ප්‍රේත_ලෝකයේ_මනාලිය

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ප්‍රේත_ලෝකයේ_මනාලිය

    11039046_790330187729264_7784197956258111252_n.jpg

    ප්‍රේත ලෝකයේ මනාලිය
    (ඔබම මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා කරන්නද?)
    .

    තරුණියකගේ ජීවිතයේ සුන්දරම බලාපොරොත්තුව මොකක්‌ද කියල ඇසුවොත් දෙවරක්‌ නොසිතාම ලැබෙන පිළිතුර තමයි විවාහය. තරුණියකගේ මනෝරාජ්‍යය තුළ හොඳ පවුල් පසුබිමක්‌, හොඳ මනාලයෙක්‌, ලොකු විවාහ උත්සවයක්‌, පෝරුව චාරිත්‍ර... මේවාට තිබෙන්නේ ලොකු කැමැත්තක්‌. මෙවැනි සුන්දර බලාපොරොත්තු, ජීවිතය සමඟ බැඳුන බලාපොරොත්තු, ජීවිතය ජීවත් කරපු බලාපොරොත්තු... විවාහය යනු ජීවිතයයි, ජීවිතය යනු විවාහයයි, විවාහය මගේ ආත්මයයි කියල තබාගෙන තිබෙන බලාපොරොත්තු බිඳුන විටදී, දෙදරා ගිය විටදී, අහිමිවී ගිය විටදී, තවකෙකු විසින් බිඳදැමූවිටදී අහිංසක යුවතියකගේ සිතේ ඇතිවෙන පීඩනය කොතෙක්‌ද? එම බලාපොරොත්තු අහිංසක යුවතියකගේ සිතේ ඇතිකොට එය විනාශකොට දැමූ විටදී, සුන්දරම සිහිනය මරාදැමූ විටදී, ඇය තුළ කුමන මනෝභාවයන් ඇතිවෙයිද? මෙවැනි මනෝභාවයන් තුළදී ඇය මිය ගියහොත්, දිවිනසාගතහොත්, මරාදැමුවහොත්, ඇයට පරලොවදී කුමක්‌ වෙයිද? ඔබ සිතනවාද ඇය තම ආත්මය කරගත්ත බලාපොරොත්තුව ඇයට අතහැරී සිත නිරුද්ධ වෙයි කියල. ඇය ගොඩනැගූ සිහින මාලිගා, එකතු කළ රන් රිදී ආභරණ, තැන්පත්කරගත් වැටුප් මුදල්, තෝරාගත් මඟුල් සාරි ... මේ සියල්ල උදෙසා ඒවා අරමුණුකොටගත් තෘෂ්ණාව, උපාදානය ඇයට අතහැරී සිත නිරුද්ධ වෙයි කියලා. එය නොවන දෙයක්‌මයි. එහෙමනම් කුමක්‌ද සිද්ධවෙන්න පුළුවන්.

    භික්‌ෂුවක්‌ සමාධිය තුළ සිටින විට මෙවැනි දර්ශනයක්‌ දැකගත හැකිවිය. මෙය ප්‍රේත ලෝකයේ ප්‍රේතියකගේ දර්ශනයක්‌. හැසිරීමේ රටාවකි. ඇය කර්ම විපාක ගෙවන දර්ශනයකි. තමන් අල්ලාගත් උපාදානයේ බලවත් බව නිසා ඇය විඳිනා දුකේ ස්‌භාවයකි.

    ප්‍රේතිය වයස අවුරුදු විසි පහක පමණ තරුණියකි. ඇය සැරසී සිටියේ මගුල් දවසට මනාලියක්‌ පළඳින සුදු සාරියක්‌ සහිත මඟුල් ඇඳුමකිනි. ඇය ඉතාමත් කළු පැහැති, කිසිඳු ප්‍රසන්නභාවයක්‌ නොපෙනෙන, ගුප්ත මුහුණක්‌ සහිත මනාලියකි. මනාලියක්‌ සේ හැඳපැළඳගෙන ඇවිද්දත් ඇය ඇවිදින මළමිනියක්‌ වගේය. මළමිනියක මුහුණේ ස්‌වභාවය ඇයට තිබිණි. මනුෂ්‍ය ලෝකයේදී තරුණියක්‌ මියගියහම ඇයගේ සිරුර පෙට්‌ටියේ බහා තැන්පත් කරන්නේ ඇයව මනාලියක්‌ සේ හැඩගන්වාය. එහෙත් එම දේහය දින දෙකක්‌ පමණ ගතවන විට කළුපැහැ ගැන්වේ. ඉහත ප්‍රේත මනාලියගේ ස්‌වභාවයද එසේමය. ඇය මනාලියක්‌ සේ සැරසී මල් පොකුරක්‌ද අතැතිව ප්‍රෙAත ලෝකයේ ඇවිදින්නීය. නමුත් ප්‍රේතියගේ කය සියුම් ස්‌වභාවයෙන් යුක්‌ත නිසා ඔබගේ මස්‌ ඇසට නොපෙනෙයි. සාමාධිමත් සිතට ඇයගේ සියුම් කය දර්ශනය වෙයි. භික්‌ෂුවට ඇය දර්ශනය වන මොහොතේ ඇය සිටියේ මනුෂ්‍ය ලෝකයේ මඟුල් ගෙදරක ස්‌වභාවයේ ස්‌ථානයකය. සමහරවිට එය හෝටලයක උත්සව ශාලාවක්‌ වීමටද පුළුවන. එහෙත් එය ඉහළ ස්‌වභාවයේ මඟුල් උත්සවයකි. භික්‌ෂුවට හැඟී ගියේ ප්‍රේතිය තමාව කවුරුන් හෝ විවාහ කරගනී යෑයි විශ්වාසයෙන්, විවාහයට දැඩි කැමැත්තෙන් ඇවිදින බවයි. ප්‍රේත මනාලියට විවාහවීමට දැඩි වුවමනාවක්‌ තිබෙන බව පෙනිණිs. ඇය මඟුල් ශාලාවේ වාඩිවී සිටින අමුත්තන් අතර ඉඳගනිමින් ශාලාවේ ඇවිදිමින් සිටිනවා භික්‌ෂුවට දර්ශනය විය. ඇය හරිම අවාසනාවන්තියකි. මනුෂ්‍ය ලෝකයේදී තබාගත් විවාහය පිළිබඳ බලාපොරොත්තුව ප්‍රේත ලෝකයේදීද ඇයට අතහැරී නොමැත. භික්‌ෂුවට හඳුනාගැනීමට ලැබුණ මේ ප්‍රේත මනාලිය අර විවාහ උත්සවයට ඇවිත් සිටි පිරිමින් හා විවාහය බලාපොරොත්තු වන බවයි. මෙය ප්‍රේතියගේ උපාදානය පිළිබඳ අහිංසකත්වය කියාපාන දුක්‌මුසු අවස්‌ථාවකි. ප්‍රේත ලෝකයේ සිටියද උපාදානයේ බලවත් බව නිසා හෝ ඇයගේ කර්ම විපාකය නිසා ඇය විවාහයට බලාපොරොත්තු වන්නෙ මනුෂ්‍ය පුතෙක්‌ වීමටද පුළුවන. මෙම කර්ම විපාකය ඇයට ලැබුණේ සමහරවිට අනුන්ගේ විවාහයක්‌ කේලමක්‌ කියා, බොරු කියා, වංචාකොට කඩාකප්පල් කිරීම නිසාද විය හැකිය. එසේත් නොමැතිනම් තමාගේ විවාහ සිහිනය තවකෙක්‌ මරාදැමූ නිසාද විය හැකිය. කොටින්ම ඇයට මෙ විරූපී ස්‌වභාවය ලැබුණේ මැරෙන මොහොතේදී මෙන්ම ජීවත්ව සිsටියදී වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැඩීම නිසා බව නම් සක්‌සුදක්‌ සේ පැහැදිලිය. තමා මියයන මොහොතේ තමාගේ විවාහය විනාශ කළ අය කෙරෙහි වෛරය ක්‍රෝධය ඇති කරගත් නිසා ඔහු කෙරෙහි වෛරයෙන් සියදිවි නසාගත් නිසා මියගිය පසු විරූපී ප්‍රේතියක්‌ වූවාද විය හැකියි.

    කෙසේ හෝ ඇය මනාලියක්‌ වීමේ සිහිනය දරාගෙන මඟුල් සාරියකින් හැට්‌ටයකින් සැරසීගෙන සුදෝ සුදු මල් කලඹක්‌ අතින් ගෙන ඇය තවමත් ප්‍රේත ලෝකයේ සරන්නීය. ප්‍රේත ලෝකයේ සරණ මේ ප්‍රේත මනාලිය සහකරුවෙක්‌ සොයන්නීsය. ඇය කළු පැහැතිය, උස අඩි 5' 5" පමණි, ආගම මිථ්‍යාදෘෂ්ඨිකය, ජාතිය ප්‍රේත ජාතියයි, කුළය සතර අපායයි. ඔබ කැමතිනම් ඇයට සහකරු වීමට ඇය කළා සේම අකුසල කර්ම සිදුකොට ප්‍රේත ලෝකයේදී ඇයව හමුවන්න. ඔබ ඇයට මඟුල් සාරි, මල්කලඹ සෙවිය යුතු නැත. මන්ද ඇය ඒවා හැඳපැළඳගෙනම ක්‍ෂණික විවාහයක්‌ බලාපොරොත්තුවෙන් ප්‍රේත ලෝකයේ සරන්නීය. මනුෂ්‍ය ලෝකයේ සිදු වූවාසේ නොව, විශ්වාසය අගේ කොට සලකමි. අවිද්‍යාවෙන් අන්ධ, කාමයෙන් බරිත මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයකු ඉහත යෝජනාවටද කැමති වුවහොත් භික්‌ෂුව පුදුම වන්නේ නැත. පුදුම වන්නේ මෙයට කිසිවකු කැමති නොවුණහොත්ය.

    දැන් ඔබට පැහැදිලිද මනමාලියෝ ඉන්නෙ මනුෂ්‍ය ලෝකයේ විතරක්‌ නොවේය කියලා? සුදු මඟුල් සාරියක්‌ හැට්‌ටයක්‌ ඇඳගෙන සුදු මල් කලඹක්‌ අතැතිව ප්‍රේත ලෝකයේ සරණ මේ මනාලිය මනුෂ්‍ය අපට කියන්නේ හොඳ පාඩමක්‌, දුර්ලභ පාඩමක්‌, ඇඟ කිළිපොලා යන පාඩමක්‌. මනුෂ්‍ය දියණියක්‌ මගුල් ඇඳුම අඳින්නේ ජීවිතයේදී එකම දවසයි. ඒත් ප්‍රේත ලෝකයේදී ඇය කල්ප ගණනක්‌ මඟුල් ඇඳුම ඇඟලාගෙනම ඇයගේ ක_ම විපාකය නිසා සහකරුවෙක්‌ නොමැතිව දුක්‌ විඳිනවා. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය දුවෙක්‌, පුතෙක්‌ විවාහයක්‌ හරි නොගියොත් විවාහය ප්‍රමාද වුණොත් අවුරුදු හැටක්‌ ජීවත්වෙලා මැරිල යයි. ඒත් මේ ප්‍රේත මනාලියට තව කල්ප ගණනක්‌ මඟුල් ඇඳුම දරාගෙනම මනමාලයෙක්‌ සොයා යන්න සිද්ධ වේවි. එයාගේ කර්ම විපාකය නිසා එයාට කවදාකවත් මනමාලයෙක්‌ ලැබෙන්නෙ නැහැ. මේ හේතුවෙන් ඇය තුළ තව තව වැඩෙන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, රාගය, කාමය ආදී දේය. මේවා දරුණු අකුසල් ධර්මයන්මයි. මෙන්න මේ අකුසල් නිසා ඇය තව තව විරූපීභාවයට පත්වෙමින් ගැටෙමින් අවසානයේ නිරයේ ගිනිදලු මතටම වැටෙනවා. බලන්නකො අනුන් කළ දෙයක්‌ නිසා වෛර කරලා , ක්‍රෝධ කරලා, ඊර්ෂ්‍යා කරල අනුන් නිසා ප්‍රේත ලෝකයේ දුක්‌ විඳිනා දියණිය. අනුන් බලාපොරොත්තු නැති කළා කියල අනුන් ඔබේ සිහින බිඳදැම්ම කියල ඔබ ඒ අයට වෛර කරන්න, ක්‍රෝධ කරන්න යන්න එපා. මොකද බලාපොරොත්තු ඔබට අයිති නැති නිසා. ඔබට අයිති නැති බලාපොරොත්තුවක්‌, ඔබේ වසඟයේ නොපවතින බලාපොරොත්තුවක්‌ ඔබේ කරගෙන ඔබ ඇයි දුක්‌ විඳින්නේ. බලාපොරොත්තු තමයි අපව ජීවත් කරවන්නේ. එක බලාපොරොත්තුවක්‌ බිඳ වැටෙනකොට තව බලාපොරොත්තුවක්‌ ඇතිවෙනවා. බලාපොරොත්තු තමයි ජීවිතය. අපි බලාපොරොත්තු පස්‌සේ දුවනවා, ඒවා අපේ කරගෙන. අපිට වැටහෙන්නේ නැහැ බලාපොරොත්තුව මිරිඟුවක්‌ කියලා. බලාපොරොත්තුව කියන මිරිඟු=ව පස්‌සේ දුවලා අර ප්‍රේත මනාලියට වෙලා තිබෙන අලකලංචිය ඔබ දැක්‌කා නේද?

    සති අන්ත පුවත්පත්වල සෑම භාෂාවකින්ම මංගල යෝජනා කී දාහක්‌ පළවෙනවද, සෑම භාෂාවකින්ම. මිනිස්‌සු වන්දනාවේ ගිහිල්ල, රැකියාවට ගිහිල්ල, දුම්රියේ, බස්‌රථයේ මොන තරම් බැඳීම් ඇතිකරගන්නවද. මේ බැඳීම් වල මොනතරම් වංචාසහගත දේවල් සැඟවිලා තිබෙනවාද. ප්‍රොaඩාවන්, මුළා කිsරීම්, නොමඟ යෑවීම් තිබෙනවාද. තමාගේ කැමැත්ත උදෙසා, තමාගේ සැප උදෙසා, තමාගේ පැවැත්ම උදෙසා මිනිසා මේ නොමඟ යෑවීම් කරන්නේ හරිම කැමැත්තෙන්.

    මේ මගේම සහෝදරියක්‌, මේ මගේම සහෝදරයෙක්‌ කියන හැඟීSම සමාජයට නැහැ. මේ හේතුව නිසාම සමාජය වෛරයෙන්, ක්‍රෝධයෙන් පිරිලා. කඳුළින් තෙමී ගිය විවාහ සහතිකය ගිනි අවුළුවාගෙන එම ගින්නෙන්ම තමුන් දැවී යන්නේ, මේ ක්‍රෝධය නිසාමයි. මඟු=ල් සාරිය බාල්කය මතට දමා, මඟුල් සාරියම ගෙලට තොණ්‌ඩුවක්‌ වී මියයන්නේ මේ වෛරය, ක්‍රෝධය නිසාමයි. ඔබ බුද්ධිමත් වන්න. ඔබේ සතුට උදෙසා තවකෙක්‌ වෛරයෙන් ක්‍රෝධයෙන් විනාශ නොකරන්න. අහිංසකයන්ගේ අහිංසකභාවය ඔබ ඔබේ අවිචාරවත් බවේ ගොදුරක්‌ කර නොගන්න. අහිංසක ඔබද මෙවැනි අවිචාරමත් අයෙකුගෙන් පීඩාවට පත්වුවද, ඔහු නිසා ඔබ වෛර ක්‍රෝධය ඇතිකර නොගන්න. ඔබ එක දුකක්‌ නිසා දුක්‌ ගොඩක උරුමක්‌කාරයෙක්‌, උරුමක්‌කාරියක්‌ නොවන්න. ඔබ තවම ප්‍රමාද නැහැ. ඔබට තවම වෙලාව තිබෙනවා නිවැරැදි වෙන්න. නිවැරැදි තැනට එන්න. එහෙත් අර ප්‍රේත ලෝකයේ ප්‍රේත මනමාලියට නම් දැන් ප්‍රමාදයි. ඇයට දැන් සරණක්‌ නැහැ. අහිංසකාවිය දුකෙන් දුකටම යනවා. ඇයට නිවැරැදි වෙන්න දැන් කිසිම අවස්‌ථාවක්‌ නැහැ. අනේ මේ අහිංසකාවිය මිය යන මොහොතේ සිතට ආපු වෛරය ක්‍රෝධය අනිත්‍යයයි කියලා දැකගත්තා නම්, මේ සිත මගේ නොවේය කියලා දැකගත්තානම්, එවැනි දැනීමක්‌ නොමැති වූ නිසා මැරෙන මොහොතේ සියලු සත්වයෝ සුවපත්වේවා, නිදුක්‌ වේවා, නිරෝගී වේවා කියලා හිතුවානම්... එසේත් නැතිනම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක්‌ සිහියට නගාගත්තා නම්, බුදු රුව සිහියට නගාගත්තා නම්, එසේත් නැතිනම් කසාවත් චීවරයක්‌ නගාගත් භික්‌ෂුවක්‌ මතකයට නගාගත්තා නම් දෙවියනේ ඔය ප්‍රේත දුකෙන් ඇය ගැලවිලා හිමිවන්නේ සුගතියක්‌මයි. බලන්නකෝ සතියයි සිහියයි ඇයට නොතිබුණ නිසා, ඇය සද්ධර්මය ශ්‍රවණය නොකළ නිසා, බුදු ගුණ නොවැඩූ නිසා, මෛත්‍රිය නොවැඩූ නිසා ඇයව සනසන්නට ආවේ වෛරයයි, ක්‍රෝධයයි, කැමැත්ත පිළිබඳ උපාදානයයි. යහපත අතහැරුණු කල අල්ලාගත්තේ අයහපතමයි.

    භික්‍ෂුව මේ සටහන ලියන මොහොතේ වැඩ සිටින්නේ කැලෑබද ආරණ්‍යයක. එම ආරණ්‍යයේ දන් පිරිසට දානය උයන්නට ලොකු ශාලාවක්‌ හදලා තිබෙනවා. අලුත් ශාලාවක්‌. සුදු තීන්ත ගාලා හරි වෙහෙස මහන්සි වෙලා දායකයෝ මෙය හදලා තිබෙන්නේ. සිමෙන්ති කොට්‌ටයක්‌ කැලය මැද්දෙන් කිලෝමීටර දෙකක්‌ පමණ ඔසවාගෙන ඇවිත් මේ අලුතින් හදපු ශාලාවේ සුදු බිත්ති සියල්ලේම දුරකථන අංක ලියලා. එම අංක යටින් පිරිමි ගැහැණු අයගේ නම ලියලා. මේ නම ධන තව නමක්‌ ලියලා, ගෙදර ලිපිනයත් ලියලා, වාහනයේ අංකයත් ලියලා, පිස්‌සන්කොටුවේ කාමරයකවත් මෙහෙම ලියලා නැතිව ඇති. මොනවද අපි මේ දාන උයන ශාලාවේ බිත්ති පුරා දකින්නේ. මනුෂ්‍යයාගේ කාමයේ ආශ්වාදය විඳින ස්‌වභාවය, මෙය විකෘතියක්‌. නිශ්චල නොවූ, තැන්පත් නොවූ, විසිරුණු සිතක කැඩපතක්‌. පිංවත් දරුවනේ ඔබලා තරුණ කාලයේදීම මේ මඟ එළිපෙහෙලි කරගන්නේ යහපතට නම් නොවේ, අයහපතටමයි. අඟුරු කැබලි වලින් සුදු බිත්තියේ ඔබ මේ තබන සටහන්, මේ ප්‍රවේශය අනාගතයේදී ඔබව බලාපොරොත්තු කඩවීම නිසා වෛරයෙන් ක්‍රෝධයෙන් පිරී ගිය සිතකින් ප්‍රේත ලෝකයට වැටුන ප්‍රේත මනාලියට අත්වූ දුක්‌ත ඉරණමටම පත්කරවනු ඇත. එහෙයින් ඔබ ප්‍රවේශම්වෙන්න. කාමය අනතුරු සහිතයි. කාම බලාපොරොත්තු බිඳ වැටෙන මොහොතේ ඒ හිස්‌තැන පුරවන්නේ වෛරය සහ ක්‍රෝධය විසින්මය. ඒවා කාමයේ ආදීනවයන්ය. කාමය උදෙසා ඔබේ බලාපොරොත්තු ඔබ අල්ලාගතත්ද, බිඳවැටුණද එහි ප්‍රතිඵලය ක්‍රෝධයයි. වෛරයයි. එහෙයින් ඔබ කළ යුත්තේ අවබෝධයෙන් අතහැරීමයි. ක්‍රමයෙන් ඒ අතහැරීම පුහුණුවීමයි. ජීවිතයට හුරුකරවීමයි. සතර අපායට නොවැටෙනවාය කියන විශ්වාසය ජීවිතයට පුරුදු කිරීමයි. වෛරයේ ක්‍රෝධයේ සිතුවිල්ල වෙනුවට මෛත්‍රී සිතිවිලි නිතර මෙනෙහි කිරීමයි. තම ප්‍රතිවාදියාගේ රුව වෙනුවට, තමා දුකට පත් කළ පුද්ගලයාගේ රුව වෙනුවට, ඔබ ලොව්තුරා බුදු සමිඳුන්ගේ රුව ගුණ සිහිකිරීමයි. ධර්ම රත්නයේ, සංඝරත්නයේ අනන්ත වූ ගුණ සිහිකිරීමයි. මෙනෙහි කිරීමයි. සතර අපායේ දුක වෙනුවට, සුගතියකට උපතක්‌ ලබාගැනීමට ඔබට ඔබ අනුකම්පා සහගත වීමයි. ඔබ මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා කරන්නද?



    Source : DhammaDana
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මේකට සමාන සිද්දියක් බොරැල්ල කනත්තේ වෙලා තියනවා ..!!
    එ මනමාලි ඇක්සිඩන්ට් එකක් වෙලා මැරිලා
     
    • Like
    Reactions: cool-sasika

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕව 100% යටි හිතේ බලපෑම් හින්ද ඔහොමෙ පේන්නෙ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහිංසක තනිකඩ කොල්ලෙක් කොහොමද බන් ඉතිං පාරක බැහැල යන්නේ :( මනුස්ස කෙල්ලෝ මදිවට අමනුස්ස කෙල්ලොත් ඉන්නවලු කොල්ලෝ ඩැහැගන්න මගුල් ඇඳුමෙන්ම.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එහෙම කියල හිතාගෙන ඉන්න
    පෙරේතයො භූතයො කියල දෙයක් නෑ මේව ඔක්කොම යටි හිතේ බලපෑම් කියන එක නවීන විද්‍යාව පිළි අරගෙන ඉවරයි. මේව ඔක්කොම පසුගාමී ආකල්ප. 21 වෙනි සියවසේ ඉන්න බුද්ධිමත් මිනිස්සු මේව පිළිගන්නෙ නෑ.
     
    • Like
    Reactions: topkollek