පද රස විනිස #1- ආලයේ ගාථා- Alaye Ghatha

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කසුන්ගේ බහුතරයක් ගීත වලට කැමැත්තක් නැත. ඒත් මේක නම් ඌ පට්ටෙටම ගායනා කර ඇත.
    නන්දා මාලිනිය ගීතයට සාදාරනයක් කර නෝමැති බවක් තමා පේන්නෙ. නන්දා පෙර ගායන කල ගීත සමග සසදන විට අහස සහ වැටකොලු මෙන් දැනේ.

    ප්‍රේමයේ අභය භූමියේදී මා නසා -
    ඇඟ හිරිවැටිලා ගියා බොල.... ඒකම නන්දා කියනවා ආයෙ ඇහුවා... අපොයි හුළං ගිහිපු බැලුමක් වගේ කිසිම හැඟීමක් ආවෙ නෑ. නන්දා මාලීනිගෙ අපූරු හැඟීම්බර ගී අපි අහලා තියෙනවා. නමුත් ආලයේ ගාථාව කසුන්ටම දීල දැම්ම නම් හොඳා වගේ. කිඹුලයියේ බොට පිං ඈ... කසුන්ගෙ ගීය වින්දා ලෙසටම
    ඇත්තට ම ඕක තමා අපිටත් තියන ප්‍රශ්නය.
    නන්දා ගේ කලින් ගැයූ ගී, නිදසුනක් ලෙස රන් කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරයයි, පවනේ සාධු ජන ගණ මනා, සත්‍ය යේ ගීතයේ මේ ජීවන ගංගා ධාරයේ වගේ ගීත වල කොපමණ භාවයක් තිබුණ ද? වේදනාව, ශෝකය, කෝපය, විරෝධය වගේ ඒ ගී වල වචනාර්ථය හොදිකන් ම දනවන්නට සමත් ගායනාවන් ඒවා.

    මේකෙ දී නන්දක්කාට මොන අල ගෙඩියක් වුනා ද කියල තමා හිතා ගන්න බැරි.

    අනික මේක අති ප්‍රශස්ත රචනයක්. නියම සුභාවිත සිංහල. ප්‍රේම වියෝගයක්, එයින් උපන් වේදනාවත්, ශෝකයත්,කම්පනයත් දනවන්න තියන හොද ම පද මාලාවක් මේ තියෙන්නේ.......ගීය භාවයන් දනවන ආකාරයට නොගැයීම ගැන නම් අවංකව ම නන්දා මාලනියට දෝෂාරෝපණය නොකර ම බෑ......
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ තරම් මහා වියතෙක් නම් නෙමෙයි අයියේ මං
    එත් නන්දා මාලනී මිස් කියන එක ලස්සනයි
    කාන්තා කටහදක තියෙන ශෝකකුල බවත් එක්ක ගතියක් එනවා
    ගීතය අමුවෙන් කියන ගතියක් තියනවා
    අලංකාර දානවා අඩුයි
    මං හිතනවා මේක මෙතුමියට මිට වඩා කියන්න පුළුවන් වෙයි කියලා
    mix ඇන්ඩ් master electro පැත්තට බර නොකර
    clasical line එකක් දීලා මිට වඩා අලංකාර යොදා ගත්තා නම් සදාකාලික ගීතයක් වෙයි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ආය ආය ඇහුවා
    අලංකාර මදි
    මිට වැඩ මෙතුමියට මේක කොච්චරක් කියන්න පුලුවන්ද ???

    කිබුල අයියේ තැන්ක්ස් වැඩේට පට්ට +++
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අහන්න නම් වෙන්නේ නැහැ මගේ සබ් එකට මීයෝ වැඩේ දීල .එල වැඩක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහන්න නම් වෙන්නේ නැහැ මගේ සබ් එකට මීයෝ වැඩේ දීල .එල වැඩක්
    නිකං ස්පීකර් එකක් හරි මාට්ටු කරල අහපං.....
    මොකද මේ ගීත වල තාක්ෂණය නෙවෙයි රස විදින්න තියෙන්නේ....

    නන්ද ගේ ගීතය මාස්ටර් එකක්. ස්ටූඩියෝ එකක කරපු.
    කසුන් ගේ ගීතය ස්ටේජ් වර්ෂන් එකක්, මම එන්හාන්ස් කරල හදපු.

    දෙකේ වෙනස තේරෙයි හොදට ම....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න වීඩියෝ හදන කෙනෙක්ට පුළුවන් නං නන්දා කසුන් දෙන්නගේ ගායනය වෙන වෙනම කොටස් වශයෙන් දාල විචාරයක් දෙන්න මරු :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නිකං ස්පීකර් එකක් හරි මාට්ටු කරල අහපං.....
    මොකද මේ ගීත වල තාක්ෂණය නෙවෙයි රස විදින්න තියෙන්නේ....

    නන්ද ගේ ගීතය මාස්ටර් එකක්. ස්ටූඩියෝ එකක කරපු.
    කසුන් ගේ ගීතය ස්ටේජ් වර්ෂන් එකක්, මම එන්හාන්ස් කරල හදපු.

    දෙකේ වෙනස තේරෙයි හොදට ම....

    එල අය්යේ මමත් ඔය පරන සින්දු වලට පට්ට ආසය් දෙකම බා ගත්ත. පොඩි ස්පීකර් 2ක් තියෙනවා අද ඇමුණ ගන්නවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න වීඩියෝ හදන කෙනෙක්ට පුළුවන් නං නන්දා කසුන් දෙන්නගේ ගායනය වෙන වෙනම කොටස් වශයෙන් දාල විචාරයක් දෙන්න මරු :yes:
    හදනව නං පිටපත ලියල වොයිස් කරල දෙන්නං......:)
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    reputation_neg.gif
    පද රස විනිස #1- ආලයේ...6-15-2017 09:53 PM ube ammata thaththa hukapu sinduwa ahapan

    අඩු කුලේ පොන්නයෙක්ට රිදිලා :lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඇත්තට ම ඕක තමා අපිටත් තියන ප්‍රශ්නය.
    නන්දා ගේ කලින් ගැයූ ගී, නිදසුනක් ලෙස රන් කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරයයි, පවනේ සාධු ජන ගණ මනා, සත්‍ය යේ ගීතයේ මේ ජීවන ගංගා ධාරයේ වගේ ගීත වල කොපමණ භාවයක් තිබුණ ද? වේදනාව, ශෝකය, කෝපය, විරෝධය වගේ ඒ ගී වල වචනාර්ථය හොදිකන් ම දනවන්නට සමත් ගායනාවන් ඒවා.

    මේකෙ දී නන්දක්කාට මොන අල ගෙඩියක් වුනා ද කියල තමා හිතා ගන්න බැරි.

    අනික මේක අති ප්‍රශස්ත රචනයක්. නියම සුභාවිත සිංහල. ප්‍රේම වියෝගයක්, එයින් උපන් වේදනාවත්, ශෝකයත්,කම්පනයත් දනවන්න තියන හොද ම පද මාලාවක් මේ තියෙන්නේ.......ගීය භාවයන් දනවන ආකාරයට නොගැයීම ගැන නම් අවංකව ම නන්දා මාලනියට දෝෂාරෝපණය නොකර ම බෑ......

    අනිවාර්යෙන්ම. ඔය මම ආසම එකක් තමා පහල එක ඔය කියපු ඒවට අමතරව.
    ඔක අහන කවදාවත් ඇහැට කදුලක් නෑවිත් තියෙන්නෙ නෑ.

    එහෙව් ගායිකාවකගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තරම් අවුල්.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    උබ තරම් මහා වියතෙක් නම් නෙමෙයි අයියේ මං
    එත් නන්දා මාලනී මිස් කියන එක ලස්සනයි
    කාන්තා කටහදක තියෙන ශෝකකුල බවත් එක්ක ගතියක් එනවා
    ගීතය අමුවෙන් කියන ගතියක් තියනවා
    අලංකාර දානවා අඩුයි
    මං හිතනවා මේක මෙතුමියට මිට වඩා කියන්න පුළුවන් වෙයි කියලා
    mix ඇන්ඩ් master electro පැත්තට බර නොකර
    clasical line එකක් දීලා මිට වඩා අලංකාර යොදා ගත්තා නම් සදාකාලික ගීතයක් වෙයි

    අනිවාර්යෙන්ම මචන්. මේක හොදට කියනව නම් කාන්තා කට හඩකින් කියන එක කසුන් කියනවට වඩා තදින් පපුවට දැනෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනට දෙදෙනා ගායනා කර ඇති ගීතාවලිය අරගෙන බැලුවොත් ඔබ කියන දේ සාධාරණයි.
    නමුත් මා මෙහිදී සළකා බලන ලද්දේ මෙම ගීතය පමණක් වන බව කරුණාවෙන් සළකහං තට්ට කුකුළෝ......:yes::P

    නෑ බන් නන්දා මාලනියන් අවතක්සේරු කරනවා නෙමේ ... බලපන් පොඩ්ඩක් අහල එතුමියගේ අනික් ගීත ගයනා විලාශය සහ මේ ගීතය ගායනය අතර වෙනස ? :confused:

    කවුද ඔය සින්දුවෙ සගීත අධ්යක්ශක..කසුන්...එතකොට නන්දා මාලනී සින්දුව කියන්නෙ කසුන්ට ඔනෙ විදිහට..ඒකනෙ ඇත්ත...මුල් පටිගත කිරිමෙදි කසුන් කියුවනම් උච්ච ස්වරයෙන් මේ මේ කෑලි කියන්ඩ කියල....එතනින් එහාට කතාවක් ඇත්තෙම නැනේද...මට නම් පේන්නෙ කසුන් සිල්පය හගල වගේ....
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කවුද ඔය සින්දුවෙ සගීත අධ්යක්ශක..කසුන්...එතකොට නන්දා මාලනී සින්දුව කියන්නෙ කසුන්ට ඔනෙ විදිහට..ඒකනෙ ඇත්ත...මුල් පටිගත කිරිමෙදි කසුන් කියුවනම් උච්ච ස්වරයෙන් මේ මේ කෑලි කියන්ඩ කියල....එතනින් එහාට කතාවක් ඇත්තෙම නැනේද...මට නම් පේන්නෙ කසුන් සිල්පය හගල වගේ....

    Music Director ට ඔන විදියටද සින්දුව කියන්නෙ? දන්නෙ නෑ අවන්කවම. ඒත් ඒක ගැලපෙන්නෙ නෑනෙ.
    අනික එහෙමම උනාය කියමු. සින්දුව රෙකෝඩ් කරල ගායකය/ගායිකාව අහන්නෙම නැද්ද? තෙරෙන්න ඕනනෙ හරි නෑ කියල.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද ඔය සින්දුවෙ සගීත අධ්යක්ශක..කසුන්...එතකොට නන්දා මාලනී සින්දුව කියන්නෙ කසුන්ට ඔනෙ විදිහට..ඒකනෙ ඇත්ත...මුල් පටිගත කිරිමෙදි කසුන් කියුවනම් උච්ච ස්වරයෙන් මේ මේ කෑලි කියන්ඩ කියල....එතනින් එහාට කතාවක් ඇත්තෙම නැනේද...මට නම් පේන්නෙ කසුන් සිල්පය හගල වගේ....
    මියුසික් ඩිරෙක්ටර් ට පුළුවන් මෙන්න මේ තැන් වල මෙහෙම ගායන විය යුතුයි කියල පෙන්වන්න. නමුත් මෙතන පොඩි දෙයක් තියනවා. නන්දා මාලනිය මේ ක් ෂේත්‍රෙය් අති දැවැන්ත චරිතයක්. කසුන් ගේ අම්මලා ගේ පෙලේ කෙනෙක්. ඒ නිසා ඔය කියන නියාමනය මෙහෙම ම කරපං කියල කියන්න පුළුවන් කමක් නැතුවත් ඇති. ඒක ක්ෂෙත්‍රෙය් ගෞරවය ගැන ප්‍රශ්නයක් නේහ්. නමුත් නන්දක්කා වගේ අත්දැකීම් බහුල, පරිනත ගායිකාවක ගෙන් මීට වඩා වැඩි දෙයක් මම නං බලාපොරොත්තු වුණා.....:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මියුසික් ඩිරෙක්ටර් ට පුළුවන් මෙන්න මේ තැන් වල මෙහෙම ගායන විය යුතුයි කියල පෙන්වන්න. නමුත් මෙතන පොඩි දෙයක් තියනවා. නන්දා මාලනිය මේ ක් ෂේත්‍රෙය් අති දැවැන්ත චරිතයක්. කසුන් ගේ අම්මලා ගේ පෙලේ කෙනෙක්. ඒ නිසා ඔය කියන නියාමනය මෙහෙම ම කරපං කියල කියන්න පුළුවන් කමක් නැතුවත් ඇති. ඒක ක්ෂෙත්‍රෙය් ගෞරවය ගැන ප්‍රශ්නයක් නේහ්. නමුත් නන්දක්කා වගේ අත්දැකීම් බහුල, පරිනත ගායිකාවක ගෙන් මීට වඩා වැඩි දෙයක් මම නං බලාපොරොත්තු වුණා.....:(

    මම නම් එහෙම හිතන්නෙ නැ...එහෙනම් නන්දා මලනී කසුන් වගේ පොඩි කෙල්ලෙක් සගීත අධයක්ශක කරගන්නෙත් නැ...සමහර විට කසුන්ට පස්සෙ මතක් උනා වෙන්ඩත් පුලුවන්...කොහොමත් සින්දුවෙ අර්තය එක්ක උච්ච ස්වර හරි යන්නෙ නැ කියන එකයි මගේ නම් වැටහීම...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් එහෙම හිතන්නෙ නැ...එහෙනම් නන්දා මලනී කසුන් වගේ පොඩි කෙල්ලෙක් සගීත අධයක්ශක කරගන්නෙත් නැ...සමහර විට කසුන්ට පස්සෙ මතක් උනා වෙන්ඩත් පුලුවන්...කොහොමත් සින්දුවෙ අර්තය එක්ක උච්ච ස්වර හරි යන්නෙ නැ කියන එකයි මගේ නම් වැටහීම...
    ප්‍රශ්නය උච්ච ස්වර නෙවෙයි කුකුලෝහ්......:P
    ගීයක් ගයන කොට භාවයන් සමග එක් වෙන්න ඕන කටහඩ. නන්දක්කා ගේ එහෙම භාවයන් නෑ මේ ගීත ගායනයේ දී.......

    හඩ ඉමෝෂනලයිස් කිරීම පිළිබද ව කසුන් ගේ විග්‍රහය මේ.....

    5.30 සිට ශ්‍රවණය කරන්න.......