සිරිපාදේ ගියා 8 වෙනි පාරට.
මේ කුරුවිට එරත්න පාරෙන් ගිය දෙවැනි පාර.
සිරිපාදේ යෑම ආගමකට වැඩිය ඒක වෙනම සංස්කෘතියක්. කොච්චර වින්දත් එපා නොවන අපිට ආවේණික වන්දනාවක්.
මිට කලින් එරත්නෙන් ගියේ 2006 විතර. ඒකාලෙ ගියාට වඩා ගොඩක් දේවල් හැදිලා. අවුරුදු 13 ක් ගත වෙලා නේ. ඒකාලේ තිබ්බ රොටි ලුණු මිරිස් කඩ වගේ නෙවෙයි, දැන් සමහර කඩ අවන් තියා ගෙන පානුත් පුච්චනවා. හැරමිටිපානේ ඒ කඩේ පරිප්පුයි, රෝස් පානුයි එක නැගලා ගියා.
පහුගිය මාසයේ සිරිපාදේ හිරවෙන්න සෙනඟ. එකපාරටම යම් බෝ වෙන රෝගී තත්ත්වයක් ඇති උන නිසා මිනිස්සු බය උනා. ඒ නිසාමදෝ කොහෙදෝ මේ ටිකේ මිනිස්සු එච්චර හිටියේ නෑ. හැටන්, රත්නපුර පාරවල් වලට සාපේක්ෂව එරන්තෙන් යන අය අඩුයි.
වසංගතයට බය වෙච්චි නිසා මිනිස්සු එන එක සෑහෙන්න අඩු වෙලා නිසා බොහෝවිට තනියෙන් වගේ යන්න පුළුවන් උනා. ඒ හින්දම ලංකාවට ආවේණික පක්ෂීන් රාශියක් ඉන්න මේ කලාපයේ , උන්ව ලේසියෙන් දකින්න පුළුවන් උනා. හබන් කුකුළන් පවුලක් වගේම අපේ වැසි වනාන්තර ආශ්රිතව යන කුරුළු රෑනක් හෙවත් Bird Flock එකක් දකින්න ට ලබුනා.
දැන් ටික ටික වැස්ස. ඒ නිසා ගලා යන දිය පාරවල් වලින් අඩුවක් නෑ. තව සති තුනක් යනකොට වෙසක් එකත් එක්කම සීසන් එක ඉවරයි. කඩ ගැලවෙයි.
ගමන දුර උනත්, අමාරු උනත්, වැහි පොද වැටි වැටි කළුවරේ වැසි වනාන්තරයක් මැද්දෙන් ඇවිද යන්න ලැබුන අවස්ථාව මතක හිටිවී කාලෙකට. පැය 24 න් ගමන සම්පුර්ණ කළා.
සති තුනක් තියෙනවා, යන අයට. වසංගතයට තාම බය නම් රත්නපුර හෝ එරන්ත පාර තෝරා ගන්න. ගමනාන්තයට වඩා ගමන සුන්දරයි කියන්නේ මොකක්ද කියලා හිතෙයි.
ජයවේවා !
පැතුම් කර්නර්
#reviewedbypathumkerner
#පැතුම්ගේ_කතාව