පද පේළී - EK LYRICS THREAD PART 2

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් ඔබයි
පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි

සිත තනිකලෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි

Artist : Karunarathna Diwulgane
Lyrics : Yamuna Malani Perera
Melody : Gunadasa Kapuge
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කඳුළින් අවසන් වන පෙම් පුවතක
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ

හිර කරලනු බැරි සෙනෙහ හැඟුම්
දිය උතුරා පිටාර යයි දෙනෝදහක්
ඇස් වලින් රිදුම් ලැබ පෙම් සිත බලා හිඳියි

උහුලා ගනු හැකිවෙද මේ සෙනෙහස සිඳී බිඳී යා නම්

මහිකත රැඳි තුරු ලතා ගුලාවක සඟවා මා පැතුමන්
පියා සලන්නට එපා බිඟුන් ලෙස රහසින් දැක
අන් මල්උහුලා ගනු හැකිවෙද ඔබෙ උණුහුම නිවී මැකී යා නම්

ගායනය : දමයන්ති ජයසූරිය
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්
තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා
කියල කියනවා

මා ඔබත් එක්ක දිගට කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා
ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
යමුද අහනවා

සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
තරු මාත් එක්ක ප්‍රේම කතාවක්
වරදක් නැහැ කියනා
කවුරුත් නොම එයි සිතෙනා
සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
එන්න අහනවා

මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

Artist : Karunarathne Diwulgane
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සරා සඳේ සිනා සේලේ
ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ
සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා......

වැතිරී සීත මීදුම් යායේ
හදේ වේදනා
හඬා වැටේ එදා ඇසූ
ඔබේ ගීතිකා

සරා සඳේ......

සැඟවී ඈත මේ හිම යායේ
කොහේ පාවෙලා
මිලාන වී ගියාද ඒ
සිනා වාසනා

Artist : H. R. Jothipala
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දකින්න ආසයි හිමිදිරිය වගේ
    දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ
    බලන්න ආසයි හඳ එළිය වගේ
    ඉඹින්න ආසයි මල් සුවඳ වගේ

    ඇස් දෙක කරනා පෙම් කතා
    දැක අහල පහල අය ලැජ්ජ වෙලා
    මුහුණ පුරා නැඟුණු පෙම් සිනා
    දැක මගෙ හිත හොඳට ම කෝල වෙලා

    දකින්න ආසයි ..................

    වරද ‍කළේ ඔබ‍ ම නොවේ ඔබේ ඇස් දෙකයි
    බලන්න එපා ඔය විදියට මට ලැජ්ජ හිතෙයි
    මල් පෙත්තක් වගේ ඔබේ මූණ සිඹින්නට පෙරුම් පුරයි
    එකට ඉඳන් මං හීන දකින්නට හරි ආසයි


    ගායනය :- අසංග ප්‍රියමන්ත පීරිස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවන ගීතයෙ පසුපස ‍වැයෙනා
    මිහිරි තනුව වෙන්නම්
    සෙනෙහස් සුසුමද ඔබ වෙනුවෙන්
    මන් ළයේ තබාගන්නම්

    දුක් කරදර ළඟ ඔබ වැටෙනා කළ
    සිත දිරියක් වෙන්නම්
    සතුටු සිනා රැළි නැගෙනා විටදිත්
    ඔබේ ළඟින් ඉන්නම්

    ජීවන ගීතයෙ ................

    ඔබේ ලෝකයට පසලොස්වක සඳ
    ලෙසින් එළිය දෙන්නම්
    ගවු සිය ගවු දුර ඔබ හා යන්නට
    අවසර ඉල්ලන්නම්

    ජීවන ගීතයෙ ................


    ගායනය :- ලක්ෂමන් හේවාවිතාරණ
     
    තුරු හිස සිඹ සිඹ වැද මද නළ
    මුමුණන විට ගී සවනට
    අපි ඇල් හේනේ පැල් මැස්සේ
    ගැයූ ගීත එයි සිහියට
    හිත වාවනු බැරි වී එන්නට
    හිතුනත් ආපසු ගම රට
    හෙට අදට වඩා හොඳ වේ යැයි
    කොඳුරයි රහසින් යටි හිත

    අර සඳ පළුවෙන්: වේරලියද්ද
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
    සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ

    හමු වූ දිනේ හිත බැදීලා සෙනේ
    මුළු ජීවිතේ ඔබටමයි ආදරේ
    සිත්ගත ලඳේ ඔබ ලඟින් ඉන්න ඕනේ
    සුලඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ

    ඔබ මාගේ කීවා ගං ඉවුරේ දැවටී මා ගතේ
    තුරු වදුලෙ හැංඟි සිප ගද්දී දැණුනා මට සුවේ
    සිසිල දෙන මේ නදී තෙරේ තුරුළු වුණ මාගෙ හංසියේ
    හැමදාම මේ ලෙසින් බැඳී ඉදිමු යැයි කීව කුමරියේ
    ඔබ නේද දන්නේ තාම ඒ රහස දන්නේ
    ඔබමයි සොයන්නෙ සැමදා මං පතන්නේ

    පෙරසේම ආවා මං සෙව්වා ඔබ නෑ ගං තෙරේ
    ගලන දිය වාගේ ළඟ නොරැදී කොහෙදෝ ඔබ ගියේ
    දිය සුලිය කුරිරු වූ ලෙසේ ඇයිද ඔබ මාව හැඬවුයේ
    ඔබමයි සොයන්නේ තාම ඒ රුව සොයන්නේ
    සුළඟක් වෙලා සැමදා මං සොයන්නේ

    :love::love::love:

     
    වෙරලේ හැපෙනා දළ රළ අතරේ
    මුමුණයි හෙමිහිට අපේ කථා
    රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්
    සුදු වැලි මුමුණයි අපේ කතා

    වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණගැසෙමු යළි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සැරයටියෙන් අපි යනෙන තුරා
    සංසාරේ අපි එකට ඉමූ
    සැරයටියෙන් අපි සමුගන්නාදා
    ඒ ගමනත් අපි එකට යමු

    ජීවන මං පෙත මලින් සැදී ගීය
    යුගයක නොව ඔබ හමු වූයේ
    කටු කොහොලින් පිරි කලල් වියේ මා
    තනිව මියෙද්දිය හමුවූයේ

    මින් මතු මංපෙත මලින් සදන්නෙමි
    ළතැවුල් සෝ ගී නෑසෙන සේ
    පමනක් නොව මේ සංසාරේ
    උපදින වුව මතු සංසාරේ

    මතු සංසාරේ මා හුරුබුහුටිව
    පෙම් කරන කල එලඹෙනදා
    කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
    පතනෙමි සසරින් නික්මෙනදා

    Artist : Vijaya Kumaranatunga & Chandraleka Perera
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අහස් ගැබේ තරුකැට ගානේ
    පොලෝ තලේ වැලිකැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    වදුළු සිරස පිපි මල් ගානේ
    විහග තුඩග කිචි බිචි ගානේ
    පිසින සිඹින මඳ නල ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    පිපෙන මියෙන හිරු සඳු ගානේ
    සිතෙහි පිරෙන සිතුවිලි ගානේ
    සිහිල ගෙනෙන හැම රෑ ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    Artist : Charitha Priyadarshani
     
    බොරවෙලා දියවෙලා
    ගලනවා ඔහෙ කානුවේ..
    හොදත් නෑ නරකකුත් නෑ
    මුකුත් නෑ මේ ජීවිතේ...
    හීන තිබුනට කෝටියක්
    අතේ නෑ එක රුපියලක්.
     
    සරදාකාස උයනට
    හිම වැස්ස වැටෙන හැන්දෑවක
    ලෙල සියසේ ඔබේ දෑසට එබී

    නටන්න ෆ්ලැමෙන්කෝ නැටුමක්
    මා මත් වන තුරා
    වයන්න ගිටාරය ඔබේ
    උමතුවෙන්
    ඇඟිලි තුඩු පුපුරු ගසන තුරා


     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සීතල සරත් සමේ නැගෙ තරිදාන
    වියරුන ගන අදුරට පෙම් කෙරුවාද..
    කුමරිය තනි යහනෙ නිදි වැරුවාද...
    තනිකර ආ මට තව පෙම් කෙරුවාද..
    සීතල සරත් සමේ නැගෙ තරිදාන
    වියරුන ගන අදුරට පෙම් කෙරුවාය.
    පෙම් සුව සැගවුනු පෙම සිත හඩවාය.
    නුඹ නැති හැම රැයකම ගත උනුසුම්ය...

    සයුර සසල බව නිසලව දන්නෙ වෙරලයි...
    සයුරෙ රල මුදු වෙරලට හැමදා රිදවයි....//
    සයුර මමයි මුදු වෙරල නුබයි හරි පුදුමයි .....

    සීතල සරත් සමේ නැගෙ තරිදාන
    වියරුන ගන අදුරට පෙම් කෙරුවාද..
    කුමරිය තනි යහනෙ නිදි වැරුවාද...
    තනිකර ආ මට තව පෙම් කෙරුවාද..
    සීතල සරත් සමේ නැගෙ තරිදාන
    වියරුන ගන අදුරට පෙම් කෙරුවාය.
    පෙම් සුව සැගවුනු පෙම සිත හඩවාය.
    නුඹ නැති හැම රැයකම ගත උනුසුම්ය...

    හැවිලි හැවේ වල්මත් වු මගෙ කුමරාන....
    හීන ගසෙ මල් පිපුනෙ තව නැතිවාද...///
    හීන බිදෙයි නෙතු නොහැර ඉදින් කුමරාන......

    සීතල සරත් සමේ නැගෙ තරිදාන
    වියරුන ගන අදුරට පෙම් කෙරුවාද..
    කුමරිය තනි යහනෙ නිදි වැරුවාද...
    තනිකර ආ මට තව පෙම් කෙරුවාද..
    සීතල සරත් සමේ නැගෙ තරිදාන
    වියරුන ගන අදුරට පෙම් කෙරුවාය.
    පෙම් සුව සැගවුනු පෙම සිත හඩවාය.
    නුඹ නැති හැම රැයකම ගත උනුසුම්ය...

    ගායනය- 6th lane
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හිතින් මා නොසැලී හිඳිද්දී
    කඳුල නුඔ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා
    නොබිඳිනූ මැනවී

    තනිව මා හඬනා වෙලාවේ
    සැලි සැලී සීතේ
    වැටුනු මහ වරුසා මතක් වේ
    නුඔ රැඳි දෑසේ

    තවම මා නොදුටූ සිනා කැන්
    හමුනොවූ යාමේ
    කඳුල මට කරුණා කරන්නැයි
    අයැදිමී නිබඳේ

    T. M. Jayaratne
     
    • Like
    Reactions: amila_90210

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් මල් හිනා ඔ‍බේ මුවේ
    හද විල මල් සුවඳ සැලේ
    ඒ මල් විලේ ඔබේ මගේ
    හද පෙම් මල් විකසිත වී

    තාරුකා සඳ පායලා
    එළිය දී මේ රැයේ
    ඔබ මගේ සඳ තාරකාවී
    එන්න පායාලා

    මල් මල් හිනා ............

    පායනා සඳ වාගෙ හිනැහී
    එන්න මහදේ වෙලී
    ඔබ මගේ මිහිරාවියක වී
    ඉන්න සැමකල්හි

    මල් මල් හිනා ............


    ගායනය :- ශර්ලි වෛජයන්ත
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොඳ සිරියාවයි ආකාසේ
    වාසනාවට ආදරේ
    සඳ තරු පායයි ආකාසේ
    වාසනාවට ආදරේ
    අපෙ ආදරේ ආදරේ අපෙ ආදරේ

    පෙම් සුව විඳිමු වගේ
    ප්‍රීතියක් ඇත්තෙ නෑ
    මගෙ හද පෙම් රස උතුරන්
    මෝරලා එයි සෙනේ

    මින් මතු කිසිම දිනේ
    වේදනා දෙන්නෙ නෑ
    දිවිහිමියෙන් ඔබ ළඟ මන්
    ඉන්නෙමී පා සෙනේ

    රැල්ලයි වෙරළයි වාගෙනේ
    ඈත යන්නේ නෑ සෙනේ
    අපෙ ආදරේ ආදරේ අපෙ ආදරේ

    පෙම් සුව විඳිමු ............

    නෙතු අඟ ඇඳුණ ඔබේ
    රූ මැකී යන්නෙ නෑ
    එක හිතකින් ඔබ වෙත මං
    සෑමදා ළංවුණේ

    හොඳ සිරියාවයි ................


    ගායනය :- එච් ආර් ජෝතිපාල හා ඇන්ජලීන් ගුණතිලක
     
    • Like
    Reactions: ^Buddhika^

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ
    ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා
    මට සිඹින්න ඇස් පියන්න
    මගෙ ආදරේ හංගන්න

    සඳ නිදන්න.....

    සඳ සීත ගෙන එන්නෙ ආදරේ
    දඟකාර නිල් දෑස මානයේ
    ළඟ උන්න තුරුලේම මා ළයේ
    අඬවන් දෑස කීවේ
    ජීවිතේ අරුතමයි සංවරයි මැණික මාගේ......

    සඳ නිදන්න....

    සමනලිය තටු සලන යාමයේ
    මල් සුවඳ මකරන්ද මාරුතේ
    දෙතොලතර සුසුමින්ද මේ රැයේ
    නිල්මල් විලෙන් හීන වෑහුනේ
    මුසපත් සේද යායේ
    උණුහුමෙන් සිත නිවන පින්සරයි
    මැණික මාගේ......

    සඳ නිදන්න....

    ගායනය: රවීන් කනිෂ්ක

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සඳ සිත්තමක් සේ ඇඳී...
    මහදේ පුරා....
    නෙක පැතුමන්..සිහින ගංඟා..
    මැව් සිත පුරා...
    ආදරෙන්....මහදේ පුරා වෙළී...
    ඔබගේ..ස්නේහයේ මා..නැවතුනා...

    හිස් අතරේ හැංඟිලා...
    හද ගැඹුරේ නැවතිලා...
    ඔබෙ පහසේ.. රැඳී ඉන්නම්..මා සදා....
    තරු එළියක් එයි නුරා..
    සිත් අහසේ පායලා...
    මා ඉන්නම්..ඔබේ හදපුරා..සැනසිලා...

    සංසාර සිහිනයේ...
    එක් නිමේෂක තනිවෙලා...
    ඉකි ගසාවී..හද කඳුළැල් දෝත දරා...
    නෙතු පෙනෙනා මායිමේ...
    තනිකම සිතේ සිර කරන්..
    මා ඉන්නම්..සුසුම් හද පුරා..සිර කරන්...

    සඳ සිත්තමක් සේ මැකී...
    නෙතු බොඳ වෙලා...
    නෙක පැතුමන්..සිහින ගංඟා..
    මැව් සිත පුරා...
    ආදරෙන්....මහදේ පුරා වෙළී...
    ඔබගේ..ස්නේහයේ මා..නැවතුනා...



    -Amal Perera/Samitha Mudunkotuwa/Shanika Madhumali


     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සීත මීදුම් සරා - තුන් සිහින සිත්තම් වෙලා
    මා ලඟින් ගෑවිලා - විඳගන්න හුස්මක් පුරා
    සිහින පැතුමන් මකා - අඳ නෙත් පුරා වෑහෙනා
    ඉන්න මට ලංවෙලා - මං ආදරෙයි සෑමදා
    බොල් නුවන් පාරලා - කදුළු අමතන්නෙපා
    මා හිඳින්නම් ඔබේ නෙත් වෙලා........

    තරු කැට නිවි නිවි දිලිසෙනවා - සඳ පිනි දිය සෙමෙර සලා
    අපි ලඟ අපි තව ලංවෙනවා - මගෙ හදවත ඔබම වෙලා
    නෙතු නැති නෙතු මට මුමුණනවා - හදවත ගතු හොයන නියා
    ඔබ ලඟ මම හීන පුරනවා - ඔබෙ නෙත් දෙක මමම වෙලා

    දෑසින් නොබලා මා ඈතින් දැනිලා
    අදහාගන්න බෑහැ තාම පෙම් හිත තරම්
    කාලය ගෙවිලා ආ දෑතින් බැඳිලා
    සඟවාගන්න බෑහැ බෝම ලංවෙන හැඟුම්
    දෑසට නොපෙනී විඳිනා ආදරයක සුවයෙන්

    තරු කැට නිවි නිවි දිලිසෙනවා - සඳ පිනි දිය සෙමෙර සලා
    අපි ලඟ අපි තව ලංවෙනවා - මගෙ හදවත ඔබම වෙලා
    නෙතු නැති නෙතු මට මුමුණනවා - හදවත ගතු හොයන නියා
    ඔබ ලඟ මම හීන පුරනවා - ඔබෙ නෙත් දෙක මමම වෙලා......

    -Raween Kanishka
     
    Last edited: