යාළුවනේ, Daraz එකෙන් ගත්ත Compatible Toner එකක් නිසා මගේ Canon 6030 ප්‍රින්ටරේට ඊයේ කෙල වුනා. රු. 2050/- කට ගත්තේ Premium කියලා බ්‍රෑන්ඩ් එකක්, Toner Cartridge එක දාලා Power On කරද්දීම ස්පාක් වෙනවා දැනුනා, දැන් ප්‍රින්ටරය වැඩ කරන්නේ නෑ, Power On LED එක පත්තු වෙනවා විතරයි. මේ ගැන ප්‍රින්ටර් රෙපයාර් කරන තැනකින් ඇහුවාම කිව්වේ ටෝනර් එකේ චිප් එකේ ෂෝට් එකක් නිසා ප්‍රින්ටරයේ මදර් බෝඩ් එක ගිහින් කියලා. BIOS chip එක ගිහිල්ලා නම් බෝඩ් එකම දාන් ඕනලු, රු. 17000/- විතර වෙනවාලු. එහෙම නෙමේ නම් බෝඩ් එක රෙපයාර් කරලා දෙන්න පුළුවන්ලු, රු. 2000/- විතර යයි කීවා. Compatible Toner Cartridge දානකොට පරිස්සම් වෙන්න, හොඳ බ්‍රෑන්ඩ් වල ඒවා විතරක් දාන්න. මේ ගැන විස්තර දන්නවා නම් උපදෙස් දෙන්න. ස්තුතියි.