පළමු ලෝක සංග්‍රාමයේ දරුණුම සටන

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පළමු ලෝක සංග්‍රාමයේ දරුණුම සටන

    B5evp6E.jpg

    පසුගිය ජූලි 1 වෙනිදාට සෝම් සටනේ 100 සංවත්සරය යෙදී තිබිණි.පළමු ලෝක යුද්ධයේ දරුණුතම සටන ලෙස මෙය ඉතිහාස ගත වී තිබේ.මෙය අවසන් වන්නේ මාස පහකට පසුවයි.සටනේ පළමු දිනය බ්‍රිතාන්‍යය හමුදා ඉතිහාසයේ දැවැන්තම ජීවිත හානිය සිදුවූ දිනය ලෙස සලකයි.එදින බ්‍රිතාන්‍ය සෙබලුන් ආසන්න වශයෙන් 60,000 පමණ තුවාල ලබන්නට හෝ මියයන්නට ඇතැයි කියවේ.මෙම සටන 1916 නොවැම්බර් මස 1 දා අවසන් වන විට මියගිය ගණන 125,000කට වැඩි වූ බව වාර්තා වේ.

    tgMYfHY.gif



    *වර්ඩන් නගරයට සැතපුම් 125ක් වයඹදිගින් සෝම් ගඟ ආසන්නයේදී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා මුණගැසිනි.​

    I8vmHNz.jpg





    *ප්‍රංශ-බ්‍රිතාන්‍යය එකතුවෙන් 1916 වසරේදී ප්‍රහාරයක් දියත් කිරීම අරමුණ විය.බ්‍රිතාන්‍ය ජෙනරල් ඩග්ලස් හෙයිග් ගේ නියමය පරිදි ජර්මන් පෙරමුණට දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයක් දියත් කරන ලදි.

    avt1Ebn.jpg




    *කාලතුවක්කු ප්‍රහාරය සතියක් පුරා පැවතුණි.මෙහිදී කාලතුවක්කු උණ්ඩ මිලියන 1.7ක් පමණ ජර්මන් හමුදාව ඉලක්ක කරගෙන එල්ල කර තිබේ.මෙම ප්‍රහාරය හඩ ඉංග්‍රීසි ඕඩයෙන් අනෙක් පසටත් ඇසුණු බව කියවේ.​

    FZIOLZw.jpg




    *නමුත් ජර්මන් ඉදිරි පෙරමුණ ඉතා ශක්තිමත් වූ අතර ඔවුන්ගේ අගල් ගැඹුරට හාරා තිබිණි.සමහර උණ්ඩ ජර්මන් සීමාවට ගමන් කලේද නැත.ඒවාහි විනාශකාරි බවද ප්‍රමාණවත් නොවීය.​

    vp4SLJz.jpg





    *කාලතුවක්කු ප්‍රහාරය අවසානයේදී 100,000 පමණ බ්‍රිතාන්‍ය සෙබලුන් පිරිසක් ජර්මන් පෙරමුණට පහරදීමට ඉදිරියට යවන ලදි.

    BNwO8xz.jpg





    * 1916 ජූලි 1 දා ඇරඹි සටනේ පළමු දිනයේදී පමණක් බ්‍රිතාන්‍ය හමුදාවේ 19,240 මියගොස් තිබේ.සාමාන්‍ය සෙබලුන්ට වඩා මේජර් තනතුරෙන් පහළ නිලධාරීන් විශාල වශයෙන් එදින මියගොස් තිබේ.පළමුදිනයේ සටනට එක්වූ බ්‍රිතාන්‍ය නිලධාරීන්ගෙන් 60%ක් එදින මියගොස් තිබේ.

    RD1Nkye.jpg




    *සෝම් සටන යනු පාබල සටනක් වුවද ගුවන් ප්‍රහාරද එල්ල කරන ලදි.බ්‍රිතාන්‍යය ගුවන් හමුදාවේ යානා 800ක් මෙහිදී විනාශ වූ අතර පුද්ගලයින් 252ක් මරණයට පත්විය.​

    76D1KjZ.jpg




    *සටනේදී සෑම බ්‍රිතාන්‍යය සෙබලෙකුටම කි.ග්‍රෑ.30ක පමණ උපකරණ ජර්මන් පෙරමුණට ගෙන යායුතුව තිබිණි.​

    kzx3wNj.jpg





    *කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ප්‍රදේශයෙන් පැමිණි 2000ක් පමණ සෙබලුන්ගෙන් සමන්විත සේනාංකයක 90% පමණ දෙනා සටනේ පළමු දිනයේදී මරණයට පත්ව තිබේ.

    rk6yN9N.jpg




    *මෙම සටන සඳහා ජර්මන් පාර්ශ්වයෙන් ඇඩොල්ෆ් හිට්ලර් සහභාගීවූ අතර එහිදී ඔහුගේ පාදයකට තුවාල සිදුවිය.​

    Hvizyz7.jpg





    *දින 141 පුරා පැවති සටනෙන් මියගිය ,අතුරුදහන් වූ හෝ තුවාල ලැබූ බ්‍රිතාන්‍ය සෙබලුන් ගණන 419,654ක් බව නිල වාර්තාවල සඳහන්ය.පළමු ලෝක යුද්ධය තුල ප්‍රථම වරට යුද ටැංකි භාවිතා කලේ මෙම සටනේදීය

    vCgLdmn.jpg





    *බ්‍රිතාන්‍ය-ප්‍රංශ සම්පුර්ණ මරණ ගණන ලක්ෂ 7ක් ඉක්මව වූ අතර ජර්මනියේ එම ගණන ලක්ෂ පහකට වැඩිවිය.මෙතරම් විනාශයක් සිදුවුවද සටන උපායමාර්ගික වශයෙන් මිත්‍ර හමුදා ජය ලැබීය.

    0jHU9fa.jpg





    Source:businessinsider.com

    -HarshaLulzSec-
     

    waligamaya

    Well-known member
  • ඒවගේම පලවෙනි ලෝක යුද්දය, එතෙක් රටක් සතුවූ ප්‍රබලම හමුදා කාණ්ඩය වන අශ්වාරෝහක හමුදාව ඉතිහාසයට එක්කර අනාගතයෙන් ඉවාන් කිරීමද සිදිවිය
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මං මේ කල්පනා කලේ එදා තිබුණු ප්‍රාථමික යුද තාක්ෂණයත් එක්ක මෙච්චර ජිවිත හානියක් උනා නම් අද කාලෙක මේ වගේ සටනක් තිබුන නම් ජිවිත හානිය කොහොම වෙයිද...?:sorry::sorry:
     
    • Like
    Reactions: HarshaLulzSec

    waligamaya

    Well-known member
  • මං මේ කල්පනා කලේ එදා තිබුණු ප්‍රාථමික යුද තාක්ෂණයත් එක්ක මෙච්චර ජිවිත හානියක් උනා නම් අද කාලෙක මේ වගේ සටනක් තිබුන නම් ජිවිත හානිය කොහොම වෙයිද...?:sorry::sorry:

    අද එදා තරම් සෙබළු ඕන වෙන්නේ නැ තක්ෂ්හනය නිසා.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේ සටන ගෑන කරපු movies එහෙම නෑද්ද

    documentary films නම් තියෙනවා.මම නම් ඒවා බලලා නෑ.මේක නම් සටන තිබුන අවුරුද්දේ හදපු එකක්ලු.ඇත්තම සටනේ වීඩියෝ තියෙනවාලු මේක





    මේක නම් BBC එකෙන් ගහපු doc.film එකක්

    51KTN0S8T8L.jpg
    The Somme: From Defeat to Victory (2006)​