මචන් හැම කැම්පස් එකකම රැග් නැහැ. මම කළේ සයන්ස්, අපේ රැග් එක තිබ්බෙ නැහැ, හැබැයි අනිත් ෆැකල්ටි වල නම් තිබ්බා. මමත් රැග් එකට සම්පූර්ණෙන් විරුද්දයි.
මමත් අවුට් වෙලා වැඩි කල් නැහැ, රස්සා තුනකට් ගියා,(අවුරුදු 2ක් ඇතුලත ) තුනම පෞද්ගලික ආයතන, ඒව වල මරන් කන එක විතරයි කරන්නෙ, තුනම එදාවේල ටුවර්ස් කම්පැනි, මිනිස්සු එනව යනවා. කිසිම ප්රොසෙස් එකක් නැහැ, ප්රොසෙස් හදන්නත් බැහැ.
අපිත් එක්ක ඉස්කෝලෙ ගිය එවුන් මාසෙට හොයන ගාන අපිට හොයන්න මාස තුනක් විතර යනව. (අවුරුද්දකට පස්සෙත් ) හිතපන්කො අපි මොනව කරන්නද කියල.
මම නම් මචන් දැන් කොහෙවත් වැඩ කරන්නේ නැහැ. ඉගෙනගත්තුව එක්ක 100% ක්ම නැතත් යම් දුරකට හරි යුස් වෙන්න මගෙම වැඩක් කරනවා. කිරියෙන් අඳුරගත්තු අයටත් ආදායම් හොයල දීල තියෙනවා. හැබැයි තාමත් මාත් එක්ක ඉස්කෝලෙ ගිය, කැම්පස් නොගිය යාලුවො මට වඩා සල්ලි හොයනවා. මට ඒ ගැන කිසිම ප්රශ්නයක් නැහැ. අපි හැමෝම දියුණු වෙන්න ඕනේ. ලංකාවෙ අලුත් දෙවල් කරන්න හිතුවත් මේ ආණ්ඩුවල ඉන්න නුගත් අය එක්ක ඒවා හීනම විතරයි. මම අද කරන වැඩේ හෙට මට කරන්න බැරිවෙන්න තියෙන ඉඩකඩ සෑහෙන්න වැඩියි, ලංකාවෙ ආර්තිකය එච්චරටම හොඳයි. ලංකාවට අපිව එපා නම්, අපේ අදහස් එපා නම් වෙන මොනව කියල කරන්නද. මානසිකව බිමටම වැටිල ඉන්න අපිට වෙන මොන විකල්පද මචන්.