පාසල් සිසුන්ට කොම්පියුටර් තහනම් කරයි

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් මේක ඇත්තටම ප්‍රායෝගික නෑ නේ. මම දන්නෑ අපිට නම් ඒ කාලෙ ප්‍රින්සිපල් හම්බවෙන්න යන එක ලේසි වැඩක් නෙමෙයි. :no::no::no:
    උඹලා කාඩ් කුඩු කරගෙන් ඉන්න ඇති, පිනාටත් එපා වෙන්නම :P
    අපිට නං ඒදවස් වල පිනා හම්බෙන්න එච්චර කරදරයක් තිබුනෙ නෑ. subspace කිව්වා වගේ කේස් එකක මට තිබුනා, පස්සෙ ඒකට ගෙදරින් ආවා පිනා හම්බවෙන්න. එක දවසින්ම වැඩේ කරගත්තා.

    ප්‍රායෝගික කම ගැන කතාකරනවා නං, ළමයෙක් ඉන්ටෙර්නෙට් කැෆේ ගිහින් ඇත්තටම ඉගෙනීමට අවශ්‍යය දෙයක් කරන එක කොච්චර ප්‍රායෝගිකද ?
    මේ පැත්තෙ නං කැෆේ එකක පැයකට 60/- ගන්නවා. ගෙදරත් ඉන්ටෙර්නෙට් නැති, පාසලෙත් ඉන්ටනෙට් නැති ළමයෙක්ගෙ දෙමාපියන්ට කැෆේ වලට යන වියදම දරන්න පුලුවන් කියල හිතෙනවද ?
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    gedarata internet nati kenekta iskole deyak karagana wath cafe akakata yanna bahene me waden :dull:
    match aka balana enakota ban list akak damma wage tamai me gon wadeth :rofl:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔය research තමයි. :)

    [/SIZE]
    මේ ඔක්කොම ඉන්ටනෙත් නැතුව කරන්න පුලුවං. වැඩිපුර විස්තර දැන ගන්න ඕනෙ නං පුස්තකාලයෙන් ඒ සම්බන්දව පොත් අරන් කියවන්න පුලුවං. නැත්තං ඒගැන අදාල විෂය බාර ගුරුතුමාගෙන් අහන්න පුලුවං.
    ඉන්ටනෙට් පහසුකම හැමෝටම නැහැ, ඒ වගේම හැමෝටම ඒ වියදම දරන්නත් බෑ. ඒ හින්දා තමයි පාසල් අධ්‍යාපනයට ඒක අනිවාර්‍යය කරලා නැත්තෙ.

    පුස්තකාලයෙ පොතෙන් අවශ්‍යය කරුන හොයන කොට එලි වෙලා තියෙය්. ඒකය් ප්‍රශ්නෙ. අන්තර්ජාලය කියන්නෙ පුස්තකාල දහස් ගානකට වඩා තොර්තුරු තියෙන තැනක්. අනිත් එක පොත් update වෙන්නෙත් නැහැ නේද. පාසල් අධ්‍යාපනයට පරිගනක අනිවාර්ය කරල නැති නිසා තමය් අපි IT වලින් ගොඩක් පස්සෙන් ඉන්නෙ. දැන් කාලෙ IT කියන්නෙ රටක දියුනුවට අත්‍යවශ්‍යය දෙයක්.

    කොහොමත් අපේ පාසල් පද්ධතියෙ පරිගනක ගැන තියෙන්නෙ තනිකර වැරදි ආකල්පයක්. parent meetings වලදි කියන්නෙ අපෝ computer එකෙන් පරිස්සන් කරගන්න කියල. computer එකක් හරියට on කරගන්නවත් දන්නෙ නැති ගුරුවරු හිතන්නෙ computer එකෙන් කරන්න පුලුවන් game ගහන එකය් porn බලන එකය් විතරය් කියල.

    කොහොමත් අපේ රටේ හැම දේටම විසදුම තහනම් කරන එකනෙ. එහෙම හරියන්නෙ නැහැ. ප්‍රායෝගික විසන්දුමක් ගේන්න ඕන. එතකොට කාටත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේක අලුත් දෙයක් නෙවෙයි. මීට කළිනුත් කැෆේ අයිතිකාරයන්ට උපදෙස් දීලා තිබ්බා පාසල් ළමයි ගන්න එපා කියලා. ඒ උපදෙස් වලින් වැඩක් වුනේ නැහැ.

    පාසල් ළමයි පාසල ඉවරවෙලා කැෆේ ගිහින් Porn බලන එක ඉතාම සාමාන්‍ය දෙයක් වෙලා.

    ඇත්තටම මම දැනගන්න කැමතියි කැෆේ ගිහින් Porn බලන්නේ, FB යන්නේ
    නැතිව, Chat කරන්නේ නැතිව අධ්‍යාපන වැඩ කරන ළමයෙක් හීනෙන්වත් ඔබලා දැකලා තියනවාද?

    තහනම් කරන එක ඇරෙන්න වෙන කරන්න තියන දේවල් කීපයක් තියනවා. ඒත් ඒවා ප්‍රායෝගකද කියල සැකයි.

    මෙහෙම හිතන්නකෝ - ඔබ කැෆේ මැනේජර් කෙනෙක් (අයිතිකාරයා නෙවෙයි ). එන පාසල් ළමයි Porn බලනවට ඔබ කැමතිද?

    මේ වගේ නීතියක් නැතිව ඔබ අකමැති වුනත් විරුද්ධවන්න ඔබට අයිතියක් නෑ. නමුත් මේ වගේ නීතියක් තියනවා නම් ඔබට ඇතුලටවත් නොගෙන ඉන්න පුළුවන්.
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මම kosandpol කියන, ඔය ප්‍රශ්නේ ප්‍රයෝගික පැත්තට වගේම 99% කස්ටිය කැෆේ වලට යන්නේ වැල බලන්න කියන එකත් ඉහලින් පිලිගන්නවා.

    මම කියන්න යන දේ පොඩ්ඩක් විවුර්ත මනසකින් හිතල බලන්න (මේක මේ කැෆේ තහනම් කරා කියන තනි සිද්ධිය ගැන පමණක් කියන කතාවක් නෙමේ)
    ඔයගොල්ල සමහරක් වගේම මේ පොලිස් ලොක්ක (තව ඉස්කෝලවල ගුරුවරු) ගේ විදියට තමා බහුතරයක් හිතන්නේ. ඒ කියන්නේ ළමයින්ගේ අධ්‍යාපනය සම්බන්ධ දේවල් ගැන තීරණ ගන්න පුළුවන් අය හිතන්නේ අන්තර්ජාලය ළමයින්ගේ හතුරෙක් කියල. අන්තර්ජාලය ගැන කොස් ඇටයක් වත් නොදත් මේ ඉහල තැන් වල රාජකාරි කරන අයගේ ඔලු වල තියෙන්නේ මේ වගේ මතයක්.
    සිංහල භාෂාවෙන් ඉංජිනේරු විද්‍යාව ඉගෙනගන්නේ නැත්තේ අයි කියල දන්නවද. ගොඩක් ඉංග්‍රීසියෙන් ලියවෙච්ච පොත් සිංහලට පරිවර්තනය කරන වෙලාව පාඩුයි මොකද ඒ වෙලාව ඇතුලත ලෝකයේ දැනුම අලුත් වෙලා පරිවර්තනය කල පොතේ දැනුම යල් පැනල. ඊට වඩා පහසුයි ඉංග්‍රීසි ඉගෙනගෙන එක කරන එක. අද ලෝකේ ගොඩක් දේ ඉස්සරට වඩා වේගෙන් වෙනස් වෙනවා. ඉතින් මම තවත් කියන්න ඕනේ නෑ ලෝකෙත් එක්ක ඉන්න අන්තර්ජාලය කොච්චර වැදගත්ද කියල. නමුත් අපි කරන්නේ ගින්දරෙන් පිච්චෙනවා කියල එක අතහරින එක, කරන්න ඕනේ හැමෝම හරියට ගින්දර පාවිච්චි කරන්න පුරුදු වෙන එක.

    ඉතින් අවසානයේ කියන්නේ, ඔයාල හැමෝම ඉදිරි දැක්මක් ඇතිව මේ හණමිටි අදහස් ඔලුවෙන් අයින්කරලා ඒ ළමයිට අත පුච්චගන්නේ නැතිව ගින්දර පාවිච්චි කරන හැටියක් උගන්නන්න කල්පනා කරනම් නරකද.

    (අම්බානක නිදිමතේ ලිව්වේ, වැරදි ඇත්නම් සමා වෙන්න)
     
    කරලා තියෙන්නෙ ගින්දරෙන් පිච්චෙනවා කියල ඒක අතහරින එක නෙමෙයි නෙ. ඇයි ඒක තේරුං ගන්න බැරි ?
    පලවෙනි පෝස්ට් එක දාපු එකා මඩ ගහන චේතනාවෙන ඕනවටම ත්‍රෙඩ් එකට ඔය විදියට title එක දාලා තිබුනට පෝස්ට් එක කියෙව්වහම ඒකෙ තියෙන එකත් ඔය කියන විවෘත මනසින්ම බලන්නකො. අත පුච්චගන්නෙ නැතිව වැඩේ කරගන්න එක පිලියෙමක් තමයි ඔය කරලා තියෙන්නෙ. ඒක කොච්චර සාර්ථකද කියන එක වෙනම සලකලා බලන්න වෙනවා.
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    lankaawee inne gon police kaarayoi hara deeshapaaluwoi harak guruwariu .. ratakata hariyaida ?..
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    කරලා තියෙන්නෙ ගින්දරෙන් පිච්චෙනවා කියල ඒක අතහරින එක නෙමෙයි නෙ. ඇයි ඒක තේරුං ගන්න බැරි ?
    පලවෙනි පෝස්ට් එක දාපු එකා මඩ ගහන චේතනාවෙන ඕනවටම ත්‍රෙඩ් එකට ඔය විදියට title එක දාලා තිබුනට පෝස්ට් එක කියෙව්වහම ඒකෙ තියෙන එකත් ඔය කියන විවෘත මනසින්ම බලන්නකො. අත පුච්චගන්නෙ නැතිව වැඩේ කරගන්න එක පිලියෙමක් තමයි ඔය කරලා තියෙන්නෙ. ඒක කොච්චර සාර්ථකද කියන එක වෙනම සලකලා බලන්න වෙනවා.

    මචන්, මම මේ ලියපු එක ඔය පලවෙනි පොස්ට් එකේ තියෙන කරුණට කිසිම අදාලත්වයක් නෑ. තේරුම් කරලා දෙන්න දැන් නම් වෙලාව නැතෝ. උ මඩ ගහපුවවේ, මම ඊට වඩා වැදගත් දෙයක් කිව්වේ.
     
    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    හොද වැඩක් නැත්නම් පොඩි ළමයි ඕවට ගිහිල්ලා කාලේ කනවා අනවශ්‍යය දේවල් එක්ක. නමුත් කළ යුතු දේ නම් කුඩා කල සිට මග පෙන්වීම මිස වැටවල් දැමීම නොව
    මොකද මිනිසා නැමැති සත්වයාව හිරකරලා තියෙන්න බෑ.

    true ....
     
    Wal Bada

    Well-known member
  • ගොඩක් උන් කැෆේ වලට යන්නෙ මොකටද කියල අපි හැමෝම දන්නවනෙ. ඒක නිසා ඒකට ක්‍රියාමාර්ගයක් ගත් යුතුය්. නමුත් මීට වඩා ප්‍රායෝගික එකක්. කැෆේ එකක් හදන කොට ප්‍රමිතියක් තියෙනව. ඒ තමය් computers වෙන් කරපු cells වල තියන්නෙ නැතිව විවෘත තැනක තියෙන එක. එතකොට කාටවත් හොර වැඩ කරන්න බැහැ. පිටරට කැෆේ හදල තියෙන්නෙ එහෙම තමය්. ඉතින් කරන්න ඕන එහෙම හදන්න කියල නියෝග කරන එක.
    You are correct. That would have been better.