සීත සුලන් රැලි නෙතු අද්දර හිනැහෙනවා
නීල නයන යුග හිරු එළියෙන් බබලනවා
මල පොකුරක් පිපුන සේ හිරු එළියක් දුටුවා සේ
යුග ගානක ආලවන්තකම් මට දැනෙනවා
මිහිරි මතකයන් හිත අද්දර රග දෙනවා
කෝල කොමළ හිත සිහිලැල්ලෙන් හිනැහෙනවා
රැළි යායක් නැගුනසේ පෙන කැටියක් පිපුන සේ
හිත යයක සෙනෙහෙවන්තකම් මට දැනෙනෙවා
ඒ සිත්වල සුවද සොයා ගනිමින්-ඔබටයි ආදරේ කියමින්
සෙනෙහස දිවියපුරා රකිමින්-මා ලැබූ සොදුරියේ
මගේ හදබැදී සිත්තමක් විලසින්
මිහිපිට දෙවගනක් මවමින්
ඔබමත රන්රුවක් තබමින්
මා දිනු දෙව්ලියේ
සිත අස්වදන්නදෝ මගේ නංගියෝ
නෙතු අද්දර හීන් හිනාවක් නගමුදෝ
දෙසවන ලග හිද කවි මුමුණන්නට
මල් මාවතකට ගෙන යන්නම්
හදවත ලග හිද ආල පුරන්නට
සසර පුරුද්දෙන් මා එන්නම්
ඒ සිත්වල සුවද සොයා ගනිමින්-ඔබටයි ආදරේ කියමින්
සෙනෙහස දිවියපුරා රකිමින්-මා ලැබූ සොදුරියේ
මගේ හදබැදී සිත්තමක් විලසින්
මිහිපිට දෙවගනක් මවමින්
ඔබමත රන්රුවක් තබමින්
මා දිනු දෙව්ලියේ