කසුන්ගේ බහුතරයක් ගීත වලට කැමැත්තක් නැත. ඒත් මේක නම් ඌ පට්ටෙටම ගායනා කර ඇත.
නන්දා මාලිනිය ගීතයට සාදාරනයක් කර නෝමැති බවක් තමා පේන්නෙ. නන්දා පෙර ගායන කල ගීත සමග සසදන විට අහස සහ වැටකොලු මෙන් දැනේ.
ඇත්තට ම ඕක තමා අපිටත් තියන ප්රශ්නය.ප්‍රේමයේ අභය භූමියේදී මා නසා -
ඇඟ හිරිවැටිලා ගියා බොල.... ඒකම නන්දා කියනවා ආයෙ ඇහුවා... අපොයි හුළං ගිහිපු බැලුමක් වගේ කිසිම හැඟීමක් ආවෙ නෑ. නන්දා මාලීනිගෙ අපූරු හැඟීම්බර ගී අපි අහලා තියෙනවා. නමුත් ආලයේ ගාථාව කසුන්ටම දීල දැම්ම නම් හොඳා වගේ. කිඹුලයියේ බොට පිං ඈ... කසුන්ගෙ ගීය වින්දා ලෙසටම
නන්දා ගේ කලින් ගැයූ ගී, නිදසුනක් ලෙස රන් කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරයයි, පවනේ සාධු ජන ගණ මනා, සත්‍ය යේ ගීතයේ මේ ජීවන ගංගා ධාරයේ වගේ ගීත වල කොපමණ භාවයක් තිබුණ ද? වේදනාව, ශෝකය, කෝපය, විරෝධය වගේ ඒ ගී වල වචනාර්ථය හොදිකන් ම දනවන්නට සමත් ගායනාවන් ඒවා.
මේකෙ දී නන්දක්කාට මොන අල ගෙඩියක් වුනා ද කියල තමා හිතා ගන්න බැරි.
අනික මේක අති ප්රශස්ත රචනයක්. නියම සුභාවිත සිංහල. ප්‍රේම වියෝගයක්, එයින් උපන් වේදනාවත්, ශෝකයත්,කම්පනයත් දනවන්න තියන හොද ම පද මාලාවක් මේ තියෙන්නේ.......ගීය භාවයන් දනවන ආකාරයට නොගැයීම ගැන නම් අවංකව ම නන්දා මාලනියට දෝෂාරෝපණය නොකර ම බෑ......



