පරාජයයෙන්_තිත්ත වූ රසිකයන් වියරු වැටෙයි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පරාජයයෙන්_තිත්ත වූ රසිකයන් වියරු වැටෙයි

    පරාජයන් තිත්ත වූ රසිකයන් වියරු වැටෙයි.ඉන්දියා-ශ්‍රී ලංකා එක්දින තරඟය අතරමඟ නවතී


    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වෙනි එක්දින ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකාවට අවාසි සහගත වීමත් සමඟ ක්‍රීඩා ලෝලීන්ගේ විරෝධය හමුවේ අතරමග නතර කිරීමට සිදු විය.ඉන්දියානු කණ්ඩායමට මෙම තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ළකුණු අටක් පමණක් අවශ්‍ය මොහොතක ක්‍රීඩා ලෝලීහු වතුර බෝතල් ආදියෙන් ක්‍රීඩාංගනයට පහර දෙන්නට වූහ.

    අද තරඟය පැවැත්වුන පල්ලෙකැලේ ක්‍රීඩාංගනය විසිඑක් දහසක් පමණ ක්‍රීඩාලෝලීන්ගෙන් පිරී පැවතුණි.
    අද තරඟයේ දී පළමු ඉනිම සඳහා පිටියට බට ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර් 50 නිමාවේ කඩුලු නවයක් දැවී ළකුණු 217 ලබා සිටි අතර, ඉන්දියානු කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් කඩුලු හතරකට ළකුණු 210 ක් ලැබ සිටියදී ක්‍රීඩාගාරය තුළින් විරෝධතා ව්‍යාපාරය මතුවිය.ක්‍රීඩාංගනය අවට හූ හඬ පැතිර ගිය බව එහි සිටින ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයෝ පවසති.

    අද තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ළකුණු අසූවක් වාර්තා කළේය.
    ඉන්දියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා තරඟය අතරමඟ නවතින විට නොදැවී ළකුණු 122 ලැබ සිටියේය.ඒ වනවිට මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ළකුණු 62 යි.

    පොලිසිය සහ කැරලි මර්දක පොලිසිය යොදවා කලහකාරී ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගනයෙන් ඉවත් කොට යළි තරඟය ආරම්භ වීමෙන් අනතුරුව ඉන්දියානු කණ්ඩායම ඕවර් 45 .1 කදී ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණ ළකුණු අට ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ උද්ගත වූ තත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලය ඕසේ ප්‍රතිචාර පළ වෙමින් පවතී.ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන රසල් අර්නෝල්ඩ් 'ට්විටර්' පණිවුඩයක් මගින් මෙසේ පවසයි.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම තරඟාවලියේ දී ටෙස්ට් ක්‍රිකට් හෝ එක්දින තරඟයක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සමත් වී නැත.මේ අතර අද තරඟයේ දී පන්දුවක් අතෙහි වැදීම නිසා මහපට ඇඟිල්ලේ සිදු වූ සිහින් පිපිරීමක් හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ඉදිරි තරඟ අහිමිවෙන තත්වයක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.


    _97566372_rasal.jpg



    පරාජයන් තිත්ත වූ රසිකයන් වියරු වැටෙයි. පල්ලෙකැලේ රසිකයන් පිටියට බෝතල් විසි කරපු හැටි (VIDEO)
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    අනේ මන්ද බන්... මෙව්වා අනුමත කරන්න පුළුවන් වැඩ නෙමෙයි... එත් අයි අපේ එවුන්ට මේ තත්තවයෙන් ගොඩ එන්නම බැරි... ලකුණු 100ක් ගහන්න ඕවර 30 ද කොහෙද යනවා..... නමුත් උන්ට එක දාන එක නො ගේම්.... උන්ගේ විකට්ස් වැටෙන එක බොහෝදුරට දොනියගෙන් නවතිනවා.... කොළඹටත් මේකම බෝවුනොත් මොනවා කරන්නද?
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    අපේ උනුත් අන්තිමට ඉන්දියාවේ තත්වෙටම වැටුන. මේවානම් තනිකරම මෝඩ ආතල්. :no::no:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉන්දියන් කාරයො උන්ගෙ රටේ වෙන ටීම් එකකට පැරදෙන්ඩ යනකොට ඔහොම උනා හැබැයි කලාතුරකින්..මෙහෙම කෑමක් ඉතින් ඉවසන්ඩ පුලුවන්ද :rolleyes:
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ආ ඇයි ලංකාව ඉන්දියාවට වඩා දියුණුද?:rofl:

    රෙදි නැතුව ඉන්දියාවට කඩේ යන උඹල වගේ උනටනම් ඉතින් මේවා හෙන ආතල්. දැන් කියපන් බයියෝ අනාතයි මහින්ද තමා ඔය ගල් ගහපු උනුත් එව්වේ කියල. :lol::lol:
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අනේ මන්ද බන්... මෙව්වා අනුමත කරන්න පුළුවන් වැඩ නෙමෙයි... එත් අයි අපේ එවුන්ට මේ තත්තවයෙන් ගොඩ එන්නම බැරි... ලකුණු 100ක් ගහන්න ඕවර 30 ද කොහෙද යනවා..... නමුත් උන්ට එක දාන එක නො ගේම්.... උන්ගේ විකට්ස් වැටෙන එක බොහෝදුරට දොනියගෙන් නවතිනවා.... කොළඹටත් මේකම බෝවුනොත් මොනවා කරන්නද?

    ප්‍රභල ටීම් එක්ක ටීම් එකෙ ප්‍රභල විකට්ස් වැටෙද්දි එ ප්‍රභල විකට්ස් වැටන එක නවත්තලා ගෙම ගොඩ දාන්න එක් ප්‍රභල ක්‍රීඩකයෙක් ඉන්නව.
    ඉන්දියාවෙ එදා ඉඳන්ම දොනි ,
    පාකිස්ථානෙ ශහිඩ් අෆ්‍රිඩි,
    ඕස්ට්‍රෙලියාවෙත් එහෙම් ක්‍රිඩකයො ටීම් එකක ඉන්නවා (නම් මතක නැහෑ
    ලංකාවෙත් එහෙම එවුන් හිටියා කාලයක් එත් දැන් නැහැ
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ලංකාවට ක්‍රිකට් ගැලපෙන්නෙ නැහැ. ක්‍රිකට් ප්‍රධාන ක්‍රීඩාව වෙලා තියෙන්නෙ සුද්දගෙන් පචවෙච්ච් පල්වෙන සිස්ටම් එකක් තියෙන රටවල් වල. හොඳට බලපන් කිව්ව දෙ ?