යාලුවා සිල් රෙදි බෙදුවේ දේශපාලන වාසියක් ගන්න.එක කලේ චන්ද ප්‍රචාරණ කටයුතු නවත්තල තියන්න ඕන කාලයේ. ඒ වගේම පවුද්ගලික මුදල් වලිනුත් නෙමෙයි එක කලේ. එකට දඬුවම් කලහම. එක වැරැද්දක් කියල පිළිගන්නේ නැතුව එක තමන්ට / බුදු දහමට තර්ජනයක් කියල නීර්ණය කරන එක සම්පුර්ණ වැරදියි.
හැමදේම ආගමික කෝණයෙන් බලන්න ඕනේ නැහැ. මම එකට 100% එකඟයි. එත් බුදු දහම පිළිපැදල බුදුන් වහන්සේගේ ධර්මය ඉදිරියට ගෙනයන්න ඉන්න ස්වාමින් වහන්සේලා බුදු ධර්මය 100% පිළිපදින්න ඕනේ එහෙම උනේ නැහැ කියන්නේ . උන්වහන්සේලා පිළිගන්නේ නැහැ තමන් දේශනා කරන ධර්මය සත්‍යයි කියල.![]()
එතකොට මේ වගේ සුළුතර සංගයාවහන්සේලා කොටසක් තමන් දේශනා කරන ධර්මයට ලොකු අගෞරවයක් සිදු කරන්නේ. නවගුණවැල අතට ගත්ත හාමුදුරුවරයෙකුට කඩුවක් අතට ගන්න බැහැ. කඩුවක් අතට ගන්න ඕනේ නම් ගිහියෙක් වෙන්න.
උඹ ඔය ගෙන තර්කය ගිහියන්ට කමක් නැහැ.
චන්ද ප්‍රචාරනයක් කියල නෙමේනෙ නඩු දාල තියෙන්නෙ...අනික තමයි ආණ්ඩුවෙ සල්ලි හොරකම් කරල නෙමේනෙ කරල තියෙන්නෙ සිල් රෙදි බෙදපු එක...අනික තමයි ලලිත් වීරතුගල හොද මිනිස්සු....හොරා කාපු උන් නෙමේ...තමන්ගෙ නිල රාජකාරිය තුලින් යමක් සාසනේට කරපු මිනිස්සු....හාමුදුරුවරු ඒ කෙලෙහිගුනත් බලනව....
මම දැක්ක උතුරු මහ ඇමතිත් කියනව ලලිත් හොද මනුස්සයෙක් කියල....මම කියුවෙ නැ කඩුවක් ගන්ඩ කියල....හාමුදුරුවරුන්ට තියෙන හොදම අවිය තමයි සිවුර සහ පාත්තරය...ඒක පවිච්චි කරද්දි රිදෙන්ඩ පුලුවන් පිරිසකට....හාමුදුරුවරු ඒ අවිය බාවිතා කරනව....විවස්තාව වගේ කාරනයකදි ඔයිට වඩා බලපෑමක් ආණ්ඩුවට කරයි උන්වහන්සේල....යුද්දෙ කරල දිනාගත්ත රට බන්දේසියෙ තියල කාවත් පුදුනකන් බලන් ඉදීද...




