පාරේ කුණු පුච්චනවට මොකද කරන්නේ?
මචන්ලා අපේ ඉස්සරහ ගෙදර මිනිස්සු එයාලගේ වත්ත අතුගාලා එකතු වෙන කුණු ගොඩවල්, පොල් අතු ඔක්කොම කොන්ක්‍රීට් පාරේ තියාගෙන පුච්චනවා. පාරේ අයිනෙත් නෙවෙයි පාරේ මැදට වෙන්න තියාගෙන. ලොකු පාරකුත් නෙවෙයි වාහන මහ ගොඩක් යන්නෙත් නෑ. හැබැයි යන ඒවා අයින් කරන් යන්න ඕනේ. එක පාර වාහන දෙකකට මාරු වෙන්න බෑ. එක ලේන් එකක් තනිකර වහගෙන මේක කරන්නේ. අඩු ගානේ පුච්චල ඉවර උනාම ඉතුරු වෙන අළු, ලී කෑලි වත් අයින් කරන්නේ නෑ. මේ ගැන අපි ග්‍රාමසේවකට කිව්වා ඒ ගෑණිත් මුන්ට බයේද කොහෙද මුකුත් කරන්නේ නෑ. මේ ගෙදර එක්ක කවුරුත් කියවන්න යන්නේ නෑ මොකද මොනව හරි කිව්ව ගමන් කුණුහරප කියාගෙන එන්නේ.
මේකට මොකුත් කරන්න බැරිද? හැබැයි කරේ අපි කියලා දැනගන්න බෑ. උන් දැනගත්තොත් එහෙම කනක් ඇහිලා ඉන්න බෑ. අහල පහල මිනිස්සුත් මොකුත් නොකර වාහනේ කාණුවේ දාන් යන්නේ මේ මිනිස්සු ගැන දන්න නිසා.
පොලීසියට කිව්වොත් මේවගේ දේවල් ගැන බලයිද?