ආස් කූරක් උඩයන්නෙ, වෙඩි තියනකොට තුවක්කුව පස්සට යන්නෙ
අන්න ඒ විදියට තමා රොකට් උඩ යනව ඇත්තෙ
බාහිර තරලයක් මත බලයක් යොදන්නෙ නෑ
රොකට් එකෙන් ගිනි පිටවෙනකොට ඉබේම රොකට් එක ඉස්සරහට විසි වෙනව..
ඕක නම් වෙන්නේ නිවුටන්ගේ 3 නියමය නිසා...
ආස් කූරක් උඩයන්නෙ, වෙඩි තියනකොට තුවක්කුව පස්සට යන්නෙ
අන්න ඒ විදියට තමා රොකට් උඩ යනව ඇත්තෙ
බාහිර තරලයක් මත බලයක් යොදන්නෙ නෑ
රොකට් එකෙන් ගිනි පිටවෙනකොට ඉබේම රොකට් එක ඉස්සරහට විසි වෙනව..
ප්ලේන් එන්ජින් සහ රොකට් එන්ජින් දෙකම වැඩ කරන්නෙ නිව්ටනේගෙ, සෑම ක්‍රියාවකටම ඊට සමාන ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත කියන නියමය පදනම් කරගෙන..
මම අහන්නෙ එතකොට දෙකේ වෙනස
ඔය කියන ප්‍රතිවිරුද්ධ බල ක්‍රියාකරන්නෙ මොකක් මතද?
ඕක නම් වෙන්නේ නිවුටන්ගේ 3 නියමය නිසා...
කෝ මේ කසුන් කඩපි
නිව්ටන්ගෙ තුන්වෙනි නියමය කිව්වොත් වැරදිද?
හැම එකටම නිව්ටන්ගේ තුන ගාවගන්න එපා පුටේ. Conservation of Momentum දන්නවා නේද.
ගම්‍යතා සංස්ථිතිය සිංහලෙන් කියනවා නම්. ඒ කියන්නේ Isolated (no external force is applied) එකක ගම්‍යතාවය හැමවිටම න්යතයි කියන එක.
මෙහෙම හිතමු. T=0 වලදී rocket 1ක් තියනවා නිශ්චලව. mass = m1. ගම්‍යතාව P=0.
T=t වලදී මූ m2 ප්‍රමාණයක fuel burn කරලා පිටිපස්සට විදිනවා v2 speed එකකින්.
දැන් rocket එකේ mass = m1-m2 (assume m2 is verry small), then mass = m1
rocket එකේ speed එකේ v1 කියල හිතුවොත්.
m1 x v1 + m2 x v2 = P = 0
v1 = - (m2/m1) x v2
ඕකට එළියේ වාහුගොලය අදාළ නෑ කියල තේරෙනවනේ.
හොඳට polish කරපු floor එකකට, හොඳට oil එහෙම දාපු chair එකක ඉඳගෙන, mass 1ක් ඉස්සරහට විසි කරපංකෝ, එතකොට උඹ අනිත් පැත්තට යැවෙනවනේ.
ඔතන වාතය නිසා වෙන දෙයක් නෑ නේද.
දැන් මේක කියෙව්වාම උඹට තව ගොඩක් ප්‍රශ්න එයි (එන ප්‍රශ්නත් දන්නවා). ඒවට උත්තරත් තියනවා, ඒ උනාට කම්මැලි යකු ඔය ඔක්කොම කොටන්න.


විද්‍යා ප්‍රබන්ධ මිත්‍යා ප්‍රබන්ධ නොකොට ලිව්වේ අපේ ප්‍රවීන රචකයා...
එයා ලිව්වා ස්පේස් එකේදි අතේ තිබුනු මිටියක් ප්‍රතිවිරුද්ධ පැත්තට විසිකරලා ඕන පැත්තට චලිතයක් ගත්ත කතාවක්![]()

නිවටන්ගේ තුන්වෙනි නියමය සින්හලෙන් ලියන්න.
අන්න එ්ක මටත් තාම තේරුම් ගන්න බැරි වුන දෙයක්
පෘථිවියේ දි නම් jet එන්ජිම වායුව ප්‍රති විරුද්ධ දිශාවට තල්ලු කිරීම නිසා ඉස්සරහට යන එක නේ වෙන්නෙ.
එ්ත් අභ්‍යවකාශය කියන්නෙ රික්තයක් නේ.
එතකොට මොකද්ද වෙන ක්‍රියාවලිය කියලා මම දැනෙන නෑ
rocket yanne wayugolayen eliyata gyama kaksha wala karaki karaki neda. ethakota kakshe wata karakila awashaya velocity eka aran kakshen ayin wenawa.e wage ekaka path eka calculate karanwa kyanne henama wadak tama.

