පාන්_පෙරේතයෝ වර
බොහෝ දෙනෙක් උදේටයි රෑටයි කෑවට දවල්ටත් පාන්ම කන පාන් බට්ටො ඕන තරම්. කොයි වෙලේට කොහොම කෑවත් පාන් කියන්නෙ ලාබෙටත් පහසුවටත් රසටත් වේලක් පිරිමහගන්න පුළුවන් දෙයක්. මේ කියන්න යන්නෙ පාන් බට්ටන්ට ඕනෙම වෙලකට කන්න හිතෙන විදියේ පාන් කම්බිනේශන් ටිකක් ගැන. කනවයි කියල හැමදාම එකම විදියට පාන් කන්නත් බෑනෙ. මේ සමහර කම්බිනේශන් නම් ඔයාලට අළුත් දේවල් නෙවෙයි වෙන්න පුළුවන්, හැබැයි කියවලම බලන්න ඔයාල කන්නෙ මේ ක්‍රමේටමද කියල. මේ කියන දේවල් එක්ක පාන් මීට කලින් ට්‍රයි කරල නැත්නම් අනිවා ට්‍රයි කරල බලන්න කියල අපි කියනව.
යහමින් මුරුංගා කොළ ටිකක් එහෙම දාලා රතු පාටට තෙල් පෑදෙන්න හදපු කකුළුවො කරියක් එක්ක තැටි පාන් ගෙඩියකට වග කියන එක නම් ඒ හැටි දෙයක් නෙවෙයි. කකුළු කරිය එක්ක කන්න ගැලපෙන්නෙම තැටි පාන් හරි රෝස්ට් පාන් හරි තමා. මේ වගේ කෑමක් ඉතින් අතපය දිග ඇරල නිදහසේ කන්න ඕන. කකුළු කට්ටක් හපලා පාන් වාටියක් කර කර ගාල සද්දෙට කන කොටයි නියම රස
පාන් කිව්ව ගමන් සමහරුන්ට මතක් වෙන්නෙ පොල් සම්බෝලම තමා. එහෙමයි කියල නිකම්ම පොල් සම්බෝලයක් එක්ක පාන් කන එකේ ගතියක් නෑ. පොල් සම්බෝල හදන ක්‍රම ගොඩක් තියෙනව. මේ ක්‍රම වලින් පාන් කන්න වැඩියෙන්ම ගලපෙන්නෙ ඇඹුලට දෙහි වෙනුවට විනාකිරි පොඩ්ඩක් දාල ගලේ අඹරල කටට සැරට හදාගන්න පොල් සම්බෝලයක්. මෙහෙම හදාගන්න සම්බෝලයක් එක්ක නම් ඕනෙම පාන් එකක් ගැලපෙනව. හැබැයි රෝස්ට් පාන් වලට තමා අපේ වැඩි මනාපය.
ඔය 80 ගණන් වල ඉපදුන අයට නම් මතක ඇති පොඩි කාලෙ ඉස්සර සිල්ලර කඩවල සත පණහට තිබුණ චුට්ටන් හකුරු පලු. හවසට තේ එකක් බොන්න කලින් ඔයින් හකුරු පලු දෙක තුනක් එක්ක පාන් කාපු නැති පොඩිත්තෙක් ඒ කාලෙ නම් ඉන්න නැතුව ඇති. හකුරු එක්ක පාන් කන එක ඒ තරම්ම රසවත්. එහෙම පොඩි හකුරු කෑලි දැන් කඩවල නැතත් හකුරු ටිකක් ගෙනල්ලා හරි කාල බලන්නකො කාල නැති අය.
රස නම් දන්නෝ දනිති. මැටි හට්ටියක, තෙල් ටික පෑදෙන්න, දර ලිපක හින්දල, හාල් පොල් බැදල දාල කළුවට උයාගන්න පෝර්ක් කරියක් එක්ක පාන් කාපු කෙනෙක්ට ඒ රස නම් අමතක වෙන්න හේතුවක් නෑ. පොර්ක් කරියත් එක්ක පාන් කනව නම් රතු ළූණුයි අමු මිරිස් කරලකුයිත් අතරින් පතර කන්න තියාගන්න කියල අපි රෙකමන්ඩ් කරනව. කාලම බලන්නකො.
පාන් කන්න ඉස්සො හදනව නම් පොඩ්ඩක් හොද්දත් ඕන. හැබැයි දියට දියාරුවට හදාගන්න හොද්දකින් නම් වැඩක්ම නෑ. යහමින් තක්කලි එහෙම දාලා, උකු පොල් කිරි දාල, තෙම්පරාදු කරල, තෙල් පෑදෙන්න රතු පාටට සැරට හදාගත්ත කිරි ඉස්සො කරියක් තමා පාන් කන්න හරියටම ගැලපෙන්නෙ. කිරි ඉස්සො කරියක රස ඔය ජම්බො ප්‍රෝන්ස් වල නෑ නෝනලා.
දන්සැල් දෙන්න තරම් මේ කම්බිනේශන් එක කොයි තරම් රසට ගැලපෙනවද කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. නියම පදමට හදාගත්ත සීනි සම්බෝලයක තෙල් ටිකක් ගෑවුනත් ඇති පාන් කන්න. හැබැයි සීනි සම්බෝල එක්ක ගැලපෙන තව දෙයක් මේ පාන් එකටම එකතු කරගත්ත නම් තවත් රසවත් කියලයි අපි කියන්නෙ. ඔය පාන් කාලක් මැදට සීනි සම්බෝල ටිකක් දාගෙන. ඒකටම තම්බල පෙති කපපු බිත්තරයක් තියා ගත්ත නම් ආයෙ හොදි නම් ඕනෙම නෑ.
නෑ නෑ අර පාන් කියල කන බනිස් ගෙඩිය ගැන නෙවෙයි මේ. මේ කියන්නෙ පාන් එක්ක බිත්තර ගැන. බිත්තරයි පානුයි අතර සම්බන්ධෙත් ඉඳිකට්ටයි නූලයි වගේ. බිත්තර බුල්සයි, බිත්තර ඔම්ලට් විතරක් නෙවෙයි කැමති නම් සැරට නැත්නම් චීස් දාල එහෙමත් නැත්නම් එළවළු එහෙම දාල හදන බිත්තර ස්ක්‍රැම්බල් එකක් එක්ක පාන් ඕනෙම වෙලාවක කන්න පුළුවන්. හුඟක්ම ගැලපෙන්නෙ අච්චු පාන් හරි සැන්ඩ්විච් පාන් හරි තමා.
තෙල් මිරිස් සැර ටිකක් වැඩියෙන් දැනෙන්න ළූණු යහමින් දාලා තෙල් දාපු අල එක්ක රෝස්ට් පාන් කියන්නෙ ආයෙ කඩන්න බැරි කම්බිනේශන් එකක්. අල ටික තෙල් දාගන්න කොට ඕකටම කූණිස්සො ටිකකුත් එකතු කරලම තෙල් දාල ගත්ත නම් ඉතින් ඒ රස ගැන කියන්න වචන නෑ. කට දැවිල්ල එනකන් අල එක්ක රෝස්ට් පාන් කාල උණු උණුවෙ ප්ලේන්ටියක් බිව්ව නම්ම්ම්…
පොල් එක්ක පාන් කන්න ගත්තොත් අම්මලගෙ කෑගැහිල්ල තමා බඩ රිදෙන්න ගනී කියන එක. ඔහොම කියන්න හේතුවක් නම් අම්මල දන්නෙත් නැතුව ඇති ඒත් ඉතින් පුරුද්දට කියනව. අම්මල එහෙම කිව්වට අපි නොකා ඉන්නවද නෑනෙ නෑනෙ. උණු උණුවෙ ගෙනාපු තැටි පාන් කෑල්ලක් එක්ක අළුතෙන්ම බිඳල ගත්තු පොල් ගෙඩියකින් ගාගත්ත පොල් ටිකක් කන එක වෙනම රසයක්. කටට සැරට කනව නම් රතු ළූණු ගෙඩියක් එක්ක අමු මිරිස් කරලකුත් හපන්න ගත්තට කාරි නෑ.
දෙල් කරිය එක එක උදවිය එක එක තාලෙට උයනව. දෙල් වලටම මස් දාල හදන කරියත් එක්ක පාන් නම් මරතැහැකි. මස් කිව්වෙ මොන මස්ද කියල හිත හිත ඉන්න එපා. මේ විදියට දෙල් කරිය උයාගන්න ඕනෙම මසක් ගැලපෙනව. නැත්නම් වෙන වෙනම උයාගත්ත දෙල් කරියකුයි මස් කරියකුයි එකට මික්ස් කරල හරි මේ විදියට කාලම බලන්න කියල අපි කියනව. දෙල් වල කිරි රසයි පිටි ගතියයි එක්ක මස් වල සැර එකතු උනාම රෝස්ට් පාන් වාශ්ප වෙනව මචන්ලා
හම්මේ ඉතින් දුප්පතාට නෑ සැප ලෝකේ කිව්වට දුප්පතාගෙ කෑම කියල නම් දරාපු පානුයි පරිප්පුයි නොකාපු කෙනෙක්ට රජ පුටුවත් සුදුසු නෑ. පාන් එක්ක පරිප්පු කියන්නෙ සැබෑම ප්‍රේමයක්. හැබැයි ඔය හැම පරිප්පුවටම පාන් වල සැබෑ ප්‍රේමෙ වෙන්න බෑ. පාන් කන්න හරියන්නෙ යන්තම් ඇට හිටින්න තම්බපු පරිප්පුවට පොල් කිරි දාලා අබ, ළූණු, සුදු ළූණු එක්ක රම්පෙ, කරපිංචා කර වෙන ගාණට කෑලි මිරිස් එක්ක තෙම්පරාදු කරල තෙම්පරාදුව උඩ පාවෙන්න හදන පරිප්පු හොද්දක්. ඔය පරිප්පු හොද්ද තෙම්පරාදු වෙන සුවඳ අහල ගම් නෙවෙයි අඩුම ගාණෙ ගෙවල් හතකටවත් දැනෙන්න ඕනෙ.
විහිළු කරන්න එපා අනේ. පාන් එක්ක ගැලපෙන කම්බිනේශන් තමන්ගෙ පෙරේතකමට අනුව අන්ලිමිටඩ්. ඔය දවාලට ගෙදර ඉතුරු වෙන හට්ටි මුට්ටි ටිකේ අඩිය පිහිදන් පාන් කෑල්ලක් කටේ දාගන්න කට්ටිය නම් දන්නව මේ කියන්නෙ කොහොම රසක් ගැනද කියල. නිකමට අපි කියනවට ඔය දවල් හදපු බීට් රූට් හින්දුමක්, මාළු කරියක්, අල කිරි හොද්දක්, හාල් මැස්සො හොද්දක් උයපු වළඳක ඉතුරු අඩිය එක්ක පාන් කෑල්ලක් කාල බලන්නකො.
source: aniwa.lk

1. පාන් විත් කකුළුවාස්

2. පානුයි පොල් සම්බෝලෙයි ආදර කතාව
පාන් කිව්ව ගමන් සමහරුන්ට මතක් වෙන්නෙ පොල් සම්බෝලම තමා. එහෙමයි කියල නිකම්ම පොල් සම්බෝලයක් එක්ක පාන් කන එකේ ගතියක් නෑ. පොල් සම්බෝල හදන ක්‍රම ගොඩක් තියෙනව. මේ ක්‍රම වලින් පාන් කන්න වැඩියෙන්ම ගලපෙන්නෙ ඇඹුලට දෙහි වෙනුවට විනාකිරි පොඩ්ඩක් දාල ගලේ අඹරල කටට සැරට හදාගන්න පොල් සම්බෝලයක්. මෙහෙම හදාගන්න සම්බෝලයක් එක්ක නම් ඕනෙම පාන් එකක් ගැලපෙනව. හැබැයි රෝස්ට් පාන් වලට තමා අපේ වැඩි මනාපය.
3. පානුයි හකුරුයි මිතුරුයි
ඔය 80 ගණන් වල ඉපදුන අයට නම් මතක ඇති පොඩි කාලෙ ඉස්සර සිල්ලර කඩවල සත පණහට තිබුණ චුට්ටන් හකුරු පලු. හවසට තේ එකක් බොන්න කලින් ඔයින් හකුරු පලු දෙක තුනක් එක්ක පාන් කාපු නැති පොඩිත්තෙක් ඒ කාලෙ නම් ඉන්න නැතුව ඇති. හකුරු එක්ක පාන් කන එක ඒ තරම්ම රසවත්. එහෙම පොඩි හකුරු කෑලි දැන් කඩවල නැතත් හකුරු ටිකක් ගෙනල්ලා හරි කාල බලන්නකො කාල නැති අය.
4. බ්‍රෙඩ් විත් බ්ලැක් පෝර්ක් කරි බේබ්ස්
රස නම් දන්නෝ දනිති. මැටි හට්ටියක, තෙල් ටික පෑදෙන්න, දර ලිපක හින්දල, හාල් පොල් බැදල දාල කළුවට උයාගන්න පෝර්ක් කරියක් එක්ක පාන් කාපු කෙනෙක්ට ඒ රස නම් අමතක වෙන්න හේතුවක් නෑ. පොර්ක් කරියත් එක්ක පාන් කනව නම් රතු ළූණුයි අමු මිරිස් කරලකුයිත් අතරින් පතර කන්න තියාගන්න කියල අපි රෙකමන්ඩ් කරනව. කාලම බලන්නකො.
5. ඉස්සො එක්ක පිස්සො වගේ පාන් කන්න
පාන් කන්න ඉස්සො හදනව නම් පොඩ්ඩක් හොද්දත් ඕන. හැබැයි දියට දියාරුවට හදාගන්න හොද්දකින් නම් වැඩක්ම නෑ. යහමින් තක්කලි එහෙම දාලා, උකු පොල් කිරි දාල, තෙම්පරාදු කරල, තෙල් පෑදෙන්න රතු පාටට සැරට හදාගත්ත කිරි ඉස්සො කරියක් තමා පාන් කන්න හරියටම ගැලපෙන්නෙ. කිරි ඉස්සො කරියක රස ඔය ජම්බො ප්‍රෝන්ස් වල නෑ නෝනලා.
6. සීනි සම්බෝල පාන් දන්සැල්
දන්සැල් දෙන්න තරම් මේ කම්බිනේශන් එක කොයි තරම් රසට ගැලපෙනවද කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. නියම පදමට හදාගත්ත සීනි සම්බෝලයක තෙල් ටිකක් ගෑවුනත් ඇති පාන් කන්න. හැබැයි සීනි සම්බෝල එක්ක ගැලපෙන තව දෙයක් මේ පාන් එකටම එකතු කරගත්ත නම් තවත් රසවත් කියලයි අපි කියන්නෙ. ඔය පාන් කාලක් මැදට සීනි සම්බෝල ටිකක් දාගෙන. ඒකටම තම්බල පෙති කපපු බිත්තරයක් තියා ගත්ත නම් ආයෙ හොදි නම් ඕනෙම නෑ.
7. බිත්තර පාන්
නෑ නෑ අර පාන් කියල කන බනිස් ගෙඩිය ගැන නෙවෙයි මේ. මේ කියන්නෙ පාන් එක්ක බිත්තර ගැන. බිත්තරයි පානුයි අතර සම්බන්ධෙත් ඉඳිකට්ටයි නූලයි වගේ. බිත්තර බුල්සයි, බිත්තර ඔම්ලට් විතරක් නෙවෙයි කැමති නම් සැරට නැත්නම් චීස් දාල එහෙමත් නැත්නම් එළවළු එහෙම දාල හදන බිත්තර ස්ක්‍රැම්බල් එකක් එක්ක පාන් ඕනෙම වෙලාවක කන්න පුළුවන්. හුඟක්ම ගැලපෙන්නෙ අච්චු පාන් හරි සැන්ඩ්විච් පාන් හරි තමා.
8. තෙල් දාපු අල එක්ක නයි කයිද රෝස්ට් පාන්
තෙල් මිරිස් සැර ටිකක් වැඩියෙන් දැනෙන්න ළූණු යහමින් දාලා තෙල් දාපු අල එක්ක රෝස්ට් පාන් කියන්නෙ ආයෙ කඩන්න බැරි කම්බිනේශන් එකක්. අල ටික තෙල් දාගන්න කොට ඕකටම කූණිස්සො ටිකකුත් එකතු කරලම තෙල් දාල ගත්ත නම් ඉතින් ඒ රස ගැන කියන්න වචන නෑ. කට දැවිල්ල එනකන් අල එක්ක රෝස්ට් පාන් කාල උණු උණුවෙ ප්ලේන්ටියක් බිව්ව නම්ම්ම්…
9. පොල් එක්ක පාන් කාල බඩේ ගාය හැදෙයිද?
පොල් එක්ක පාන් කන්න ගත්තොත් අම්මලගෙ කෑගැහිල්ල තමා බඩ රිදෙන්න ගනී කියන එක. ඔහොම කියන්න හේතුවක් නම් අම්මල දන්නෙත් නැතුව ඇති ඒත් ඉතින් පුරුද්දට කියනව. අම්මල එහෙම කිව්වට අපි නොකා ඉන්නවද නෑනෙ නෑනෙ. උණු උණුවෙ ගෙනාපු තැටි පාන් කෑල්ලක් එක්ක අළුතෙන්ම බිඳල ගත්තු පොල් ගෙඩියකින් ගාගත්ත පොල් ටිකක් කන එක වෙනම රසයක්. කටට සැරට කනව නම් රතු ළූණු ගෙඩියක් එක්ක අමු මිරිස් කරලකුත් හපන්න ගත්තට කාරි නෑ.
10. මසුයි දෙලුයි පානුයි… බුදු අම්මෝ!
දෙල් කරිය එක එක උදවිය එක එක තාලෙට උයනව. දෙල් වලටම මස් දාල හදන කරියත් එක්ක පාන් නම් මරතැහැකි. මස් කිව්වෙ මොන මස්ද කියල හිත හිත ඉන්න එපා. මේ විදියට දෙල් කරිය උයාගන්න ඕනෙම මසක් ගැලපෙනව. නැත්නම් වෙන වෙනම උයාගත්ත දෙල් කරියකුයි මස් කරියකුයි එකට මික්ස් කරල හරි මේ විදියට කාලම බලන්න කියල අපි කියනව. දෙල් වල කිරි රසයි පිටි ගතියයි එක්ක මස් වල සැර එකතු උනාම රෝස්ට් පාන් වාශ්ප වෙනව මචන්ලා
11. ලාස්ට් බට් නොට් ද ලීස්ට් මෙයා… පාන් විත් පරිප්පු
හම්මේ ඉතින් දුප්පතාට නෑ සැප ලෝකේ කිව්වට දුප්පතාගෙ කෑම කියල නම් දරාපු පානුයි පරිප්පුයි නොකාපු කෙනෙක්ට රජ පුටුවත් සුදුසු නෑ. පාන් එක්ක පරිප්පු කියන්නෙ සැබෑම ප්‍රේමයක්. හැබැයි ඔය හැම පරිප්පුවටම පාන් වල සැබෑ ප්‍රේමෙ වෙන්න බෑ. පාන් කන්න හරියන්නෙ යන්තම් ඇට හිටින්න තම්බපු පරිප්පුවට පොල් කිරි දාලා අබ, ළූණු, සුදු ළූණු එක්ක රම්පෙ, කරපිංචා කර වෙන ගාණට කෑලි මිරිස් එක්ක තෙම්පරාදු කරල තෙම්පරාදුව උඩ පාවෙන්න හදන පරිප්පු හොද්දක්. ඔය පරිප්පු හොද්ද තෙම්පරාදු වෙන සුවඳ අහල ගම් නෙවෙයි අඩුම ගාණෙ ගෙවල් හතකටවත් දැනෙන්න ඕනෙ.
කම්බිනේශන් එච්චරද තියෙන්නෙ?
විහිළු කරන්න එපා අනේ. පාන් එක්ක ගැලපෙන කම්බිනේශන් තමන්ගෙ පෙරේතකමට අනුව අන්ලිමිටඩ්. ඔය දවාලට ගෙදර ඉතුරු වෙන හට්ටි මුට්ටි ටිකේ අඩිය පිහිදන් පාන් කෑල්ලක් කටේ දාගන්න කට්ටිය නම් දන්නව මේ කියන්නෙ කොහොම රසක් ගැනද කියල. නිකමට අපි කියනවට ඔය දවල් හදපු බීට් රූට් හින්දුමක්, මාළු කරියක්, අල කිරි හොද්දක්, හාල් මැස්සො හොද්දක් උයපු වළඳක ඉතුරු අඩිය එක්ක පාන් කෑල්ලක් කාල බලන්නකො.
source: aniwa.lk

.රට ඉන්න අපි වගේ අනාතයින්ට කොහෙන්ද රෝස්ට් පාන්.