පැතුම් සිරිපා කරුණා කරයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සිරිපාදේ ගියා 8 වෙනි පාරට.
    මේ කුරුවිට එරත්න පාරෙන් ගිය දෙවැනි පාර.

    සිරිපාදේ යෑම ආගමකට වැඩිය ඒක වෙනම සංස්කෘතියක්. කොච්චර වින්දත් එපා නොවන අපිට ආවේණික වන්දනාවක්.

    මිට කලින් එරත්නෙන් ගියේ 2006 විතර. ඒකාලෙ ගියාට වඩා ගොඩක් දේවල් හැදිලා. අවුරුදු 13 ක් ගත වෙලා නේ. ඒකාලේ තිබ්බ රොටි ලුණු මිරිස් කඩ වගේ නෙවෙයි, දැන් සමහර කඩ අවන් තියා ගෙන පානුත් පුච්චනවා. හැරමිටිපානේ ඒ කඩේ පරිප්පුයි, රෝස් පානුයි එක නැගලා ගියා.

    පහුගිය මාසයේ සිරිපාදේ හිරවෙන්න සෙනඟ. එකපාරටම යම් බෝ වෙන රෝගී තත්ත්වයක් ඇති උන නිසා මිනිස්සු බය උනා. ඒ නිසාමදෝ කොහෙදෝ මේ ටිකේ මිනිස්සු එච්චර හිටියේ නෑ. හැටන්, රත්නපුර පාරවල් වලට සාපේක්ෂව එරන්තෙන් යන අය අඩුයි.

    වසංගතයට බය වෙච්චි නිසා මිනිස්සු එන එක සෑහෙන්න අඩු වෙලා නිසා බොහෝවිට තනියෙන් වගේ යන්න පුළුවන් උනා. ඒ හින්දම ලංකාවට ආවේණික පක්ෂීන් රාශියක් ඉන්න මේ කලාපයේ , උන්ව ලේසියෙන් දකින්න පුළුවන් උනා. හබන් කුකුළන් පවුලක් වගේම අපේ වැසි වනාන්තර ආශ්‍රිතව යන කුරුළු රෑනක් හෙවත් Bird Flock එකක් දකින්න ට ලබුනා.

    දැන් ටික ටික වැස්ස. ඒ නිසා ගලා යන දිය පාරවල් වලින් අඩුවක් නෑ. තව සති තුනක් යනකොට වෙසක් එකත් එක්කම සීසන් එක ඉවරයි. කඩ ගැලවෙයි.

    ගමන දුර උනත්, අමාරු උනත්, වැහි පොද වැටි වැටි කළුවරේ වැසි වනාන්තරයක් මැද්දෙන් ඇවිද යන්න ලැබුන අවස්ථාව මතක හිටිවී කාලෙකට. පැය 24 න් ගමන සම්පුර්ණ කළා.

    සති තුනක් තියෙනවා, යන අයට. වසංගතයට තාම බය නම් රත්නපුර හෝ එරන්ත පාර තෝරා ගන්න. ගමනාන්තයට වඩා ගමන සුන්දරයි කියන්නේ මොකක්ද කියලා හිතෙයි.

    ජයවේවා !

    පැතුම් කර්නර්
    #reviewedbypathumkerner
    #පැතුම්ගේ_කතාව
     
    • Like
    Reactions: super077 and shenat

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මාර්තු 26 ගියා. පට්ට සෙනගක් හිටියේ.. හැටන් රත්නපුරා පාර බෙදන තැන ඉදලා පැය 02ට එක පඩියයි වගේ නැග්ගේ. අන්තිමට එපාවෙලා නැග්ගේ නැතුව බැස්සා.. අවුරුදු අටක පොඩි එකත් එක්කගෙන ගියේ... ඌටත් එපාම වෙලා ඇඩුවා... අපරාදේ.. මේවගේ කාලෙක යන්න තිබුණා නම් හොදයි...
     
    • Sad
    Reactions: lakshitha2011

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    වසංගතයට තාම බය නම් රත්නපුර හෝ එරන්ත පාර තෝරා ගන්න.

    මූට මොංගල්.. එරත්න පාරෙ තමයි ලිස්ටීරියා සීන් එක තියෙන්නෙ.. 3 දෙනෙක් ද කෙහෙද මැරුණා..
     
    • Like
    Reactions: super077

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    මාර්තු 26 ගියා. පට්ට සෙනගක් හිටියේ.. හැටන් රත්නපුරා පාර බෙදන තැන ඉදලා පැය 02ට එක පඩියයි වගේ නැග්ගේ. අන්තිමට එපාවෙලා නැග්ගේ නැතුව බැස්සා.. අවුරුදු අටක පොඩි එකත් එක්කගෙන ගියේ... ඌටත් එපාම වෙලා ඇඩුවා... අපරාදේ.. මේවගේ කාලෙක යන්න තිබුණා නම් හොදයි...
    Aware thamai bung yanna oni.. ape kawumo yana dawaswala giyoth winasai.. bajaw karayoy kollai ballai hama ekama ethana.. tripak yanawa num Weekday ekaka niwaduwak dala yanawa.. ethakota kawumo adui.. paaduwe gihin enna puluwan..
     
    • Like
    Reactions: super077

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    උබ සිරිපාදෙ ගිහින් තියෙනවද හැටන් පාර, රත්නපුර පාර නැතුව අනිත් පාරවල් වලින්😎
    Ade mama giya parawal 6kin, fishing hut road thama dan yanna tiyenne 😬
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,048
    113
    දෙහිවල
    උබ සිරිපාදෙ ගිහින් තියෙනවද හැටන් පාර, රත්නපුර පාර නැතුව අනිත් පාරවල් වලින්😎
    එන්නකෝ සහෝ. ඔයාව අරන් යන්නම්.

    @Solo Rider අපේ කොල්ලත් එක්කගෙන යමු
     
    • Love
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මටත් ආසයි යන්න
    ආවම කියපන් ඔනි නන් යමු. මාත් මේ පාර අවාරෙ යන්න ඉන්නෙ කුරුවිට පැත්තෙන්. කොරොනා නිසා මග ඇරුන අවුරුදු 3නක්

    එන්නකෝ සහෝ. ඔයාව අරන් යන්නම්.

    @Solo Rider අපේ කොල්ලත් එක්කගෙන යමු
    සෙට් වෙමුද කට්ටිය යන්න
    ------ Post added on Apr 11, 2023 at 11:25 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එන්නකෝ සහෝ. ඔයාව අරන් යන්නම්.

    @Solo Rider අපේ කොල්ලත් එක්කගෙන යමු

    මන් 4 පාරක් විතර ගිහින් තියනව බන්
    අනෙ හම්මෙ තවත් නන් බෑ

    උබල කට්ටිය එකතු වෙලා මාව උස්සගෙන යනව නන් එන්නන් :D