මේව දැකල එන තරහ කළමණාකරනය කරගන්න. ඒව අවශ්‍ය තැනට යොමු කරන්න. පොලීසි වල ගෙවල් කුඩු කරල, ඒ පවුල්වල සාමාජිකයන්ව ඇබ්යුස් කරල chain of violence දික්කරගන්න එපා. මම දැක්කා පොලීසියෙ ලොක්කෙක්ගෙ කියල ෆොටෝ එකක් වටේ යවනව, බලද්දි ඒක මාස ගානකට කලින් රිටයර් උන නිලධරියෙක්ගෙලු. හද්ද ගොන් රෙප්ටීලියන් මොලේ උඩට එන්න දෙන්න එපා. තහවුරු නොවන තොරතුරු ඉදිරියට යවන්න එපා. මේ රජය පත් කරගන්න ජනමතය හැදුනෙත් ඔය ගොන් මොරාල් එක උඩින්ම බව මතක් කරන්න කැමතියි.
අපි වගේ හරක් ඉන්න රටක් නිසා තමයි රට මේ තැන තියෙන්නෙ කියන එකෙන් හරි ඉඟියක් ඇරගෙන තමන් ගෙ ඔලුවට එන සියලුම විසඳුම් සහ ආවේග මාර ඒව නොවන බව තේරුම් ගන්න.