පහනක හැඩයෙන් යුතු - පහන්තුඩාව ඇල්ල (Pahanthudawa Falls)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පහනක හැඩයෙන් යුතු - පහන්තුඩාව ඇල්ල 🪔🏊🏻‍♂️ (Pahanthudawa Falls) - Your Choice Way
    අද අපි කියන්න යන්නේ ලස්සන දියඇල්ලක් ගැන ලංකාවේ දියඇලි අතුරෙන් තවත් එක් සුවිශේෂි ඇල්ලක් තමා පහන්තුඩාව ඇල්ල

    ඊට හේතුව තමා එහි පිහිටීම හා ස්වභාවයයි.මෙම දිය ඇල්ලට පහන්තුඩාව යන නම ලැබෙන්නේද එහි ස්වභාවික පිහිටීම නිසාය.

    ඒ මොකද දන්නවාද මෙම දියඇල්ලේ වතුර වැටෙන ජල තටාකය පහනක හැඩයෙන් යුක්තයි. ඒවගේම එම ජල තටාකයට දිය ඇල්ලෙන් වතුර වැටෙන්නේ පහනක තිරයක විලාසයෙනි.

    එනිසා මෙයට පහන්තුඩාව ඇල්ල යනුවෙන් හදුන්වනු ලබනවා..ආහ්.. ඔයාලට මතක ඇතිද අපි කලින් දවසක කතා කරපු හාවාගල අන්න ඒ කදුමුදුනින් තමා මේ ඇල්ලට ආරම්භය දෙන්නේ...

    ජෛව විවිධත්වය අනූන සුන්දර පරිසර පද්ධතියක පිහිටා තිබීම තවත් වැදගත් අංගයකි. වටිනා ශාක විශේෂ ,සත්ත්ව විශේෂ මෙම පරිසර පද්ධතිය තුළ දැක ගන්න පුලුවන්..

    මේ දිය ඇල්ල සම්බන්ධව තවත් ජනප්‍රවාදයක් තියෙනවා..එක්තරා මිනිසෙකු ඇති වූ පවුල් ආරවුලක් නිසා මෙම ස්ථානයේ ඇති ගලෙහි යමක් කොටා බඩෙහි ගලක් බැඳගෙන මෙම ස්ථානයට පනින ලද බව ද කියවෙනවා...

    හැබැයි මෙම ස්ථානයේ දිය නෑම තරමක් ත්‍රාසජනක මෙන්ම අවධානම් සහගතයි..

    අධික වර්ෂාවන් සහිත අවස්ථාවලදී දිය ඇල්ලට ඉහළ ප්‍ර‍දේශයන්හි ජල මට්ටම වැඩි වන විට විනාඩි 10ත් 15 ත් අතර කාලය තුල මෙම ස්ථානයේ ජල මට්ටම එකවරම වැඩි වේ.එබැවින් මෙහි දිය නෑම අවධානම් සහගතයි.. පරිස්සමින් හොදේ...

    ගමන් මාර්ගය :
    කොළඹ - බදුල්ල මාර්ගයේ 155 වැනි කණුව අසල ඇති බෙලිහුල්ඔය තානායම අසලින් ඇති වම් අත පැත්තේ පාරෙන් කි.මී. 2ක් පමණ යා යුතුය.

    මෙවැනි ලංකාවේ සංචාරක ස්ථාන ගැන දැනගන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කරගන්න.

    original post click here
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    B0B49CC8-F2BC-4E49-94E2-FF4E3429C90C.jpeg0B358967-6AA4-4FC9-AA46-04E121D89E7C.jpeg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ලිස්සනවා