පිරමීඩ ස්කෑන් කිරීම

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පිරමීඩ ස්කෑන් කිරීම

    i7sX2aU.jpg

    විද්‍යාඥයින් පළමුවරට ප්‍රබල පරිලෝකන තාක්ෂණයක් යොදාගෙන ඊජිප්තුවේ පිරමීඩවල ගල් කුට්ටි තුලින් නැරඹීමේදී එහි උෂ්ණත්වයේ විෂමතාවයක් දැකගන්නට ලැබී තිබේ.එය පිරමීඩවල බිත්ති පිටුපස යම් දෙයක් සැඟවි තිබෙන බවක් පෙන්වන බව විද්‍යාඥයින්ගේ මතයයි.පුරාවස්තු සම්බන්ධ ඊජිප්තු අමාත්‍යවරයා කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධව විවිධ උපකල්පන තිබෙන බවත් තවදුරටත් ඒ සම්බන්ධව ගවේෂණය කිරීමෙන් නිවැරදි තොරතුරු හෙළිකරන බවයි.


    ScADn2y.jpg


    ගවේෂණ කණ්ඩායම ඊජිප්තු,කැනඩා,ප්‍රංශ සහ ජපාන ජාතිකයන්ගෙන් සමන්විතය.ඔවුන් ඊජිප්තුවේ පිරමීඩ 4 ඇතුලත සිට පරිලෝකනය කිරීම් අරඹා තිබේ.එම තාක්ෂණය දියුණුකරන ලද අධෝරක්ත සහ අන්තරීක්ෂ කිරණ තාක්ෂණයකි.මෙම ව්‍යාපෘතිය නම් වේ.එහි අරමුණ පිරමීඩවල ගැඹුරට නිරීක්ෂණය කිරීමයි.එහිදී පිරමීඩවල උෂ්ණත්වයේ විෂමතාවයන් රැසක් හමුවී තිබේ.පුරාවස්තු සම්බන්ධ අමාත්‍යාංශයට අනුව වඩාත් පුදුමසහගත විෂමතාවය කුෆු පිරමීඩයේ නැගෙනහිර පැත්තේ බිම් මට්ටමෙන් හමුවී තිබේ.


    UwpdIea.jpg


    PcOKyrD.jpg


    අමාත්‍ය Mamdouh el-Damaty අනුව නම් පිරමීඩවල බිම් මට්ටමට යෑමට කුඩා ගමන් මගක් එහි දිස්වෙන බවත් එම මගේ මෙම උෂ්ණත්ව විෂමතාව දැකගත හැකිය.

    පිරමීඩවල උෂ්ණත්ව සිතියම් ගත කීරීමේදි යොදාගන්නා මෙම අධෝරක්ත තාක්ෂණය පිරමීඩවල බිත්ති පිටුපස තිබෙන ඕනෑම දෙයක් හඳුනාගත හැකිසේ නිර්මාණය කර තිබේ.එහිදි මෙලෙස හඳුනා නොගත් ව්‍යුහ සොයාගැනීමට හැකිව තිබේ.





    Source:Huffingtonpost.com

    -HarshaLulzSec-
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මම හිතුවෙ පිරමීඩ ව්‍යාපාර හොයා ගන්න මොකක් හරි thread එකක් කියල :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය එක එක නොදන්න කිරණවල් අල්ලන්න ගිහිං ඕවයෙ ඇතුලෙ ඉන්න මමී නැඟිටින්න ඕනෙ :dull: :dull:
    මැරිච්ච උන්ට නිදහසේ ඉන්න දෙන්නැතුව ඉල්ලං කනව කියන්නෙ මේවට තමා :dull: :dull: