පද පේළී - EK LYRICS THREAD PART 2

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
සඳයි තරුයි ‍රැයයි හිරුයි මගේ මේ ලොවේ ...
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ...
මද සිනහා රතු දෙතොලේ..
මට නොපෙනී හද හැකිලේ...

මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමි...
ඒ සිහින සැබෑ ලොවේ මියයනු දුටිමී...
කොවුල් ගීත මගේ සවණේ පිලි‍රැව් දුන්නා...
අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා...

මද සිනහා රතු දෙතොලේ..
මට නොපෙනී හද හැකිලේ
 
  • Like
Reactions: King GBN and DAMER

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ඇසුරෙන් මිදීලා ඔබගේ ලොවෙහී
    සැඟවී හිඳිම් මා වෙන් වී මෙසේ
    නොමැකී තියේනම් ඔබගේ සිතේහී
    මගෙ ආදරේ මා යළි එන තුරා

    රැකවල් සදාලා සීමා මවාලා
    වෙන් වේවිදෝ ආදරේ
    දෙසිතේ කතා වී දළු ලා වැඩී යාවී
    රහසේම ඒ ආදරේ

    කඳුලැල් නිවාලා දෑසින් සිනාසී
    සැඟවී ඉමු මේ ලෙසේ
    කවදාක හෝ මා එනතුරු ඔබේ දෑසේ
    සඟවා තබා ආදරේ

    ඇසුරින් මිදීලා...


    ගායනය - ප්‍රියා සූරියසේන
    "Asurin Mideela"
     
    • Like
    Reactions: rcccc

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලොවම එපා වී... ලොවම කලකිරී...
    දැවී දැවී හිදිනා වේලේ...
    ඔබේ දයාබර එකම වදනකින්...
    මගේ ආත්මය සුවපත් වේ...:(:(:(
     
    • Like
    Reactions: King GBN and rcccc

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා
    වෙනතක් බලා ගියත් අරුංගල් සොයා
    මෙතුවක් නැතේ කළේ වැරැද්දක් මෙමා
    සිහිසන් වෙලා හදේ බොහෝ තැන් මෙදා
    මා ගැන හිතුනොත් අනුකම්පා
    නැවතත් එනු මැන හනික සොයා

    දෙවියන්ටත් භාරහාර වුණා
    ඉටුවේවා කියලා ම ප්‍රාර්ථනා
    මා ගැන හිතුනොත් අනුකම්පා
    නැවතත් එනු මැන හනික සොයා

    ඔබ හැරුනොත් කවුරුවත් ම එපා
    ළඟ රැඳිලා සිපගන්න දෑත් විදා
    මා ගැන හිතුනොත් අනුකම්පා
    නැවතත් එනු මැන හනික සොයා

    තනිවෙන්නෙපා ..................


    ගායනය :- චතුරංග පෙරේරා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හීනයක් ප්‍රේමයක් ඇතකදි දැකලා...

    හීනයක් ප්‍රේමයක් ඇතකදි දැකලා
    ලංවුනා ජිවිතේ ආදරේ තියලා
    ලඟ නැති හින්දා තනිකම වින්දා
    රැවටුන තරමක් ආයෙත් ඔය නෙතු හින්දා...

    නුඹ හිත නැති හින්දා ලඟ කඳුලක් වැටුනා
    මේ නෙතු පිය රිදවා මතකෙන් මිදිලා
    රිදෙන බව නොකියා හැබැහින්
    කඳුලු හිර කරලා
    තවම මගේ හිතේ ඉන්නේ නුඔව රැඳිලා...

    ඉස්සර හිත මකලා අලුතෙන් ලියලා
    තහනම් බව කියලා ඈතට ඇදිලා
    හැඟෙන දුක නොකියා රහසින් තනිය දුර තියලා
    එදා ඔබ දුන්නු හීනේ තවම
    රැඳිලා...

    -රහල් අල්විස්-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හීනයක් ප්‍රේමයක් ඇතකදි දැකලා
    ලංවුනා ජිවිතේ ආදරේ තියලා

    -රහල් අල්විස්-

    පට්ට සිංදුව..
    11.gif
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි..//
    මේ විශ්වයේ මා දකින්නේ
    ඔබමැ පමණයි...ඔබ අනන්තයි..

    වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
    මදුවිතක් උතුරන තැනත් ඔබ...
    තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
    පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ..

    අහස සේ ඔබ අනන්තයි...//

    අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
    රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
    සිසිලසක් දනවන තැනත් ‍ඔබ
    උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..

    අහස සේ ඔබ අනන්තයි...//
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සොඳුර නුඹ ලිහිණියක
    රැයේ අඳුරට හඬන
    මමද ලිහිණියකු වෙමි
    කැඩුනු තටු පිරිමදින

    අහිංසක අප දෙදෙන - තටු කඩා මේ ලෙසින
    සිඳී ගිය ගඟ දෑල - හැර දැමුවේ කවුද
    සඳට දොස් නොකියන්න - සඳ කුමක් කරන්නද
    බාල වයසින් මැරුණ - ප්‍රේමයකි තරු එළිය

    කටුක දුක් විරහ මැද - අතරමංවී ගියද
    අපි තවම පෙම් කරමු - අපේ ජීවිත වලට
    කියාදෙමු පියඹන්ට - අපි අපේ පැටවුන්ට
    නිදහසේ තටු ලැබුන - කුරුල්ලන් වී දිනෙක

    ගුණදාස කපුගේ
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණු විහිදුවාවී ජීවිතයේ

    රැල් නගා ගලන ගංගා දියේ
    මං වසා දමනු හැකිදෝ කෙසේ
    සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
    සදා සැඟව යාවී සාගරයේ

    සිල් බිඳී මුවන් කැලඹූ වනේ
    බිම නොලා නෙලූ ඵල මාවතේ
    සදා ඔබේ ගිම් බෙදාගනිම් මම්
    තැවුල් සැඟව යාවී මාරුතයේ
     
    • Like
    Reactions: King GBN

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න..
    ආරාධනා...//

    නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
    මැකී ගියාදෝ කාලයේ වෙරළේ
    ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
    ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා..
    ආරාධනා...//

    එදා සිඟිති ගී සුවඳින් යුගදිවි අරණේ
    ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
    බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා
    ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
    ආරාධනා...//
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ප්‍රේමය නම් රාගයෙන් තොර
    සඳ එළිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි සුරම්‍යයි

    ප්‍රභාමත් වූ වත මඬළ ඇත
    තවුස් දැහැනක නිශ්චලත්වය
    නයන යුග්මේ රැඳී ඇත්තේ
    භාවනාවක කාන්තියයි

    දොඩන වදනින් ඇසෙයි නිරතුරු
    වනන්තරයක සකුණ මියැසිය..
    දෙතොල් අතරින් ගලා එන්නේ
    ගීතිකාවක ශාන්තියයි

    ගායනය-විශාරද නන්දා මාලිනි
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය - එච්. එම්. ජයවර්ධන
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සියල්ල ඉදිරී ග‍රා වැටුණු දා
    ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
    දැන හඳුනාගත් තනිකම නුඹටත්
    මා‍ හැරයන්නට සිදුවෙයි නැවතත්

    ප්‍රේම තාපයෙන් පර මල් යහනට
    තවත් ළඳක් එයි හෙට දවසේ
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
    මා නුඹ එලවන්නෙද කෙලෙසේ

    ඇ‍ය ‍හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඇය ළඳක් නිසා
    හිටපන් තනිකම ම‍ගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නො‍යා

    හිටපන් තනිකම ම‍ගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නො‍යා...

    ගායනය-සුනිල් එදිරිසිංහ
    ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    ගී තනු - එච්. එම්. ජයවර්ධන
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    T.M Jayarathne...............


    මුළු ලොවම නැති උනත්~
    එකම හදවතක්..
    ඇත ඔබේ නාමයෙන්~
    ඇත ඔබේ නාමයෙන්..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබ නැති දුක තුරුළු කරන්...

    ඔබ නැති දුක තුරුළු කරන්
    මියදෙන්නම් මම තනියෙන්
    ඉන්න ඔබ සතුටින්
    නොයෙන ගමන් ගිය පුංචි ඇස්දෙක වාගේ...

    නොලැබෙන ඔබ ගැනම සිතා
    අසරණ හිත බොළඳ වෙලා
    කඳුළු තියා මට කොහෙද ඔයා අද
    නොයෙන ගමන් ගිය පුංචි ඇස්දෙක වාගේ...

    නොපෙනෙන ලෙස දුරට වෙලා
    සිටියත් මගෙ දෙසම බලා
    අහිමි වුනත් මට තවම ඔබෙයි මම
    නොයෙන ගමන් ගිය පුංචි ඇස්දෙක වාගේ...


    -රහල් අල්විස්-
     
    • Like
    Reactions: King GBN

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    සමනලියා මනලොලියා සුකුමලියා පාමුදුදා.
    මාලා ලා පාට සළු පලඳාලා.
    සඳ නැගෙනා වේලාවේ කොහෙටදො මේ.//

    සුරූපි කුමාරී සිනාසී පාන ඔමරි ලතාවේ
    රෑයාමේ ප්‍රේමයෙ ගී මිමිනෙනවා
    යහනාවේ පාළු මගහරවාලා.සමනලියා...
    /හිනාවේ සරාගි හිනාවේ ඊය සිත බැඳුනාදො.
    රෑයාමේ ප්‍රේමයෙ ගී මිමිනෙනවා යහනාවේ පාළු මගහරවාලා.

    සමනලියා.../

    ගායනය - ආත්මා ලියනගේ
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එකෝමත එක කාලෙක
    නබෝ ගැබ රන් ශ්වෙත වළා
    පළිඟු ගං දියේ වැටෙන තුරා
    සෙල් රූ මෙන් ගල් බංකුවේ සිටියා
    ගඟ අසබඩ ඒ හැන්දෑවේ
    මතකද අපි දෙන්නා...

    අඳුරු වන ගුහාවේ යන ගිලී
    විහඟ අත්ත‍ටු රිදී රේඛාවේ
    දෑස සඟවා හිටියා
    ගඟ අසබඩ ඒ හැන්දෑවේ
    මතකද අපි දෙන්නා..

    පෙඳ පාසි බි‍ඳෙනා ගං දියේ
    අඳුර මකනා සැඳෑ එළියේ
    දෑස සඟවා හිටියා
    ගඟ අසබඩ ඒ හැන්දෑවේ
    මතකද අපි දෙන්නා..

    නදීක ගුරුගේ
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    Kavikaariye - Bathiya n Santhush

    කවිකාරියේ - භාතිය සන්තුෂ්

    උණුහුම විඳ විඳ සියො ලඟ දැනුනේ මායා
    සත්තයි ලඳුනේ ආවේ සඳවත පායා
    සරාගී නුවන් චායා හදේ දැල්විලා මා
    ඔබයි මාගේ පෙම් වස්සානේ //

    කවිකාරියේ (කවිකාරියේ)
    මට හාදු දී (මට හාදු දී)
    ඔබෙ දෑස මානේ හීන වස්සානේ
    මායම් කථා (මායම් කථා)
    මුළු රෑම වෑහී (මුළු රෑම වෑහී)
    ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
    අපෙ ආදරේ දැන් කවි පෙළක් වාගේ
    අපෙ ආදරේ දැන් කවි පෙළක්

    උණුහුම විඳ විඳ දෙතොලේ හැඟුමන් පාලා
    දෑඟිලි දිව්වේ කොපුලේ රුඟුමක් දීලා
    නුරාගී බැලුම් සේයා දසුන් මත් කළා මා
    ඇවිත් නේද පෙම් වස්සානේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුවඳ රොන් විසුල සිත...

    සුවඳ රොන් විසුල සිත නුඹ තියාන ඉඳපන්
    හිත ඉස්මත්තේ පිපුන කටු පඳුරක මල් පුදිනකම්
    මල් සුවඳ වෙන්න උබේ හිත මට විතරක් දීපන්

    මා ලියූ සඳැස් වල එළිවැටට හෙමින් වාරුවෙවී
    පද ගෙතූ හැඟුම වී ඉන්නවා නම්
    කිසිදාක නිසඳැසක් නොලියන්නම්

    වස්දඬුව වගේ නුඹ රතු තොලින් තොලට හාදු දිදී
    අනුරාගී නාද දී කොඳුරයි නම්
    පුළුලුරට වෙන බඳක් නොගෙනෙන්නම්


    -අමල් පෙරේරා-