පාලිත තෙවරප්පෙරුම යළි රිමාන්ඩ්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
පාලිත තෙවරප්පෙරුම යළි රිමාන්ඩ්

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට දණගස්සවා පහරදීමේ චෝදනාවට රිමාන්ඩ්භාරයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පෙබරවාරි 02 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මතුගම මහේස්ත්‍රාත් දක්ෂිණ චාවනී විජේබණ්ඩාර මහත්මිය අද (29දා) නියෝග කළාය.

පාලින්ද නුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇරුමුගම් පුෂ්පකුමාර මහතා අගලවත්ත නගරයේදී දණගස්වා පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට බාරවූ මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රිමාන්ඩ්භාරයට පත්විය.