ස්තූති මචන් හෙල්ප් එකට. මම ගලහ ගියා වෙනත් ලෙඩෙක් අරගෙන. වෙද මහත්තයා ගැන හුග දෙනෙක් කියන නිසා කියන්නම්, එතුමා ඒ තරම් යහපත් සිතින් කරන වෙදකම ලබා ගන්න යන ලෙඩ්ඩුන්ට මුන දෙන්ඩ වෙන ප්‍රස්න තමයි මේ. මහකන්ද නගින පාර හරියට හදන්න පුලුවන්කම තියා ගෙනයි හදන්නෙ නැත්තෙ. ත්‍රීවීල් ඇරෙන්න 4වීල් විතරයි උඩට යන්න පුලුවන්. නැත්නම් එයාලගෙම ටාටා බට්ට විතරයි. අද පාන්දර 3ට කන්ද උඩට නගින ලෙඩා නොම්බර ගන්න කොට 10 වෙනවා. වෙද මහත්තය එනකොට හවස 3යි. වෙදකම පටන්ගන්නකොට ආයෙත් එලි වෙනවා. පහුවදා තමයි ආපහු එන්න වෙන්නෙ. ලෙඩාගෙ තත්වෙ කවදාවත් කියන්නෙ නැ. දාන සුරේ ගලවන්ඩත් බැ. කිලි අහු වෙන්නත් බැ. (මස්,මාලු, මරණ ගෙවල්, කොටහලු, අඩු තරමේ මරනෙකට ගිහින් අපහු ගෙදර යන එකෙක් එක්ක කතා කලත් කිලී ) ගේ ආරක්සා කරන්ඩ දෙන වතුර ඉඩමටයි ගෙටයි ඉහින්ඩ ඔනේ එයාල කියල දෙන ක්‍රමේට. ගෙවල් ඉඩම් කොයි සයිස් උනත් දෙන්නෙ බෝතල් දෙකයි. කොනක ඉදන් ඉහල ඉස්සරහ දොරෙනුයි ගේට්ටුවෙනුයි එලියටම ඉහල ඉවර උනාට පස්සෙ තමයි ලෙඩාව ගෙට ගෙනියන්න පුලුවන්. බෙහෙත් කියල දෙන්නෙ ගොටුකොල 7ක් රතු ලූනු ගෙඩි 7ක් තව නොයෙකුත් කොල වර්ග හොයා ගෙන හදල බොන්ඩ තමයි. වෙද මහත්තය ජීව්ත් වෙන්නෙ ඉදිආප්ප තම්බල කියල තමයි ඉස්සල්ලාම කියන්නෙ. නමුත් එන්නෙ නිසාන් පැට්‍රෝල් ජීප් එකකින්. මට ඒ සම්භන්ඩව ගැටලුවක් නැති උනත් මම හිතන්නෙ මේකයි. වෙදකම හොද ඇති. සනීප වුනු ලෙඩ්ඩුත් ඇති. නමුත් එතනට එන්නෙ ජීවිතේට මාස ගානක් සමහර විට සති ගානක් නියම උන මිනිස්සු. දවසක් කන්ද නගින තැන ඇම්බ්යුලන්ස් එකක් නවත්තල. ඒ තරම් අමාරු ලෙඩ්ඩුත් එනව. ඇයි එයාලට පාර හදන්න බැරි? ඇයි එයාලට පාන්දර එන මිනිස්සුන්ව රැටවත් ගෙදර යවන්න බැරි? වෙදමහත්තයා භාවනා කරනව නම් හොදම වෙලාව පාන්දරනෙ. උදේ දවල් පුලුවන් නෙ බේත් කරන්න. එතන ආදායම දවසකට රුපියල් ලක්ස 10ක් විතර කිට්ටු වෙනවා කියල කිව්වොත් ඔයාල විස්වාස කරයිද? ඒ කොහොමද? හැම ලෙඩෙකුටම රුපියල් 2000ට සුරේ අනිවාර්යයි. දවසකට නොම්බර 500ත් පනිනවා. වැඩිකරල බලන්න 2000X500. තෙල් සේරම මිනිස්සු අරන් එන්න ඔනෙ. බැරල් පුරෝල තියෙනව. පිරමිඩ් එක පැත්තට යන්නවත් දෙන්නෙ නැ. මට ඒවත් වැඩක් නැ. මම වැඩේ අමාරු නිසා එක පාරක් අසල් වැසියෙක් අල්ලගෙන නොම්බරයක් ගත්තා. ඒ මනුස්සයගෙ ගෙදර පෙනි පෙනී නොම්බරේ ගත්තට පස්සෙ ගිහින් එන්න බැ කියල. පැය 10ක් විතර මිනිහ පෝලිමේ ඉදගෙන ඉදල. ගමේ මිනිස්සුන්ගෙ හිත් හොද නිසා හොදයි. අපි නම් ඉදීද?
මේටික ලිවුවෙ මම එතන හොදින්ම අවබෝද කර ගත්ත නිසා. එහෙ යන්ඩ හොයන දහස් ගානක් මිනිස්සුන්ගෙන් අතලොස්සක් මම වගේම හුගක් හොයන නිසා. කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිසයි. නමුත් එකක් කිව යුතුමයි. වෙදමහත්තයාගෙ බෙහෙත් වලින් ලෙඩාගේ තුවාල වලයි ඇගෙයි තිබුනු ඉවසන්න බැරි කැක්කුමයි අඩු වුනා. ඒක ලඩාට හරිම පහසුවක් වුනා.