පද පේළී - EK LYRICS THREAD PART 2

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව

    වෙන්වීමේ සහ බිඳුණු හදවතේ දුක්බර බව කෙසේ කියම්ද,
    පරිපූර්ණවූ ප්‍රේමයක් එසේ නොවේමැයි,
    ඊළඟ මොහොතේ කෙසේ ජීවත් වෙම්ද?
    ඇවිද යයි ඒ දුක්බර බව මා සමගින් මේ මොහොතේ...

    සැනෙකින් අඳුර හා එක්වන දීප්තිමත් වූ රාත්‍රීන් තිබේවි,
    එසමගින් දැනේවි චන්ඩ වූ සූර්‍ය රශ්මිය,
    ඔවුන් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට...

    පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
    මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
    පවසන්න මාහට ඇයි ඔබ හා මා එක්ව නොවිසිය හැක්කේ?
    පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ...

    ජීවිතය ගලා යයි කිසිදා නොනැවතෙන ලෙසින්,
    නොසෙල්වෙන ඇසිපියෙන් බලා සිටී ලෝකය දෙස,
    නමුත් ඔවුන් කිසිදා කිසිත් නොපවසාවි,
    තවදුරටත් බලා සිටීවි නිසොල්මන්ව මා දෙස...
    නිමනොවෙන ප්‍රේමයකට මග පෙන්වන වැරදි මං පෙත්,
    දරාගත නොහැක තවදුරටත්,
    පවසන්න ඔබ මා සමගමද?
    ඔවුන් නැවතත් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට...

    පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
    මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
    පවසන්න මාහට ඇයි ඔබ හා මා එක්ව නොවිසිය හැක්කේ?
    පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ...

    සැඟවීමට හෝ පලායෑමට නොහැක මා හට,
    යටත්කර ගනිමි මගේ සිත, ගත හා හදවත,
    මෙලෙස සිතන්න,
    එය කෙසේ වේවිද ඔබ මාහට පැවසූවොත්
    ඔබේ සැඟවුණු හැඟීම් මා හට මවා ගන්නා ලෙස...

    සිහිවේ ඔබ මා හදේ නිරන්තරේ...
    නමුත් පවසන්න මාහට ඇයි ඔබ හා මා එක්ව නොවිසිය හැක්කේ?...

    පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
    මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
    පවසන්න මාහට ඇයි ඔබ හා මා එක්ව නොවිසිය හැක්කේ?
    පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ...

    ---BSB---​
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හිමගිර මට වැලි අහුරකි මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි ඔබ සැනසේ නම්

    පිනි බිඳකින් මුතු අමුණමි දිනිසුරුගෙන් සීතල දෙමි
    කඩු තුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනසේ නම්

    මියුරු කල්පනා නෙතක දැල්වුණා
    අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුණා
    වරෙක නැළවුණා වරෙක ලතැවුණා
    නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැළවුණා
     
    • Like
    Reactions: DAMER

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දරු දුක උහුලා තනිව වැළපෙනා
    බුදුබව ලබනා පියවරු වෙසෙනා
    පූජා පූජා වේවා

    මහමෙර වැනි බර සිතින් උහුලනා
    කඳුළලි දුක නෙතින් සඟවනා
    දරු දුක උහුලා තනිව වැළපෙනා
    බුදුබව ලබනා පියවරු වෙසෙනා
    පූජා පූජා වේවා

    මව් ඇති දාටත් සෙනෙහස පුදනා
    මව් නැති දාටත් තුරුලේ රකිනා
    සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
    බුදුබව ලබනා පියවරු වෙසෙනා
    පූජා පූජා වේවා
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Felix Anton................


    මුතු මොටද සොඳුර ඵල නැතී~
    ඔබ කරන විටදි ප්‍රියගතී..
    එනු මැනවි සුළඟේ එති එතී~
    මගේ කුටිය වෙතට දුර ඇතී..
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1


    රන් හිරු මඩලින් සිහිලස අයදිනවා
    පුන් සද පහනින් උණුසුම අයදිනවා
    ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
    ගිරිහිස ඉදුවර සොයමින් ලතැවෙනවා

    සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා
    කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා
    ගිලිහෙන දියරැලි මාලා නෙත පුරවාගෙන නෙක මායා
    මිනිසුන් සැමදා සිහිනෙක සැතපෙනවා

    ගමනේ මංපෙත දවසක නිමවෙනවා
    ලදදේ කල කීදේ හිත හඩවනවා
    නිරවැරදි හැම සගවාලා වරදට මල්දම් දාලා
    රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    නිය රටා මවනවා අපතරේ වූ කතා
    රැය පුරා උණුහුමේ මල් පෙති තලා

    සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා
    ආදරෙන් නග්න වූ හිමිකම් සොයා
    උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය
    ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා

    සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන්තලේ වැතිරී
    අද තනිකම ඉතිරි වී
    සද ඇතිරිල්ලේන් වෙලී තනිවුනා

    කාමරේ මුළු පුරා
    නෙක සලුපිලි තනිවෙලා
    මා සිතින් හඩනවා
    දෙස බල බලා

    මං මුලා වූ සිතින්
    මා මල් සුවදක් විදිනවා
    බැදීම්ක් ඇති රුවක් හා මා වෙලී

    උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය
    ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා

    සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන්තලේ වැතිරී
    අද තනිකම ඉතිරි වී
    සද ඇතිරිල්ලේන් වෙලී තනිවුනා

    සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන්තලේ වැතිරී
    අද තනිකම ඉතිරි වී
    සද ඇතිරිල්ලේන් වෙලී

    සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන්තලේ වැතිරී
    අද තනිකම ඉතිරි වී
    සද ඇතිරිල්ලේන් වෙලී තනිවුනා
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    සංසාර සිහිනේ පෙර මග මා සිටියා…

    කවදාද නුඹ එන්නේ…

    ආදර දේදුන්නේ

    අඩවන් නෙතු විහිදා

    මා නුඹේ කුමරා…
    සංසාර සිහිනයේ…

    මා නුඹේ.. කුමරා…

    මා නුඹේ කුමරා…
    පියමැන එන්න

    මේ.. සිහිනේ සිරකාරිය වන්න…

    තුරුලට එන්න

    පවසන් නුඹ මගෙමයි කියා කුමරී…

    පියමැන එන්න

    මගේ සිහිනේ සිරකාරිය වන්න…

    තුරුලට එන්න

    පවසන් නුඹ මගෙමයි කියා
    සංසාර සිහිනයේ…

    මා නුඹේ කුමරා…

    මා නුඹේ කුමරා……

    මා නුඹේ කුමරා…

    මා නුඹේ කුමරා…….
    සිහින දකින්න…

    මේ සිහිනේ හිමිකාරිය වන්න

    දිවියට එන්න…

    පවසන් නුඹ මගෙමයි කියා කුමරී

    සිහින දකින්න…

    මගේ සිහිනේ හිමිකාරිය වන්න…

    දිවියට එන්න…

    පවසන් නුඹ මගෙමයි කියා…

    සංසාර සිහිනයේ…

    මා නුඹේ කුමරා…
    සංසාර සිහිනේ

    පෙර මග මා සිටියා…

    කවදාද නුඹ එන්නේ…

    ආදර දේදුන්නේ

    අඩවන් නෙතු විහිදා…

    මා නුඹේ කුමරා…
    සංසාර සිහිනයේ

    මා නුඹේ කුමරා…

    මා නුඹේ කුමරා……

    මා නුඹේ කුමරා…

    මා නුඹේ කුමරා……
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිය රටා මවනවා අපතරේ වූ කතා
    රැය පුරා උණුහුමේ මල් පෙති තලා

    සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා
    ආදරෙන් නග්න වූ හිමිකම් සොයා
    උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය
    ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා

    Adamayi meka ahuwe.kauda sing karanne?
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    තව දවසක් හමු වී ඉමු මේ භවේ
    එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
    ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
    තව දවසක් හමු වී ඉමු මේ භවේ

    මදපවනේ මුසු කෙරුවේ
    යළි නොඑනා මතක අපේ
    නිදි පැදුරේ ගෙවන පැයේ
    සිහි කෙරුවා සුවඳ ඔබේ
    ජිවිතේ පාළුයි මගේ

    තව දවසක් හමු වී ඉමු මේ භවේ
    එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ

    තරු දෙවැටේ පිපෙන සඳේ
    දුක වැඩලා ලොවට අපේ
    කිරි සයුරේ මුතු පතුලේ
    සැඟව ගියා මැණික මගේ
    ආදරේ ගීයක් වගේ

    තව දවසක් හමු වී ඉමු මේ භවේ
    එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
    ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
    තව දවසක් හමු වී ඉමු මේ භවේ


    ගායනය - කීර්ති පැස්කුවෙල්
    සංගිතය - රදීෂ් වැන්දබෝනා

    :(:(:(:(:(:(:(:(
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Shane Zing..................



    රහසක් වගේ රකිමින් හිතේ~
    මියැදෙන තුරා රකිමී මේ ආදරේ..
    සෙනෙහස මගේ අඩු නෑ හිතේ~
    මට වටිනවා තවම ඔබේ ආදරේ..
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83


    මේ සඳ වුනත් පායා ඇවිත්..
    ඉස්සර වගේ එලිය දුන්නා වුනත්..
    මේ හුලඟමත් ආයෙත් ඇවිත්..
    නුඹ ඉද්දි දුන් සිසිල දුන්නා වුනත්...

    පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා වුනත්
    මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
    හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම්දෝ............

    මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
    ආයේ නම් රැය අවසන් වේ...

    ආයේ හිරු නැ...හෙට හුලඟත් නැ..
    නුඹ ආවත් මේ රැය නැ...
    ආයේ නුඹ නැ...දුක් කදුලුත් නැ...
    රැය ආවත් මම නැ......

    මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
    ආයේ නම් රැය අවසන් වේ...

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ
    ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
    පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ
    මල් යහනාවේ පුතු නැළවෙන්නේ~
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ

    නුඹටත් ළමයෝ නොපෙනේ නොසිතමි
    අඹ ඇටයක් සිටුවන්නට හාරමි

    දුකසේ සිටුවා අඹ ඇටයක් අද
    එක අඹයක්වත් කන්න ලැබේවිද


    මම ළමයෝ මින් අඹයක් නොපතමි
    යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

    තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
    කරන්න හැකිදේ නොම තේරෙයි මට

    පුදුමයි ළමයෝ නුඹෙ ඔය අදහස
    හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස


    පෙර උන් අය සිටවූ අඹගස් වල
    ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල

    අපෙන් පසුව එන අයටත් එම ඵල
    ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

    ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි​


    පද රචනය - ටිබෙට් ජාතික එස් මහින්ද හිමි

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ

    නුඹටත් ළමයෝ නොපෙනේ නොසිතමි
    අඹ ඇටයක් සිටුවන්නට හාරමි



    පද රචනය - ටිබෙට් ජාතික එස් මහින්ද හිමි

    පට්ට, පොඩි කාලේ මතක් උනා.. :love:
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    සුන්දර සොබාදහමේ විත් සඳ පෑදී
    නිල්වන් සිසිල් දිය පෑදිල බොර සේදී
    නිවුනෙමි, සැනසුනෙමි සැම දිනයේදී
    අප හිත් සුවපත් වුනා "භාතියගේ ආදරයේදී"...:love::love::love:
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    අපි ආයෙත් හමු නොවුනා නම්
    ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
    යළි ඉපදී මා හඬවන්නට
    අපි ආයෙත් හමු නෙවුනා නම්...

    ඔබ නාඳුනනා විරහ වේදනා
    පෙරදා වින්දේ මා පමණයි
    හුඟ කලකින් හමුවී සෝළතැවුල්
    අදත් විදින්නේ මා පමණයි

    අපි ආයෙත් හමු නෙවුනා නම්...

    සමුගන්නට නම් අහිමි ආදරෙන්
    ආයෙත් ඇයි අප හමුවන්නේ
    ආදරයේ කඳුළින් මිය යන්නද
    ජීවිත ඉරණම විසදෙන්නේ

    අපි ආයෙත් හමු නෙවුනා නම්...

     
    • Like
    Reactions: DAMER