පියයුරු_පිළිකා

Lobo88

Banned
Sep 24, 2016
267
19
0
පියයුරු_පිළිකා

පිළිකාව යන වචනය අසන්නටවත් ලොව කිසිවකු කැමැති නැත. එය එතරම්ම උග්‍ර හා මාරාන්තික රෝග තත්ත්වයකි. මුල් අවස්‌ථාවේම හඳුනා ගතහොත් එය මර්දනය කළ හැකිය. නමුත් බොහෝ රෝගීන් තුළ රෝගය ඇතැයි හෙළි වන්නේ එය සිරුර පුරා ව්‍යාප්ත වීමෙන් පසුවය. එහි මාරාන්තික භාවය එමගින්ම පෙනී යයි. සිරුරේ ඕනෑම ස්‌ථානයක පිළිකා හටගත හැකිය. එය පවතින ස්‌ථානය අනුව නම වෙනස්‌ වෙයි. කුමන හෝ පටකයක පවතින සෛලයක්‌ යම් හේතුවකින් විකෘතියකට ලක්‌වී එය ශීඝ්‍රයෙන් වර්ධනය වීම පිළිකාවේ ස්‌වභාවයයි. පසුව ඉන් ගැලවී යන සමහර සෛල සිරුරේ වෙනත් ස්‌ථානයකට සංක්‍රමණය වී එහි පටකවලද පිළිකාව වර්ධනය වේ. බොහෝ විට රෝගියා ප්‍රතිකාර සඳහා යොමුවන්නේ මෙම ද්විතියික පිළිකා අවස්‌ථාවේය. පිළිකා අතරින් ස්‌ත්‍රීන් තුළ පියයුරු පිළිකාවත් පිරිමින් අතර පෙනහළු පිළිකාවක්‌ බහුලව ව්‍යාප්තියක්‌ පෙන්වයි. මේවාට හේතු කාරක බොහොමයක්‌ හඳුනාගෙන ඇතද පිළිකා අඩුවක්‌ නැත.

පියයුරු පිළිකාව ඉවත් කළ පසුවද නැවත වරක්‌ එය හට ගැනීමට ඉඩ ඇත. පසුගියදා විද්‍යාඥයන් පිරිසක්‌ සිදුකළ අධ්‍යයනයකින් මීට හේතුව අනාවරණය කර ගැනීමට සමත්වී තිබේ. එය පිළිකා සම්බන්ධ පර්යේෂණවල ඉදිරි පියවරකි. එම අධ්‍යයනට අනුව පියයුරු පිළිකාව ඉවත් කළ පසුවද නැවත එයට ගොදුරු වන කාන්තාවන්ගේ HER-2 ආකාරයේ ප්‍රොටීන බහුල වශයෙන් පවතින බව හෙළිවී තිබේ. සුලභ පිළිකා ඖෂධවලින් HER-2 ප්‍රොaටීන හඳුනාගන්නා නමුදු පිළිකා සෛල විනාශ කරන්නේ නැත. ඉන් අදහස්‌ වන්නේ කුමක්‌ද පිළිකාව තාවකාලිකව සුවවන නමුදු නැවත හටගැනීමේ අවදානම ඇතැම් කාන්තාවන් තුළ පවතින බවයි. මෙම HER-2 ප්‍රොටීනය පවතින්නේ පිළිකා කාරක සෛලවල පෘෂ්ඨයේය. පිළිකාවේ අසාමාන්‍ය වර්ධනයට බලපාන්නේ ඒවාය.

හැම පුද්ගලයකුගේම සෛලවල HER-2 ප්‍රොaටීනය පවතී. නමුත් පියයුරු හා ආමාශයික පිළිකාවට ගොදුරුවන්නන් පහෙන් එකකට මෙම ප්‍රොaටීනය අසාමාන්‍ය ඉහළ අගයක්‌ ගනී. ඔවුන් හඳුන්වන්නේ HER-2 පුද්ගලයන් ලෙසය.

පිළිකාවට ප්‍රතිකාර කිරීමේදී බහුලව යොදාගන්නා ඖෂධ දෙවර්ගයක්‌ වන්නේ HERCEPTIN (ඖෂධීය නාමය TRASTUZUMAB හා PERJETA (ඖෂධීය නාමය PERTUZUMAB&)ය. මේවා පිළිකා සෛල මත ක්‍රියාකර ඒවා අඩපණ කරන නමුත් විනාශ කරන්නේ නැත. ඉන් අදහස්‌ වන්නේ යළි කුමන අවස්‌ථාවක හෝ පිළිකා සෛල ක්‍රියාත්මක විය හැකි බවයි. එනම් සුව වී ඇතැයි අප සිතා සිටින කාන්තාවන් වසර කිහිපයකින් යළි පිළිකා රෝගීන් වන බවය.

මෙම අධ්‍යනය සිදුකර ඇත්තේ සූරිච් සරසවියේ පර්යේෂකයන් පිරිසකි. ඔවුන්ගේ අරමුණ වූයේ ඉහත ඖෂධවලින් පිළිකා සෛල විනාශ කිරීම වෙනුවට ඒවා අඩපණ කරන්නේ මන්ද යන්න සෙවීමයි.

යම් සෛලයක්‌ වර්ධනය හා බෙදිය යුතු බව සෛලයට දැන්වීමේ මාර්ග දෙකක්‌ HER-2 ප්‍රොටීන සතුව පවතී. මේ දෙකම සිදු කෙරෙන්නේ එකම මොහොතකදීය. දැනට භාවිතයේ පවතින ඖෂධ මගින් අවහිර කෙරෙන්නේ මින් එක්‌ මාර්ගයක්‌ පමණකි. අනෙක්‌ මාර්ගය ක්‍රියාකාරීව පවතී. නමුත් විද්‍යාඥයන් මේ වන විට විශ්වාස කරන්නේ ප්‍රොටීනවල මෙම මාර්ග ද්විත්වයම නතර කිරීමට ඖෂධවලට හැකියාව ඇති බවයි. ඒ අනුව සෛලීය වර්ධනය හා ප්‍රජනනය පිළිබඳ සංඥ නොලැබීමෙන් පිළිකා සෛල මියයයි. නමුත් මෙහි තීරණාත්මක සාධකය වන්නේ සාමාන්‍ය සෛලවලට බලපෑමක්‌ නොවී පිළිකා සෛල මත පමණක්‌ මෙම තාක්‌ෂණය යොදා ගැනීමයි.

දැන් අප HER-2 පිළිකා සෛලවල මරුනිලය (ACHILLIS HEEL)) සොයාගෙන අවසන්. ඉදිරි කාලයේදී පියයුරු පිළිකා වැනි ආක්‍රමණික අර්බුද (TUMERS)) වලට ප්‍රතිකාර කිරීම පිණිස නව ප්‍රවේශයන් ආරම්භ කළ යුතුයි.”

සූරිච් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය ඇන්ඩි්‍රවේස්‌ ප්ලක්‌තුන්(Dr ANDREASPLUCTHUN)ප්‍රකාශ කරයි.

මේ අතර වෙනත් විද්වතුන් පිරිසක්‌ සිදුකළ අධ්‍යයනයකින් පෙනී ගොස්‌ ඇත්තේ වෙනස්‌ ප්‍රතිකාර විධි වසර පහක්‌ පමණ භාවිතා කිරීමෙන් මාරක පිළිකා සුව කිරීමේ හැකියාව පවතින බවයි. මේ අධ්‍යයන සඳහා පිළිකා රෝගීන් 1200 පමණ සහභාගි කරගෙන තිබේ. ඊට අනුව අග්න්‍යාස පිළිකාවට රසායනික ප්‍රතිකාරය සඳහා ඖෂධ වර්ග දෙකක්‌ සංයුක්‌තයක්‌ පාවිච්චි කිරීම එක ඖෂධයක්‌ භාවිතා කරනවාට වඩා ප්‍රතිඵලදායක බව හෙළිවී ඇත. ලිවර්පූල් සරසවියේ විද්‍යාඥයන් පිරිසක්‌ මෙම පර්යේෂණය සිදුකර තිබේ. ඒ සඳහා සහභාගි කරගෙන ඇත්තේ ශල්‍යකර්මය සිදුකිරීමෙන් පසු ඖෂධීය ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 732 දෙනෙකි. ඔවුන් එක්‌සත් රාජධානිය, ජර්මනිය, ස්‌වීඩනය හා ප්‍රංශයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි අය වෙති.

අධ්‍යයනයේදී ඔවුන්ගේ අඩකට GEMCITABINE පමණක්‌ ලබාදුන් අතර ඉතිරි අඩ සඳහා GEMCITABINE හා CAPECITABINE ඖෂධ දෙවර්ගයම ලබා දෙනු ලැබීය. වඩාත් යහපත් ප්‍රතිචාර පළකරනු ලැබුවේ දෙවන කණ්‌ඩායම විසිනි.

මෙම අධ්‍යයනයන්ගේ ප්‍රතිඵල සතුටුදායක ලෙස යොදාගත හැකි වුවහොත් රෝගීන්ට පමණක්‌ නොව සමස්‌ත සමාජයටම අස්‌වැසිල්ලක්‌ වනු ඇත.