මම kosandpol කියන, ඔය ප්‍රශ්නේ ප්‍රයෝගික පැත්තට වගේම 99% කස්ටිය කැෆේ වලට යන්නේ වැල බලන්න කියන එකත් ඉහලින් පිලිගන්නවා.
මම කියන්න යන දේ පොඩ්ඩක් විවුර්ත මනසකින් හිතල බලන්න (මේක මේ කැෆේ තහනම් කරා කියන තනි සිද්ධිය ගැන පමණක් කියන කතාවක් නෙමේ)
ඔයගොල්ල සමහරක් වගේම මේ පොලිස් ලොක්ක (තව ඉස්කෝලවල ගුරුවරු) ගේ විදියට තමා බහුතරයක් හිතන්නේ. ඒ කියන්නේ ළමයින්ගේ අධ්‍යාපනය සම්බන්ධ දේවල් ගැන තීරණ ගන්න පුළුවන් අය හිතන්නේ අන්තර්ජාලය ළමයින්ගේ හතුරෙක් කියල. අන්තර්ජාලය ගැන කොස් ඇටයක් වත් නොදත් මේ ඉහල තැන් වල රාජකාරි කරන අයගේ ඔලු වල තියෙන්නේ මේ වගේ මතයක්.
සිංහල භාෂාවෙන් ඉංජිනේරු විද්‍යාව ඉගෙනගන්නේ නැත්තේ අයි කියල දන්නවද. ගොඩක් ඉංග්‍රීසියෙන් ලියවෙච්ච පොත් සිංහලට පරිවර්තනය කරන වෙලාව පාඩුයි මොකද ඒ වෙලාව ඇතුලත ලෝකයේ දැනුම අලුත් වෙලා පරිවර්තනය කල පොතේ දැනුම යල් පැනල. ඊට වඩා පහසුයි ඉංග්‍රීසි ඉගෙනගෙන එක කරන එක. අද ලෝකේ ගොඩක් දේ ඉස්සරට වඩා වේගෙන් වෙනස් වෙනවා. ඉතින් මම තවත් කියන්න ඕනේ නෑ ලෝකෙත් එක්ක ඉන්න අන්තර්ජාලය කොච්චර වැදගත්ද කියල. නමුත් අපි කරන්නේ ගින්දරෙන් පිච්චෙනවා කියල එක අතහරින එක, කරන්න ඕනේ හැමෝම හරියට ගින්දර පාවිච්චි කරන්න පුරුදු වෙන එක.
ඉතින් අවසානයේ කියන්නේ, ඔයාල හැමෝම ඉදිරි දැක්මක් ඇතිව මේ හණමිටි අදහස් ඔලුවෙන් අයින්කරලා ඒ ළමයිට අත පුච්චගන්නේ නැතිව ගින්දර පාවිච්චි කරන හැටියක් උගන්නන්න කල්පනා කරනම් නරකද.
(අම්බානක නිදිමතේ ලිව්වේ, වැරදි ඇත්නම් සමා වෙන්න)