මචංලා අපේ ගෙවල්ලග බල්ලෙක් හිටියා. උගේ ඇහැ හොදටම තුවාල වෙලා හිටියේ. පාරේ හිටිය නිසා ඌව අල්ලන් ගිහින් බෙහෙත් දාන්නවත් විදිහක් නැහැ. අල්ලන්න ගියොත් මූ හපයනවා. අපි එම්බාක් එකට විස්තරේ කිවුවා. උන් කිව්වා බල්ලව වටකරපු ඉඩමකට දාලා දෙන්න ඇවිත් නොමිලේ බෙහෙත් කරන්නම් ට්‍රාන්ස්පෝට් එකට යන වියදම විතරක් දෙන්න කියලා. අපි බල්ලව වටකරපු ඉඩමකට දාලා උන්ට කිවුවා. උන් ඇවිත් බෙහෙත් කලා. දවස් දෙකක් අපි ට්‍රාන්ස්පෝට් වියදම දුන්නා රැ.2000 ගානේ. ඊට පස්සේත් 2 පාරක් උන් ආවා නමුත් ඒවට මොකුත්ම චාර්ජ් කලේ නෑ. දැන් බල්ලාට හොදටම හොදයි. මැරෙන්න හිටිය සතා දැන් හොදට ඉන්නවා.
එම්බාර්ක් එකේ එවුන්ට මේකට පිංසිද්ධ වෙන්න ඕන.
උඹලත් දන්න අසරණ සතෙක්ට ( පාරේ ඉන්න) විපතක් උනොත් එම්බාර්ක එකට කතා කරලා කියපල්ලා.
එම්බාර්ක් එකේ එවුන්ට මේකට පිංසිද්ධ වෙන්න ඕන.
උඹලත් දන්න අසරණ සතෙක්ට ( පාරේ ඉන්න) විපතක් උනොත් එම්බාර්ක එකට කතා කරලා කියපල්ලා.

නිකන් හරි හැපුවොතින් එහෙම බල්ලව පැත්තක තියලා අපි බෙහෙත් දා ගන්න එපැයි..
ගාණනම් ටිකක් සැරයි වගේ නේද..? ඒත් ඉතින් ඕවයේ වියදම් ගැන අපි දන්නෙ නෑනේ..