පරණ ලයිසන් අලුත් කරගන්න RMV Help

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    පරණ ලයිසන් අලුත් කරගන්න RMV Help

    මචන් මගේ තියෙන්නෙ සැහැල්ලු වාහන පරණ ලයිසන් එකක් ඒක මැකිලා ෆොටෝ එහෙම.. මේක අලුත් කරගන්න යන්න ඉන්නේ වේරහැර ජනවාරි මුල..

    සැහැල්ලු වාහන මෙඩිකල් ගන්නේ කොහෙන්ද? නුගේගොඩ යන්න ඔනෙද?\

    මෙඩිකල් එක මේ සතියේ අරන් ජනවාරි මුල යන එක අවුල්ද?ගෙනියන්න ඕනෙ අනික් document මොනවද?
    ෆොටෝ අරන් යන්න ඕනෙද?
    one day service කරගන්න කියක් යනවද?
     
    • Like
    Reactions: shaminda peiris

    rooty21

    Junior member
  • Feb 25, 2016
    55
    8
    8
    ඕන කරන්නේ බන්
    දැනට ඇති රියදුරු බලපත්‍රය
    බර වාහන බලපත්‍රයක් නම් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
    පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇති රියදුරු බලපත්‍රයක් නව ක්‍රමයට පරිවර්ථනය කිරීමට යන්නේ Rs. 1700
    එක් දින සේවාව සඳහා අමතර ගාස්තුවRs 500 ක් ගන්නවා
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මෙඩිකල්නම් නුගෙගොඩින් ගන්නත් පුලුවන්, වේරහැරෙන් ගන්නත් පුලුවන්. වෙන තැන් දන්නේ නෑ. වේරහැර ඩොක්ටර් ගෑණියෙක් ඉන්නවා ඒ ගෑණි හිතගෙන ඉන්නේ ... එක්කො ඕනේ නෑ. පුලුවන් නම් නුගේගොඩින් ගන්න.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔන්න කොල්ලනේ මාත් ගියා මෙඩිකල් ගන්න නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතෙනෙට.. පෙරේදා ගියා 11ට විතර, ටහිකෙයි කිව්වලු දවසට නොම්බර 1000යි ලු දෙන්නෙ,සමහර දවසට 750යි.. මොනා කරන්නද හැරිලා ආවා.. ඊයෙ ගියා ආයෙත් 9.30 ට වගේ, පට්ට පෝලිම..දොර ගාවට ආවාම මෙන්න කියනවා අද තව 50යි දෙන්නෙ කියලා.. පූරුවෙ පිනකට ඒකට අහුවුනා..

    පෝලිමේ ඉඳලා 750ක් ගෙවලා.ෆොටො ගහලා..කෝමහරි මෙඩිකල් එකට ෆේස් කරන කොට 2ට වගේ ඇති,, එපා උනා හිටගෙන ඉඳලා.

    රිපොර්ට් එක හම්බෙන කොට 3ට වගේ ඇති...කෝම හරි පැය 6ක වගේ කට්ටක් තියෙනවා. යන උන් උදෙන්ම පලයල්ලා. දැන් මේ මෙඩිකල් එක අරගෙන වේරහැර ගිහින් one day service එකෙන් ලයිසන් එක අලුත් කරගන්නවා. එතනට නම් උදේ 6-7 වෙනකොට වත් යන්න ඕනෙ,
    reply,bump දාපු ඔක්කොටම රෙප් දුන්න, තැන්ක්ස්.. :yes::yes::D:D:D