පාන් පීසා රෙසිපි
1. Sweet Corn with Chicken
අවශ්‍ය ද්‍රව්‍ය
වාටි ඉවත් කරල ගත්තු පාන් වලට බටර් ටිකක් ගාල ඊට උඩින් ටොමැටො සෝස් ටිකක් හරි ටොමැටො පේස්ට් එක හරි පොඩ්ඩක් ගා ගන්න.
චිකන් වලට ලුණු, ගම්මිරිස් සහ ඔරිගානෝ එක් කර හොඳින් කලවම් කර පාන් පෙත්ත උඩින් අතුරා එයට උඩින් බෙල් පෙපර් සහ ස්වීට් කෝන් ඉස මොසරැල්ල චීස් පාන් පෙත්ත වැහෙන්නට දමා ගන්න.
සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 7,8ක් පුළුස්සා ගන්න.
2. Hawaiian Pizza
අවශ්‍ය ද්‍රව්‍ය
බටර් තවරාගත් පාන් පෙති මත ටොමැටෝ සෝස් හෝ පේස්ට් තවරා එයට උඩින් මොසරැල්ල චීස් ඉසගන්න. එයට උඩින් කපාගත් හැම්, මාළු මිරිස් සහ අන්නසි අතුරා ඔරිගානෝ මිශ්‍රණය ඉස එයට උඩින් තවත් මොසරැල්ල චීස් තට්ටුවක් දමාගන්න.
සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 7,8ක් බේක් කරගන්න.
3. Egg and Cheese Layered Pizza
අවශ්‍ය ද්‍රව්‍ය
පෙර පරිදිම බටර් තවරා ගත් පාන් පෙති මත ටොමැටො සෝස් හෝ පේස්ට් තවරා ගන්න. එයට උඩින් මයොනිස් සෝස් තවරාගන්න.
තක්කලි පෙති පාන් පෙති මත අතුරා ඊට උඩින් මොසරැල්ල චීස් ඉස ගන්න. ඒ මතින් ලූනු පෙති තබා එයට උඩිනුත් චීස් ඉස ගන්න. බිත්තර සහ මාළු මිරිස්ද ඒ ආකාරයෙන්ම චීස් සමඟ ලේයර් කර අතුරා අවසාන චීස් ලේයර් එකට උඩින් ලුණු සහ ගම්මිරිස් ඉසගන්න.
සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක දමා විනාඩි 7,8ක් පුළුස්සාගන්න.
4. Egg and Seeni Sambol
අවශ්‍ය ද්‍රව්‍ය
සෙල්සියස් 160ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 7,8ක් පුළුස්සා ගන්න.
5. Tempered Salmon Pizza
අවශ්‍ය ද්‍රව්‍ය
බටර් තවරාගත් පාන් පෙති මත ටොමැටො සෝස් හෝ පේස්ට් තවරා ඒ මතින් සැමන් තෙම්පරාදුව දමාගන්න. එයට උඩින් ටොමැටො කෙචප් ටිකක් දමාගෙන මාළු මිරිස් අතුරා එයට උඩින් මොසරැල්ලා චීස් ඉස ගන්න.
සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 5,6ක් පුළුස්සාගන්න.
6. Chocolate, Honey and Banana
අවශ්‍ය ද්‍රව්‍ය
කුකින් චොකලට් ටික ඩබල් බොයිල් කර උණු කරගන්න. බටර් තවරාගත් පාන් පෙති මත චොකලට් ත්වරා ඒ මතින් පෙති කපාගත් කෙසෙල් තබාගන්න.
ඊට උඩින් මීපැණි වත් කර කජු ඉස ගන්න. සෙල්සියස් 160ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 5ක් පුළුස්සාගන්න.
1. Sweet Corn with Chicken
අවශ්‍ය ද්‍රව්‍ය
- ස්වීට් කෝන්
- කපාගත් රතු පාට බෙල් පෙපර්
- කපාගත් ලූනු
- තම්බා පොඩි කරගත් චිකන්
- ලුණු/ගම්මිරිස් /ඔරිගානෝ
- ගාගත් මොසරැල්ල චීස්
වාටි ඉවත් කරල ගත්තු පාන් වලට බටර් ටිකක් ගාල ඊට උඩින් ටොමැටො සෝස් ටිකක් හරි ටොමැටො පේස්ට් එක හරි පොඩ්ඩක් ගා ගන්න.
චිකන් වලට ලුණු, ගම්මිරිස් සහ ඔරිගානෝ එක් කර හොඳින් කලවම් කර පාන් පෙත්ත උඩින් අතුරා එයට උඩින් බෙල් පෙපර් සහ ස්වීට් කෝන් ඉස මොසරැල්ල චීස් පාන් පෙත්ත වැහෙන්නට දමා ගන්න.
සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 7,8ක් පුළුස්සා ගන්න.
2. Hawaiian Pizza
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් චිකන් හැම්
- කපාගත් අන්නාසි
- මාළු මිරිස්
- ලුණු/ගම්මිරිස්/ඔරිගානො
- ගාගත් මොසරැල්ල චීස්
බටර් තවරාගත් පාන් පෙති මත ටොමැටෝ සෝස් හෝ පේස්ට් තවරා එයට උඩින් මොසරැල්ල චීස් ඉසගන්න. එයට උඩින් කපාගත් හැම්, මාළු මිරිස් සහ අන්නසි අතුරා ඔරිගානෝ මිශ්‍රණය ඉස එයට උඩින් තවත් මොසරැල්ල චීස් තට්ටුවක් දමාගන්න.
සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 7,8ක් බේක් කරගන්න.
3. Egg and Cheese Layered Pizza
අවශ්‍ය ද්‍රව්‍ය
- තක්කලි පෙති
- ලූණු පෙති
- කපාගත් මාළු මිරිස්
- තම්බාගත් බිත්තර පෙති කපාගන්න
- ලුණු/ගම්මිරිස්
- මයොනිස් සෝස්
- ගාගත් මොසරැල්ල චීස්
පෙර පරිදිම බටර් තවරා ගත් පාන් පෙති මත ටොමැටො සෝස් හෝ පේස්ට් තවරා ගන්න. එයට උඩින් මයොනිස් සෝස් තවරාගන්න.
තක්කලි පෙති පාන් පෙති මත අතුරා ඊට උඩින් මොසරැල්ල චීස් ඉස ගන්න. ඒ මතින් ලූනු පෙති තබා එයට උඩිනුත් චීස් ඉස ගන්න. බිත්තර සහ මාළු මිරිස්ද ඒ ආකාරයෙන්ම චීස් සමඟ ලේයර් කර අතුරා අවසාන චීස් ලේයර් එකට උඩින් ලුණු සහ ගම්මිරිස් ඉසගන්න.
සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක දමා විනාඩි 7,8ක් පුළුස්සාගන්න.
4. Egg and Seeni Sambol
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා පොඩි කරගත් බිත්තර
- සීනි සම්බෝල
- මොසරැල්ල චීස්
සෙල්සියස් 160ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 7,8ක් පුළුස්සා ගන්න.
5. Tempered Salmon Pizza
අවශ්‍ය ද්‍රව්‍ය
- තෙම්පරාදු කරගත් සැමන් (තෙල් දමාගත් සැමන්)
- ටොමැටො කෙචප්
- මොසරැල්ල චීස්
- කපාගත් මාළු මිරිස්
බටර් තවරාගත් පාන් පෙති මත ටොමැටො සෝස් හෝ පේස්ට් තවරා ඒ මතින් සැමන් තෙම්පරාදුව දමාගන්න. එයට උඩින් ටොමැටො කෙචප් ටිකක් දමාගෙන මාළු මිරිස් අතුරා එයට උඩින් මොසරැල්ලා චීස් ඉස ගන්න.
සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 5,6ක් පුළුස්සාගන්න.
6. Chocolate, Honey and Banana
අවශ්‍ය ද්‍රව්‍ය
- කුකින් චොකලට් (සාමාන්‍ය චොකලට් උනත් ගන්න පුළුවන්)
- ඉදුණු කෙසෙල් ගෙඩියක්
- මී පැණි
- කුඩු කරගත් කජු
කුකින් චොකලට් ටික ඩබල් බොයිල් කර උණු කරගන්න. බටර් තවරාගත් පාන් පෙති මත චොකලට් ත්වරා ඒ මතින් පෙති කපාගත් කෙසෙල් තබාගන්න.
ඊට උඩින් මීපැණි වත් කර කජු ඉස ගන්න. සෙල්සියස් 160ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 5ක් පුළුස්සාගන්න.
Socre: Aniwa .lk