පද පේළී - EK LYRICS THREAD PART 2

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අළුයම් හෝරාවේ ඈතින් නැග ආයේ හිරු නෑ පායලා
    ඒ මායම් මනසේ පායන් හිරුවත් අද මා නාවලා
    එය නැතිනම් ආයේ පුරවන් සරුවත් මාව මත්වෙලා
    නැග යන්නම් මා තනි මනසෙන් මා
    අද යන්නම් මා
    ඇති දෙවියන් නැති දෙවියන් නොබලා
    විඳගන්නම් මා ඇති දෙවියන් නැති දෙවියන් නොම බැලුවා මා
    සැනසෙන්නම් මා
    දවසේම ආ පැතුමන් සදා ආ

    -වස්ති-

    :lol::lol::lol:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    මෙලොව තිබෙන අමිල නිමල
    මධුර සැප එපා...
    උදය සවස වැළඳ වඳිමි
    අම්මෙ ඔබෙ දෙපා...

    මා ඉපදුණු දා කුළුඳුල් සෙනෙහස පිරුණේ
    සුදු පැහැ ගැනුනලු රතු රුධිරය සතු අරුමේ
    සුව දෙයි මව තුරුලේ චන්දන තුරු අරණේ
    සරනා තුරු සසරේ මට ඔබමයි සරණේ....

    අගනා මහිමය හදුනණු පිණිස නැත යෙදුම්
    නොමියන ගුණයට කරමි ද කෙලෙස මා පිදුම්
    හද බැති මල් පුදමී වැඳ දොහොත දී මුදුන්
    අම්මේ ඔබමයි මා සසරෙහිදි දුටු බුදුන්....


    ගායනය - හෙන්රි කල්දේරා
    4ncnpUG.png
     
    • Like
    Reactions: DAMER

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සුළඟ නුඹ වගෙයි සිත් මල වටා එතෙයි
    මල් සුවද හොර හොරෙන් අරන් යන්නටම හදයි..
    වැස්ස නුඹ වගෙයි සිත් මලට ඇද වැටෙයි
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි...

    සිත හැදිනුවෙත් නුඹයි..
    පසු පසම එලව එලවා විත්
    සැනසුවෙත් නුඹයි..
    නුඹ මගේ හිත අරන් ගියා
    පුදුමයක් නොවෙයි..

    සුළඟ නුඹ වගෙයි...

    සිත තනිකලෙත් නුඹයි..

    මගෙ හිතේ සියුම් තැන් සොය සොය
    රිදෙව්වෙත් නුඹයි..
    ඒත් නුඹෙන් සිත නොමිදේ
    පුදුමයක් තමයි..

    සුළඟ නුඹ වගෙයි...

    -
    Karunarathna Divulgane
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    ගඟක් සේ ඔබ ගලා ඒ නම්
    මුවදොරක් වී ඔබව හමුවන්නම්
    මලක් සේ ඔබ පෙති සලයි නම්
    පවන් රළ වී ඔබව සිප ගන්නම්...

    පලා පැහැයෙන් දිදුල කඳුවලියේ
    අතුල පිනි මතුයේ...
    සඳක් සේ මා ඔබට දැල්වෙන්නම්
    ඔබේ කඳුළැලි පෙමින් පිසලන්නම්...

    දෑස රවටන මිරිඟු දියතලයේ
    වැටෙන උණු කඳුළේ...
    අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්
    මිරිඟු දිය මැඩ කෙම් බිමක් වෙන්නම්...


    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ / දීපිකා ප්‍රියදර්ශනී
    4ncnpUG.png
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හදවත පාරන සොඳුරු හැඟුම්
    හිරකර ගෙන සිටියා ඇති දැන්
    සවනට ලංවී ආදරයෙන්
    කියන්න කාලය දැන් ඇවිදින්

    ඇසට ඇස තියා බලාන ඉන්න
    ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න
    නිමක් නැතිව මල් හාදු පුදන්න
    හිනා වෙලා මගෙ පෙම පිළිගන්න

    කඳුළු පිසදමා සිනහ නගන්න
    අඳුරු ලොවට මිණි පහනක් වෙන්න
    සංසාරෙම එක් වෙලා හිඳින්න
    මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න

    ගායනය : රොෂාන් ප්‍රනාන්දු
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේ නිහඬ බව බි‍ඳෙන්න...
    තව මොනව හරි කියන්න...
    ඔය නෙත් අගින් සිනාසී-මා දිහා දැන් බලන්න..//

    ඔබ මගේමයි කියන්න..
    මට අයිති නැත සිතන්න...
    ඔබ පතා තැවෙන්න...
    මට සුසුම් නෑ හෙලන්න..

    මේ නිහඬ බව බි‍ඳෙන්න...

    දැන් ළඟයි හිරු නැගෙන්න..
    තව වරක් මා සිඹින්න...
    මට ආදරේ යැයි-එක වරක්වත් කියන්න..//

    මේ නිහඬ බව බි‍ඳෙන්න...

    ගායනය-ක්‍රිෂාන්ත එරන්දක
     
    • Like
    Reactions: DAMER

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මලක් වෙලා ඔබ පිපෙන්න
    ආදරේ සුවඳ දෙන්න
    ගඟක් වගේ ඔබ ගලන්න
    සෙනෙහසින් පිරී යන්න

    ප්‍රේමයේ රස කල්පනා
    හදවතේ තව මවා දෙන්න
    නැවුම් සඳක් වී මල් මාවතේ
    මුතු සලා ඔබ සිනාසෙන්න


    මා නෙතේ සුව සිහිනයේ
    මේ ලෙසේ ඔබ රැඳී ඉන්න
    පවන් රොදක් සේ මා ලඟ වෙලී
    ජීවිතේ දුක නිවාලන්න
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Asith Chanushka Athapaththu...........

    ~සසරේ පතා~




    2EC8784E00000578-3332659-image-a-38_1448404901277.jpg





    ~නොමිනිසුන් මැද මිනිසෙකු ලෙසින්~
    ..ජය ලබන්නට සිප් කිරි පෙවූ..
    ~පියතුමනි ඔබ බුදු වන දිනේ මම~
    ..රහල් පුතු වී උපදිමී..


    ~සසරේ පතා මම ඔබ සොයා ආවෙමී~
    ..පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමී..

    ~දහඩිය හෙලා කඳුළැලි දරා~
    ..සෙනෙහස පුදා මා දැඩි කලා..



    9.gif
    9.gif
    9.gif

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නුහුරු නුපුරුදු රහස පිළිබඳ
    මිහිර ආදරයයි කියා..
    පවුරු බැඳ ගෙන සිතක වැජැඹුණු
    රසවතී නෑ කොයි ගියා...


    4ncnpUG.png

    මෙලොව තිබෙන අමිල නිමල
    මධුර සැප එපා...
    උදය සවස වැළඳ වඳිමි
    අම්මෙ ඔබෙ දෙපා...

    4ncnpUG.png

    මේ නිහඬ බව බි‍ඳෙන්න...
    තව මොනව හරි කියන්න...
    ඔය නෙත් අගින් සිනාසී-මා දිහා දැන් බලන්න..//


    මලක් වෙලා ඔබ පිපෙන්න
    ආදරේ සුවඳ දෙන්න
    ගඟක් වගේ ඔබ ගලන්න
    සෙනෙහසින් පිරී යන්න


    සුන්දර :love: පදවැල්
     
    • Like
    Reactions: ^Buddhika^

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ~සසරේ පතා~




    2EC8784E00000578-3332659-image-a-38_1448404901277.jpg





    ~නොමිනිසුන් මැද මිනිසෙකු ලෙසින්~
    ..ජය ලබන්නට සිප් කිරි පෙවූ..
    ~පියතුමනි ඔබ බුදු වන දිනේ මම~
    ..රහල් පුතු වී උපදිමී..


    ~සසරේ පතා මම ඔබ සොයා ආවෙමී~
    ..පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමී..

    ~දහඩිය හෙලා කඳුළැලි දරා~
    ..සෙනෙහස පුදා මා දැඩි කලා..



    9.gif
    9.gif
    9.gif


    :love::love::love:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
    ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්

    පතර බළැති සිරි කුන්ද විදාරණ
    විතර බළැති සිරිධර පංචපාලන
    බාලොලි ලං ලොලි ලන්න බිලින්ඳේ
    නාඬන් දැන් එන්දෑ

    දැන් දෙවිඳුන් මට දුන් ගරු රූපා
    චන්දන කුංකුමයෙන් සැදි රූපා
    රන්ගිර'ගින් පායයි මුළු දීපා
    මන්මද දැන් දරු සුන්දර රූපා

    චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
    ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්

    පැන පැන අතු දිග සොඳ දළු කන්නා
    ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
    වට සිටි පැටවුන් ලඟ කැඳවන්නා
    ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා

    චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
    ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්

    අවර වෙන්න පෙර ගසට නගින්නා
    උදා වෙන්න පළමුව හඬලන්නා
    සදා පැටවු වට සාරා කන්නා
    ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා

    චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
    ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන් ...// (බාලොලි ලං ලොලි ලන්න බිලින්ඳේ)

    ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග සමිතා එරන්දතී මුදුන්කොටුව
    පද රචනය - ජන ගීයකි
    ස්වර රටා - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


    :love::love::love::love::love:
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63

    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
    නිදන නෙත් යුග සනසනා
    සිතුම් රැළි ඔබ තනි ව හිඳි වේලේ
    නිහඬ මා හද සනසනා

    ඉරකි ඔබ මට සඳකි ඔබ මට
    කිසිදු කිසි විට සමුනොගන්නා
    සයුරු රළ ඔබ ඈත සමුදුර
    සයුරු තෙර මා හමුවනා

    යුග ගණන් අප වෙන්ව ආ මඟ
    සොඳුරු නිම්නෙක එක්වෙලා
    දුක් සුසුම් නැති අපේ ලොව තුළ
    සිනා මල් පෙති විසිරිලා

    හිරුට තනි නැත සඳුත් නැත තනි වී
    එක ම අහසක හමුවෙලා
    ලොව ම සසල ව බලා සිටියාවේ
    යළිදු අප ඇත ළං වෙලා
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    අපි ආයෙත් හමු නොවුනා නම්
    ඉස්සර දවසක මියගිය සෙනෙහස
    යලි ඉපදී මා හද හඬවන්නට
    අපි ආයෙත් හමු නොවුනා නම්...

    ඔබ නාඳුනනා විරහ වේදනා
    පෙරදා වින්දේ මා පමණයි
    හුඟ කලකින් හමුවී සෝ ලතැවුල්
    අදත් විඳින්නේ මා පමණයි...

    සමුගන්නට නම් අහිමි ආදරෙන්
    ආයෙත් ඇයි අප හමුවන්නේ
    ආදරයේ කඳුළින් මිය යන්නද
    ජීවිත ඉරණම විසඳෙන්නේ....


    ගායනය - සෝමතිලක ජයමහ
    4ncnpUG.png
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    අඩවන් දෑසින් පවසනු රහසින්
    ජීවිතයේ රස මේ යැයි විගසින්

    පමා වෙවී ඉඳිනට නැත වේලා
    කාලය ඉගිලී යයි ඉගිලී යයි
    සුපුල් දෙතොල් රතු පැහැයෙන් තවරා
    මීවිත උතුරා යයි උතුරා යයි

    අවුල් දුහුල් වල සිහිල් පහස වැද
    නංවන රංගන නොනවත්වනු මැන
    ඒ ගී හඩ මුලු ජීවිතයම සතු
    රස බර සුළු මොහොතයි සුළු මොහොතයි
    රෑ සිහිනෙන් දිව ගා සැපතක් සේ
    හෙට දින එය මිය යයි මිය යයි
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුළු පියන් පත් වැසෙන වෙලාවට
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුන ඔබේ සුසුමන් සෙමෙන් විත්
    මගෙ සවනත පාරයි....

    තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
    සරන විටදි රැය ගෙවෙන තුරාවට
    මහද සෙනෙහෙ ඔරුවේ නැඟී ඔබ
    එතෙර වන්න නිබඳේ....
    නිදි ලොව වෙත එතෙර වන්න නිබඳේ....

    නිමල පැතුම් සපුරා ගෙන හද තුළ
    සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
    අරුණළු නැගෙන පැයේ කුසුමක් වෙමි
    ජීවන මල් ගොමුවේ....
    ඔබෙ ආදර ජීවන මල් ගොමුවේ....


    ගායනය - සෝමතිලක ජයමහ

    4ncnpUG.png
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    නුඹම හිත තුල රැදුනා දෙන්
    හිතම මතකෙන් පිරුනා දෙන්
    මතක කදුළින් තෙමුනා දෙන්
    ඒ කඳුළ මගේ ළග තිබුනා දෙන්

    නුඹව මට, මං නුඹට ලං කල
    එදා වැස්සම වැහැපුදෙන්
    දැවී අලුවෙන මතක ගින්නේ
    නිවී සැනසෙන්නට හිතාගෙන
    මං වගෙම තනියෙන් නුඹත්
    වහින වැස්සට තෙමුනදෙන්

    නවාතැන්පල නුඹට ඉදිවුන
    නැවතුනදෙන් එහිම නුඹ තව
    මැකී නොයෙනා හිතේ හැංගුන
    සොඳුරු යටගිය මතකයන් මැද
    මගේ වගේම නුඹේ හිතත් රහසින්
    අතීතය රිදවාපු දෙන්

    නුඹම හිත තුල රැදුනා දෙන්
    හිතම මතකෙන් පිරුනා දෙන්
    මතක කදුළින් තෙමුනා දෙන්
    ඒ කඳුළ මගේ ළග තිබුනා දෙන්
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නුඹම හිත තුල රැදුනා දෙන්
    හිතම මතකෙන් පිරුනා දෙන්
    මතක කදුළින් තෙමුනා දෙන්
    ඒ කඳුළ මගේ ළග තිබුනා දෙන්

    නුඹව මට, මං නුඹට ලං කල
    එදා වැස්සම වැහැපුදෙන්
    දැවී අලුවෙන මතක ගින්නේ
    නිවී සැනසෙන්නට හිතාගෙන
    මං වගෙම තනියෙන් නුඹත්
    වහින වැස්සට තෙමුනදෙන්

    නවාතැන්පල නුඹට ඉදිවුන
    නැවතුනදෙන් එහිම නුඹ තව
    මැකී නොයෙනා හිතේ හැංගුන
    සොඳුරු යටගිය මතකයන් මැද
    මගේ වගේම නුඹේ හිතත් රහසින්
    අතීතය රිදවාපු දෙන්

    නුඹම හිත තුල රැදුනා දෙන්
    හිතම මතකෙන් පිරුනා දෙන්
    මතක කදුළින් තෙමුනා දෙන්
    ඒ කඳුළ මගේ ළග තිබුනා දෙන්

    පට්ට..! +
    :love:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    සිනා පොදක් වී ඔබගේ දෑසේ
    නිදන් ව ඉන්නට පෙරුම් පිරූ මට
    කඳුළැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිළිහී යන්නට උරුම කළේ ඇයි ...

    සෙවණැල්ලක් සේ ඔබ දිවි ගමනේ
    අත්වැල වන්නට පැතුම් පැතූ මා
    මිරිඟුව දක්වා නෙතු යුග රවටා
    වල්මත් කරදා සැඟව ගියේ ඇයි...

    මල් කැකුළක් සේ ඔබ හද උයනේ
    විකසිත වන්නට සැරසී උන් මා
    සිත ගිනි අවුලා පියවර අවුරා
    අසරණ කරදා ඉවත ගියේ ඇයි...


    ගායනය - විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
    4ncnpUG.png