shawshank redemption (1994) - මම බලලා තියන අමතකම නොවන චිත්රපටය. මේක මම ඉස්සල්ලාම නැරඹුවේ 2001 වර්ෂයේදී විතර MTV නාලිකාවේ විකාශය වෙනකොට. ඒ කාලෙදි සිකුරාදා හෝ සෙනසුරාදා (ඇත්තටම දවස් දෙකෙන් කොකෙද කියලා හරියටම මතක නෑ බොහෝ විට සිකුරාදා විය යුතුයි) රාත්රී කාලයේ MTV නාලිකාවේ මේ වගේ සුපිරි ගණයේ ඉංග්රීසි චිත්රපට රාශියක් සිංහල උප සිරැසි සහිතව විකාශණය කලා. මුලදි නම් හිතුවේ මේක මහා වැඩක් නැති චිත්රපටයක් කියලා. ඒත් මගේ පුර්ව මතය වැරදි බව පසක් කරමින් මම බලපු හොදම චිත්රපටය බවට පත් වෙන්න මෙයට හැකියාව ලැබුනා. පසුව මම මේකේ නම වෙනමම ලියලා තියාගෙන හිටියා. ඊට පස්සේ Torrents ගැන මම 2006 දි වගේ දැනුවත් භාවයක් ලැබුනට පස්සේ මෙම චිත්රපටය භාගත කරගන්න කටයුතු කලා. එලෙස භාගත කර ගත් පිටපතේ සිංහල උපසිරැසි නැති උනත් අවස්ථා ගණනාවක් නැරඹීමට කටයුතු කලා. 2012 වර්ෂයේදී විතර බයිස්කෝප් වෙබ් අඩවිය මගින් මේකට සිංහල උප සිරැසි ලබා දීමට කටයුතු කර තිබුනා එම උප සිරැසි ලබා ගත් පසුවත් අවස්ථා ගණනාවක් මේ චිත්රපටය නැරඹීමට කටයුතු කලා. මම දන්න විදියට නම් IMDB Rating වල 9.3 ක දර්ශක අගයක් ලබා ගනිමින් පළමු තැන අරන් තියෙන්නේ මෙම චිත්රපටය.