එයා ඉන්න ප්‍රදේශයේ තැපැල් හෝ උප තැපැල් කාර්යාලයකින් මුදල් ගන්නේ.මේකයි කතාව. දැනට අවුරුදු කීපෙකට කලින් මම නෝනව ක්ලිනික් එක්කගෙන යද්දී බොරලැස්ගමුව හරියෙදි වාහනේට හුලං ගහගන්න ගරාජ් එකක් ලඟ නැවැත්තුවා. එතනදි වයසක සීය කෙනෙක් ඇවිදගන්නත් බැරුව ඇවිත් මොකක්දෝ අහන්න ගිහින් ගරාජ් එක ලඟ මහ කානුවකට වැටෙන්න ගියා. ඉතින් යන්තම් මේ සීයව අල්ලගත්තා වැටෙන්න නොදී. ඒ මනුස්සයා ඇහුවා පිං පඩි දෙන්නේ මෙතනද කියලා ගරාජ් එකෙන්. පස්සේ ඒ අය කිව්වා ඊට එහා තැනක කියලා. ඊට පස්සේ අර මනුස්සයා බැරි ගානේ ඇවිදගෙන එතනට යද්දී මම රුපියල් 200ක් දුන්නා. ඉතින් ඒ මනුස්සයා යන්න ගියා. පස්සෙ මම වාහනේට හුලං ගහගෙන මීටර් 200ක් විතර එද්දී ඒ වයස් වලම සෑහෙන සෙනගක් මහ අව්වේ පෝලිමක හිටියා පිං පඩි ගන්න. ඉතින් එදා හිතුවා කවදාහරි මේ වගේ අයට පුලුවන් විදියට උදව්වක් කරන්න. ඒක නිසා මේ ත්‍රෙඩ් එක දැම්මේ පිං පඩි දෙන තැන කොතනද? කවදටද දෙන්නේ දැනගන්න. That's it.
extremely sorry machan.
------ Post added on Oct 14, 2022 at 11:01 PM
