පිලිකාවට නිමාවක්ද මේ ?

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    පිලිකාවට නිමාවක්ද මේ ?

    භයානක පිළිකා හා ශරීර පටකවල අසාමාන්‍ය වර්ධන හෙවත් අර්බුද (tumor) ඇති කරන ජානයකට ක්‍රියාත්මක වීම වළක්වාලිය හැකි ඖෂධයක් සොයා ගැනීම එම විශිෂ්ට ජයග්‍රහණයයි.

    පෙර කවදාවත් නොවූ පිරූ අන්දමට වෛද්‍ය විද්‍යාවේ මෙතරම් දියුණුවක් පෙන්වන අද දවසේ පවා පිළිකා නිසා ලොව පුරා මරණයට පත්වන පිරිස වසරකට දෙකෝටියද ඉක්මවයි. පිළිකාවට එරෙහි මේ නව සොයා ගැනීමේ විශේෂත්වය නම් පිළිකාව ඇති කරන ජානයටම පහරදී එය වර්ධනය වීම වැළැක්වීමයි. එමෙන්ම ඉන් රෝගියාට මෙතෙක් අත්විඳින්නට සිදු වූ ඇතුරු ආබාධ ද අවම තත්ත්වයකට පත් වීමයි.

    පිළිකාව ඇති කිරීමට හේතුවන “රාස්” නැමැති ජානය විකෘති වීමෙන් ශරීරයේ පටක වර්ධනයට බාධා ඇතිවෙයි.

    එවිට ශරීර පටකවල අසාමාන්‍ය වර්ධන හෙවත් අර්බුද (tumor) හට ගනී. ඒ අනුව පිළිකාව තව තවත් වර්ධනය කිරිමට මෙම ජානයට හැකියාවක් තිබේ.

    කෙසේ වෙතත් ජය ගැන්මට බැරි වූ පිළිකා රෝගයට මුල් වූ ජානය අවුරාලීමේ ක්‍රමය සොයාගැන්මට වසර තිහක්ම ගත වූ බවත් වාර්තාව පෙන්වා දෙයි. මේ නව සොයා ගැන්ම මඟින් පෙනහලු පිළිකා සෛල මරා දැමීමට දැනටමත් හැකි වී තිබේ.

    මීට සම්බන්ධ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය කෙවන් ෂොකට් කියා තිබුණේ රාස් ජානය මඟින් පිළිකා රෝග ඉතාමත් වේගයෙන් පැතිරීමට ක්‍රියා කරන බවයි. එමෙන්ම එවන් පිළිකා සුව කිරීමට අපහසු බවද ඔහු කියා තිබුණි. එවන් ජානයකට පහර දී එහි සෑම කෙටසක්ම මරා දැමීමට පසුගියදා ඔවුන්ගේ නව ඖෂධ සමත් වී තිබිණි.

    අගන්‍යාසය, බඩවැල් හා පෙනහලු පිළිකා ඇති කිරීමට මුල් වන්නේ අචඵ නැමැති ජානයයි.

    “රාස්” ජානයට විරුද්ධ ප්‍රතිකාරය මඟින් පිළිකාව තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වා ගත හැකි අතර එතැන් සිට පිළිකාව ක්‍රමයෙන් හැකිලී යන බව පර්යේෂකයින්ගේ අදහසයි.

    මේ නව ඖෂධය තවත් වසර තුනකින් පිළිකා රෝගීන්ට ලබාදී තවදුරටත් අත්හදා බැලීම් සිදුකිරීමට නියමිත අතර වසර 2021 දී එය වෙළඳපළට නිකුත් කිරීම සිදුවනු ඇතැයි ද එම වාර්තාවල දැක්වෙයි.


    ***හුදෙක් සියල්ලන්ගේ දැනුම සදහා නෙට්ටුවෙන් උපුටා ගන්නා ලද්දකි *****
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    US scientists have succeeded in making a chemical that kills ras-driven human lung cancer cells.

    Its Power of the american natives ......


    american-flag-on-pole.jpg
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එක එක කාලෙට එක එක දේවල් කියලා පිළිකාවට විසඳුම් එළියට එනවා. ඒ වුනාට මචන් මෙච්චර කාලෙකට ඒවායේ නියම ප්‍රතිඵලයක් නෑ.
    ඒක නිසා මේක ගැනත් එච්චර බලාපොරොත්තු තියාගන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ