පද පේළී - EK LYRICS THREAD PART 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වස්සානේ එල්ලී ආ
    මම ද ඒ පෙම් හොරා
    මමයි ඔයාගේ දැන් හිමිකාරයා
    ඉරණම් ගමනේ පවා
    මා වෙනුවෙන් මැවු කෙනා
    මේ භවයේ ආයේ මට හමුවෙලා
    දැන් දැන් ඇස් කතාකරනවා
    යටිහිත මොනවදෝ කියනවා
    ජීවිතේ විඳිනවා
    නුහුරූ පෙම් හෝඩියේ ඉඳන්

    හෝ ගැවසෙනා හුස්මන් පවා
    සිහිකළේ ඔබමයි සදා
    මැවුවේ ම මං ඔයා වෙනුවෙන් තමා
    දැන් දැන් ඇස් කතාකරනවා
    යටිහිත මොනවදෝ කියනවා
    ජීවිතේ විඳිනවා
    නුහුරූ පෙම් හෝඩියේ ඉඳන්

    හෝ ළංවෙලා මියනාතුරා
    ඉමු ඉතින් තුරුළට වෙලා
    සසරේ ම මං ඔයා වෙනුවෙන් තමා
    දැන් දැන් ඇස් කතාකරනවා
    යටිහිත මොනවදෝ කියනවා
    ජීවිතේ විඳිනවා
    නුහුරූ පෙම් හෝඩියේ ඉඳන්

    වස්සානේ .............


    ගායනය :- ගෞරව් ඩගෝන්කර්
     
    • Like
    Reactions: rcccc and DAMER

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    4.gif
    4.gif



    4.gif
    4.gif


    තෝ පරයා මම මේක දැන් දැක්කේ.... :growl:අහුවෙයන් ස්ලේව් අයිලන්ඩ් එකේ... :growl: -rep+++++++:yes:

    picture.php
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ස්‌නේහ වර්ෂා...

    පුත නුඹව හරහට වඩාගෙන
    සිඟිති සුරතල් බලන්නට පෙර
    මව් කුසේ නුඹ චන්ඩිකම් කල කාලයේ
    බඩවතට සවනත තියා
    නුඹේ පා පොඩි සැලෙන හඬ ඇසුවෙලේ
    දරාගනු බැරි ප්‍රේමයෙන්
    උපන්නේ ස්‌නේහ වර්ෂා...

    මහා පොළව හුරතල් කරන්නට
    සතුන්ටත් නෑකම් කියන්නට
    උපන්දා සිට මට කියා දුන් අම්මේ
    ඔබ පිසූ බත් ඇට ගණින්නට
    බැරිව පැරදුනු දවසේ
    දරාගනු බැරි ප්‍රේමයෙන්
    උපන්නේ ස්නේහ වර්
    ෂා...

    වේදනා කඳු ඇතත් හිස මත
    පහන් දැල්ලෙන් තවා කරගැට
    කරටගෙන මා එළිය පෙන්නූ තාත්තේ
    දුක දැනෙද්දී හිනාවෙන හැටි
    නුඹෙන් දැනගත් දවසේ
    දරාගනු බැරි ප්‍රේමයෙන්
    උපන්නේ ස්‌නේහ වර්ෂා...

    -සමන් ලෙනින්-


     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ගුමු ගුමුව වදුලේ

    සිලිසිලිය සුලඟේ
    මුනු මුනුව නදියේ
    කසු කුසුව ගඟුලේ
    අදයි මට ඇසුනේ
    අදයි මට ඇසුනේ.....~

    විහඟ මිහිරාවී
    මුදුහඬින රාගී
    කොතැන තිබුනිද තී
    අද ගයන මේ ගී.....~

    හද බඳුන ඉතිරී
    ගලන මී මිහිරී
    කොතන නම් සැඟවී
    තිබිනිදැයි සොයමී.....~
    -Samitha Mudunkotuwa-
     
    • Like
    Reactions: rcccc and DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආදරයට කඳුළු ගෙනත්...

    ආදරයට කඳුළු ගෙනත් නුඹ ගිය දා දුරස් වෙලා
    කල්පයකට මැවූ පැතුම් මට මාවත් අහිමි කලා
    පිටුපාලා රිදවාලා ඈතට ගියත් ඔයා
    හිත හැඬුවා තනිවීලා කුළුඳුල් සෙනෙහේ සොයා

    හීනයක් වගේ තාමත් අපි ලංවුනු ඒ කාලේ
    හීන කොයිතරම් තිබුනත් නුඹේ නමට මේ පපුවේ
    හීන ලොවේ මා තනිවී ගියත් සමු අරන් රහසේ
    දෑස පියන් මා ඉන්නම් නුඹ එනතුරා පෙරසේ

    මගේමයි කියා කිවු හැටි මතකයි මට ලංවෙලා
    ආදරේ මගෙන් දිවුරා පපුවට ඔය මුහුණ තියා
    සාගරේ තරම් හඬවා ගියත් සමු අරන් රහසේ
    දෑස පියන් මා ඉන්නම් නුඹ එනතුරා පෙරසේ

    -චාමර වීරසිංහ-

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තාමත් ඔයා එනවද කියා
    මං බලනවා නැවතිලා
    හදවත ඉරා තහනම ලියා
    අපිට අපි අමතක වෙලා
    මතක තව තියෙනවා නම් අපෙමයි කියා
    අපි ඉන්නේ ඇයි තනියට කඳුළක් වෙලා

    හිතාගන්නත් බැරි තරමට නපුරුද ඔයා
    හිතේ හුරුපුරුදුම සෙනෙහේ ගිනියම් කලා
    අපි අපේ දුක හමුනොවෙනා දුරකින් තියා
    තව ඉන්නේ ඇයි තනියට හිතවත් වෙලා

    බිඳී ගිය හීනය මැද්දට යළි එයි කියා
    කතා වෙන මේ හිත දැක්කද ඇත්තට ඔයා
    අපි අපේ දුක හමුනොවෙනා දුරකින් තියා
    තව ඉන්නේ ඇයි තනියට හිතවත් වෙලා

    ~Namal Udugama~
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    ඔබ මා හමුවේ නම්
    එකම කතාවක් එකම වතාවක්
    යලිත් කියන්නට
    ඔබ මා හමුවේ නම්…..

    ගායනය – ජගත් වික්‍රමසිංහ
     
    • Like
    Reactions: rcccc and DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Randika Fernando............


    නිල් නුවන් ඔබේ~
    හරි හැඩයි නගේ..
    එපා කඳුලු පුරවගන්න~
    ඔබේ නෙත් දෙ‍කේ..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    tumblr_inline_njgzxuYdz71sek354.gif


    පුංචි දේටත් රණ්ඩු කරගෙන ඔබව මම හඬවන්නැතී...
    ඉවසගනු බැරි තැනම ඔබ වෙන කෙනෙක් අසලට යන්නැතී...
    මතු සසරේ ඔබ ඔහුගේ වෙන බව දිවුරලා අවසන් ඇතී...
    :(:(:(
    :dull:

     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිහිල් නුවන් තුල යහන තනා දෙමි...

    සිහිල් නුවන් තුල යහන තනා දෙමි
    සැතපෙනු මැන සුවසේ

    එවන් වෙලාවක මම මගේ ඇසිපිය
    වසා ගනිමි රහසේ

    ලොවේ තවත් දෙනෙතකට පෙනෙන්නට
    නොයනු මැනවි පිටවී

    සදා මගේ නෙත දසුනම වී ඔබ
    එහි සැනසෙනු මැනවි...


    මගේ හදේ දිනු අරුමැසි ගීතය
    කොඳුරනු ඔබට ඇසේ

    දැනේ එකල වෙන දසුනක් නැති වග
    මට මුළු ලොවම කුසේ...

    මෙවන් හැගීමක් නැත පෙර පහලව
    අරුමෙකි මහා පුදුමයි
    බවෙන් බවේ ඔබ මට හමුවන්නට
    මා පතනා පැතුමයි...

    -ක්ලැරන්ස් විජේවර්ධන-

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Nadeera Nonis..............


    දෙනුවන් පියෙනා කාලයට මගේ~
    වැඩිකල් නැති බැව් හිත කියයි ඔහේ..
    නැතිමුත් වටිනා මුතු මැණික් අතේ~
    තවමත් ඔබටයි ආදරේ කලේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුඹ සුලඟ වගේ ඇවිදින්(Sulanga Wage Awidin Theme Song)

    හිත හදාගන්න තනියෙන්
    නුඹ දෙන්නෙම නෑ මටනම්
    තව ඉන්නේ ඇයිද නොගිහින්
    ඔ‍ය හිත ඔච්චර තනි නම්...


    මට නුඹේ වෙන්න බැරි නම්
    ඇයි කතා කලේ හොරැහින්
    හිත පුරා කලා සෙල්ලම්
    නුඹ සුළඟ වගේ ඇවිදින්...


    නපුරුම ඇයි නුඹ ඔතරම්
    හිතන්නේ ඇයි නුඹ ගැන මං
    ඇයි ලඟින් ඉන්නේ ඇවිදින්
    මගෙ හිතේ ඉඩ නැති නම්...


    ඔය හුස්ම වැටෙන දුරකින්
    මං ඉන්නද නුඹ එනකං
    ඔය කියන කතා බොරු නම්
    මගේ වෙන්නෙම නෑ නුඹ නම්
    හිත පුරා කලා සෙල්ලම්
    නුඹ සුළඟ වගේ ඇවිදින්...


    -Roony & Shanika-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිහිනෙක සේ ඔබ රුව චායා...

    සිහිනෙක සේ ඔබ රුව චායා
    ආදරයෙන් මා හා වෙළුනා
    සිතුවිල්ලක් සේ ඔබ හා බැඳුනා
    නෙතඟට නැගි කඳුලක් වුවා
    සහසක් පැතුමන් මසිතින් උතුරා
    සුසුමක් වී ඔබ වෙත ආවා
    මොහොතක් සැඟවි ඔබ ගෙන් මිදිලා
    සිතිවිලි මගේ රහසේ හැඬුනා

    තරු අඹරේ දිලෙනා රුව නුඹමයි සොඳුරේ
    හද දවනා ප්‍රේමය නුඹමයි මා නිබඳේ
    පැතුමන් ගීලිහී බොඳවී අපගේ
    පතනා සෙනහස ඔබගෙයි මා මේ සසරේ

    නොසිතු මොහොතක මා වෙත පියඹා
    සියොළඟ මගේ උණුහුම් වුවා
    පිනිබිදුවක් සේ ‍රැ කල්ගෙවලා
    හිරු පහනින් මා හැර දැමුවා
    සහසක් පැතුමන් මසිතින් උතුරා
    සුසුමක් වී ඔබ වෙත ආවා
    මොහොතක් සැඟවි ඔබගෙන් මිදිලා
    සිතිවිලි මගේ රහසේ හැඬුනා

    -රනිඳු ලංකාගේ-
     
    • Like
    Reactions: C h o p p e

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ජගත් වික්‍රමසිංහ

    රන් තාරකාවන් දිළෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ළංවෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලී

    මා දෙනෙත අඬ අඳුරේ රඳවා තියා
    සඳවතිය පාවී ගියා
    පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
    මේ හැටිම නපුරුයි කියා

    මා උන්නේ දොර කවුළු හැරදා තියා
    ඔබේ සුවඳ ඒ යැයි කියා
    නිදි නොමැති නෙත් අඟට කඳුළක් තියා
    මුළු රෑම ගෙවිලා ගියා

     
    • Like
    Reactions: rcccc

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    මේ මල් මාවතේ
    ඔබ සොයලා දිව එන්නම්..
    හදේ පිවිතුරු ආදරේ
    ඔබට සදා පුද දෙන්නම්..
    ඔබ ගැන මම සිතුවා
    මුලු රැ නිදිවැරැවා
    දහසක්‌ පැතුම් සිත තුල සිරවිලා
    පවසන්නේ ඇත්තමයි
    ඔබට මම අදරේ ....
    දෙව් විමනින් බැස හා
    දෙව් ලියකැයි සිතුවා
    ඔබ හැර කිසිදා යන්නට නම් බැරුවා
    පවසන්නේ ඇත්තමයි
    ඔබට මම අදරේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මා ඔබේ රූ සිරි ආදරෙන් දකින්නෙමි
    මා ඔබේ ආදරේ මා හදේ රකින්නෙමි
    හිරුයි සඳුයි වගේ රැයයි තරුයි වගේ
    මලයි පෙතියි වගේ අපේ සෙනෙහේ අගේ

    යෞවනේ සෙනේ සිහිනයක් නොවේ
    මල් වගේ හැනින් මිලාන වී නොයේ
    මී විතක් වගේ අපගේ ආදරේ
    වාසනා මවයි ජීවයේ

    රන් රුවන් පුදා ලබන්න බෑ ලොවේ
    ආදරේට ආදරේම ඕනවේ
    ආදරේ තරම් උතුම් දෙයක් ලොවේ
    ලංවෙලා විඳින්නකෝ සුවේ
     
    • Like
    Reactions: rcccc