පද පේළී - EK LYRICS THREAD PART 2

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83

    කඳුළු දෙන්න මට හඬන්න
    සත් සමුදුරු ගොඩ ගලන්න
    සුසුම් දෙන්න මට හෙලන්න
    සක්වල ගල සසළ වන්න..

    හිත උපන්න ආලවන්ත
    ඒ රුව කෝ මට කියන්න
    මගේ තනියට මා පමණයි
    ඇය එවන්න මා බලන්න

    කඳුළු දෙන්න මට හඬන්න...

    ලිහිණියනේ පියාඹන්න
    ඇය ඇති තැන සොයා යන්න
    මා මිය යන බව පවසා
    ඇය එවන්න මා බලන්න

    කඳුළු දෙන්න මට හඬන්න..

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
    ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
    නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට
    හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට.....

    දූවිලි හුළඟින් පිරුණත් ඉපදුන නගරේ
    මට නුපුරුදු ගමට එන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
    මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ
    මේ නගරයේ කූඩු වෙන්න බෑ - ගම්මානය අත්හරින්න බෑ

    අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ
    අතැර නුඹට ගමට යන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
    මගේ සිතෙන් නුඹ සිතනා මතු යම්දවසේ
    මේ නගරේ පාළු වෙන්නෙ නෑ - මං තනියෙන් ගමට යන්නෙ නෑ

    හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
    ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
    නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට
    හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට.....

     

    නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිණි මල් මතින් වඩිනු දෙව්ලියේ
    රතු තඹර මල් සුවඳ විහිදා බිඟුන් බමනා ඈ වටා

    ඇගේ නිකිණි සිනහ මල් කිණිති සැලෙන විට
    දැනෙන දැනෙන හැඟුමන්
    රණ තිසරු රුවැති ඇගෙ ලකල් ළමැදෙ මම
    සිහින සිහින වින්දෙම්

    සප්ත ස්වරයයි , සුවඳ හමනා...
    සප්ත ස්වරයයි ඒ,සුවඳ හමනා...

    හිත පුරා විසිරි මුතුලතා..
    ඉහිරුනා රුවැති හද පතා..
    හීන මුසු වුනු පාට තැවරුනු
    දෑස අභියස නැවතිලා..
    ඇගෙ නිකිනි සිනහ මල් කිනිති සැලෙන විට
    දැනෙන දැනෙන හැඟුමන්...
    රණ තිසරු රුවැති ඇගෙ ලකල් ළමැදෙ මම
    සිහින සිහින වින්දෙම්...

    ගායනය : රූනි
    පද රචනය : හසිත විතානගේ
    සංගීතය : නයන කරුණානායක
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland


    හිත පුරා විසිරි මුතුලතා..
    ඉහිරුනා රුවැති හද පතා..
    හීන මුසු වුනු පාට තැවරුනු
    දෑස අභියස නැවතිලා..
    ඇගෙ නිකිනි සිනහ මල් කිනිති සැලෙන විට
    දැනෙන දැනෙන හැඟුමන්...
    රණ තිසරු රුවැති ඇගෙ ලකල් ළමැදෙ මම
    සිහින සිහින වින්දෙම්...


    ගායනය : රූනි
    පද රචනය : හසිත විතානගේ
    සංගීතය : නයන කරුණානායක

    පට්ට සිංදුව බන්.. :love:
     
    • Like
    Reactions: amoeba2576

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සෙනෙහස උතුරා වාං දමන කොට
    සොරොව්වෙ දොරගුළු වහන්නෙ කොහොමද
    මා හද වෑ බඳ නම් රලපනාව
    උසුලන බර නුඹ නොදනියි මිහිරිය.....


    අතුරා දිය රැළි පාවඩ සීතල
    මග සරසා ඇත නුඹ පිළිගන්නට
    පිපෙන්න මා හද වැවේ ගැඹුරු තැන
    සියපත ඉඳුවරයක් ලෙස දෙව්දුව......

    නියඟය නොඑනා බව නම් සත්තයි
    වෑ බඳ මහමෙර පරදන සවියයි
    වැව් දිය බර රලපනාව උසුලයි
    පිපෙන්න මේ වැව තැනුවේ නුඹටයි.....
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සාගරේ තරම්
    ආදරේ අරන්
    සරා සිහිනයේ නැවතිලා

    පිරූ මතකයෙන් සිනා මල් හොයන්
    පැතු සේ මා සිතුම් පුදලා
    නුරා මල් හැඟුම් ඇහැරලා
    සදා ජීවිතේ නුඹ වෙලා

    ආදර කවියේ දුරක ගිහිල්ලා
    ජීවිත හීනෙට පාටක් දුන්නා
    හීසර හිත යට කොනකින් තියලා
    සුළඟට ඒ පෙම් කතාව කිව්වා

    තනිකම රෑ තුරුලේ උන් දා
    හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා

    සාගරේ තරම් ආදරේ අරන්
    සරා සිහිනයේ නැවතිලා
    පිරූ මතකයෙන් සිනා මල් හොයන්
    පැතු සේ මා සිතුම් පුදලා

    පාවෙන සුසුමේ උණුහුම හංගා
    හීතල දෙතොලින් දෙකොපුල ඉම්ඹා
    සාගර රළ හා තනුවක රංදා
    ආදර ගීයම කවියක් ලිව්වා
    ඇසි පිය ගෑ ඒ සිහිනේ දුටු දා
    සෙනෙහෙට ගැඹුරක් කොහෙන්ද මංද

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිරු ලස්සනයි සඳු ලස්සනයි
    හිරු සඳු වාගේ ඔබ ලස්සනයි

    අවිහිංසකයි ඔබ අවිහිංසකයි
    මානෙල් මලක් මෙන් අවිහිංසකයි
    දෝතින් නෙලාලා සුරකින්නෙමී
    කඳුළින් දොවාලා පුබුදන්නෙමී

    හිරු ලස්සනයි ..................

    ඔබ සුන්දරයි ඔබෙ සිත සුන්දරයි
    මා පින්බරයි ඔබ ලැබුවේ මමයි
    දේවත්වයෙන් පිදු සෙනෙහේ කුසුම්
    පරවී නොයේවා සසරේ සොවින්

    හිරු ලස්සනයි ..................


    ගායනය :- අතුල ශ්‍රී ගමගේ
     
    පියමැන්නේ ඇයිද එසේ
    රිදවාලා මසිත මෙසේ
    දුර ගවුවෙ මා ඉන්නේ
    මතකයේ රැදුනා ඒ සිතුවිල්ලේ
    සෙවනැලි මාවතේ ඇදි ඒ ජිවිතේ
    රැලි මත සාගරේ මතුවේවා සදා මේ සිහිනේ

    සියුමැලි රැදි ඒ දෙකොපුල් කී කතා
    ඇසේ සවන පුරවා මගේ දෑනේ
    අත්වැල බැදගෙන වැල්ලෙ ඇදි ඒ රූ රටා
    මැකි ගිය රැල්ලෙන් විසර රැයේ

    සිත ගත්තේ නැතුව නොවේ
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
    හද අරනේ රැදුනු සෙනේ
    පුබුද සොයනු දැනේ
    නැතුවත් මේ භවේ
    මතු එන ජිවිතේ සැමද ඒ සෙනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පසිඳුරන් පිනවූ මේ මනු ලොවේ ඉපදී
    සැනසුමක් කියලා හිතාලා ගණඳුරෙන් රැවටී
    මිරිඟුවක් සොයාලා දිවා රෑ මීවිතෙන් සැනහී
    ලෝ සතුන් යනවා නිමක් නෑ මෝහයේ දැවටී

    මහමෙරේ මෙරු සේ දවාලා පියාපත් තණ්හා
    ආදරේ කියලා සෝයා යති වේදනා ආශා

    පසිඳුරන් පිනවූ මේ .............

    දල්වලා මනසේ පහන් ටැඹ අඳුර විනි විදලා
    කඩතුරා ඉරලා බලමු ලොව මෙත් නුවණ් ඇරලා

    පසිඳුරන් පිනවූ මේ .............


    ගායනය :- භද්‍රජි මහින්ද ජයතිලක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගමන නොනිමෙයි ‍ලෝකයේ මේ
    පුරුදු ජීවන මං තලේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    වැටෙන මල් පෙති පාවුණා‍ වේ
    සුළං රැළි ඔහෙ යන අතේ
    යලිත් ගහ කොළ පාළු නෑනේ
    රිකිලි නංවා ලියලැවේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    ගමන නොනිමෙයි .....

    කොහේ ද සීතල ජලාශයක රැළි
    ගැටී ගැටී එයි සුළං වැදී
    අපේ ම සිරුරේ අපේ ම ඩාදිය
    නිවී නිවී යයි සුළං වැදී
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    ගමන නොනිමෙයි .....

    ගලා බසී දිය පහර සෙමින්
    වැලිතලා සදා සමතලා බිමේ
    හැපී ගලක යලි සලා වැටුම් දී
    නඟා නඟා හඬ දිවේ දිවේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    ගමන නොනිමෙයි .....


    ගායනය :- නාරද දිසාසේකර
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තුරුලේ නිතර සතපා
    පැතු ලෝකෙ මට ගෙන ආ
    හරි ලස්සනයි ඔබගේ ආදරේ මටනම්

    දෑත මගෙ පටලා
    දුර ඈත යමු දෙදෙනා
    මට ඉස්තරම් ඔබගේ ආදරේ හැමකල්

    ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල් අත්වුණේ
    මොන දේ වුණත් ඔබටයි සදාකල් ආදරේ

    රැඳිලා මේ හිත මානේ
    හැමදා මා පණ වාගේ
    ඔබමයි මාව ජීවත් කළේ
    කිසිදා නෑ හැර යන්නේ
    හිතෙනා කල් දිවි මගේ
    ආසයි ඉන්න දැවටී හදේ

    ඔබගෙන් තරම් .........

    දැනෙනා සීතල යාමේ
    හැමදා ඉන්නට ඕනේ
    සිනහා පැළඳ මුවගේ මගේ
    උපමා නෑ පබඳින්නේ
    ඔබමයි මා නමඳින්නේ
    අපගේ ප්‍රේම පූජාසනේ

    තුරුලේ නිතර සතපා .........

    ගායනය- චිලී තිලංක
     
    Last edited:
    • Like
    Reactions: Malinga

    Captain jack sparrow

    Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
    සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
    එදා නැගුණු ආදර කැක්කුමට මගේ
    ජාති ජාති නුඹ මට වාසනා නගේ

    අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ
    මාල පොටේ මුතු අමුණා මුවග අගේ
    දෙපෝදාට අහසේ තරු රෑන වගේ
    ආල සිතක් බැඳුණයි රන් රුවට නුඹේ

    නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
    සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
    එදා නැගුණු ආදර කැක්කුමට මගේ
    ජාති ජාති නුඹ මට වාසනා නගේ

    නළල් තලට මුතු තැලි පට කිමද දඟේ
    අතැඟිල්ලට රන් මුදුවක් නොවෙද අගේ
    ළතැවිල්ලට මංගල පෝරුවක් කොහේ
    සැනසිල්ලට දුරු රටකට යමුද නගේ

    නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
    සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
    එදා නැගුණු ආදර කැක්කුමට මගේ
    ජාති ජාති නුඹ මට වාසනා නගේ

    ගී පද - සුනිල් ආර්. ගමගේ
    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත් අහසට පායන සඳවත ඔබනම්
    නිල් දෑසින් දුන් හිනාව මගෙ ළඟ තියපන්
    ඔය හීනෙම ඉන්නට ඉඩ දෙනවානම්
    ළඟින් ඉදන් සැමදා ඔබගේ වෙන්නම්
    සංසාර පෙම් හීනයේ
    සංවේඝනා මාරුතේ
    හිත් අහසෙ ඇඳි ජීවිතේ
    පින්තාරු කෙරුවා හදේ

    කොල් බැල්මෙන් පාන සෙනෙහෙන්
    ඔබ මාගෙමයි මට දැනේ
    පේන දසුනින් ගේන හැඟුමින්
    මගෙ හීනෙ මන්මත් කළේ

    හිත් අහසට ..................

    නීල නෙතුනම් බැල්ම දුන්නත්
    ඔය දෑසෙමයි නැවතුනේ
    කෝල කම්නම් නෑනෙ මටනම්
    ලංවෙන්න ආසයි පනේ

    හිත් අහසට ..................



    ගායනය :- රකිත, මනෝජ් හා සදලි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට ඔයා මගෙ පණ වගේ
    ළඟ නැතත් මගෙ ළඟ වගේ
    හිත පුරා රැඳි සෙනෙහසින්
    ඔබ මවෙත පිදූ දේ ආදරේ

    ඔයා මගේ පණ වාගෙලූ
    මට දරාගන්න බැරි ඒකලූ
    හිනා වෙන්නෙ සඳ වාගෙලු
    මට බලා ඉන්න බැරි ඒකලූ
    සඳ හොරා ගත්තේ එක රෑකලූ
    මට හිතා ගන්න බැරි වෙන්නලූ
    මට නිදාගන්න බැරි ඒකලූ

    මට ඔයා මගෙ පණ වගේ ............

    ඔයාවමයි මට ඕනෙලූ
    මට කියාගන්න බැරි ඒකලූ
    ඔයාටමයි මං ආසලූ
    මට ඔයා නැතිව බැරි ඒකලූ
    අපි හිනාවූනේ එක පාරලූ
    රෑ හීනෙන් පේන්නෙ මාවලූ
    මං ඒ හීනේ හරි ලස්සනලූ

    මට ඔයා මගෙ පණ වගේ ............

    මට හොරා මගෙ ළඟට එයි
    අත අරන් මට තුරුළු වෙයි
    හිත පුරා රැඳි සෙනෙහසින්
    ඔබ මවෙත පිදූ දේ ආදරේ

    මට ඔයා මගෙ පණ වගේ ............


    ගායනය :- දිලුම් හා සමීර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීතල වැස්සේ තෙමෙන්න ආසයි ඔයාව තුරුලුකරන්
    උණුසුම ඔබගේ විඳින්න ඇත්නම් පපුවට මුහුණ තියන්
    සුරතල් තාලෙට කථා කියන ඔය මුව මත දෙතොල තියන්
    හාදුවකින් මුව තෙමන්න ලෝබයි ඔය නෙත් දිහා බලන්

    ලෙන්ගතු තාලෙට සිනහ නඟන විට
    අන් නෙත් ඔබ ළඟ බැඳෙයි කියා
    ඉරිසියාවකුත් හිතට නැගෙනවා
    සත්තයි ඒ ඔබ මගේ නිසා
    සත්තයි ඒ ඔබ මගේ නිසා

    සීතල වැස්සේ ................

    ඔයත් එක්ක තනිවී ඉන්නා විට
    මට වෙන මොනවත් ඕනෑ නෑ
    අතැඟිලි අතරේ පොඩිවෙන කම්පෙති
    රතුවෙන විට ඉවසන්නත් බෑ
    මේ සිත මටනම් කීකරු නෑ

    සීතල වැස්සේ ................


    ගායනය  :- රොෂාන් ෆනෑන්ඩු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ දැනුනේ දැනුනේ ඔය නෙතු මගේ දිහා
    නිතරම බලලා බලලා ආදරෙ නොකී නිසා
    කාටත් රහසින් රහසේ නුඹ මට ඉඟි කරලා
    ආයෙත් ආයෙත් මාගේ හීනෙක තුරුලුවෙලා
    හිතක් රිදෙන තරමට හිත හිරිවැටිලා
    දැනෙන්නේ ම ඔය නෙතු මගෙමයි කියලා
    ආදරේ හෙව්වා නුඹට ළංවීලා මං
    අතින් අල්ලාලා ආදරේ කියලා මං
    ආදරේ කියලා නුඹට ළංවීලා මං
    අතින් අල්ලාලා ආදරේ කියලා මං

    තනියක් දැ‍ණුනේ දැණුනේ නුඹ මගෙ ළඟට වෙලා
    තාමත් නෑනේ නෑනේ කියලා හිතුන නිසා
    ආයෙත් මාගේ දෙනෙතේ කඳුළැල් සැරසීලා
    ඔය නෙතු මානේ ඉඳලා හිත මගෙ සැනසීලා
    හිතක් රිදෙන තරමට හිත හිරිවැටිලා
    දැනෙන්නේ ම ඔය නෙතු මගෙමයි කියලා
    ආදරේ හෙව්වා නුඹට ළංවීලා මං
    අතින් අල්ලාලා ආදරේ කියලා මං
    ආදරේ කියලා නුඹට ළංවීලා මං
    අතින් අල්ලාලා ආදරේ කියලා මං

    මාගේ ම වීලා නුඹ ඉන්නේදැයි කියා
    මුලු රෑ එළිවෙන තුරා හිත ඇහුවා
    ආදරේ හෙව්වා නුඹට ළංවීලා මං
    අතින් අල්ලාලා ආදරේ කියලා මං
    ආදරේ කියලා නුඹට ළංවීලා මං
    අතින් අල්ලාලා ආදරේ කියලා මං


    ගායනය :- රකිත් වරවිටගේ