමටද සැලෙන තරු එලි....
     
    • Like
    Reactions: DAMER and rcccc