පිළිකාව ගැන දැනගන්නට යමක්

NisalPerera

Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    පිළිකාව ගැන දැනගන්නට යමක්

    පිළිකාව ගැන දැනගන්නට යමක්

    10pas0k.jpg



    පිළිකාවක් යන නම ඇසු සැනින් අපේ සිතට නැගෙන්නේ ඉතා බියකරු සිතිවිලි මාලාවක් බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. පිළිකාවක් ලෙස සැලකෙන්නේ අපගේ ශරීරයේ යම් කිසි සෛලයක් අසාමාන්‍ය ලෙස වර්ධනයක් හා විකෘති තාවයක් පෙන්නුම්කර ඉතා සීග්‍ර විභාජනයකට ලක්වීමයි. ලෝකයේ දැනට පිළිකා වර්ග 100කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන අතර ශරීරයේ ඕනෑම තැනක මෙම පිළිකා තත්ත්වයන් ඇති විය හැකි බවද සත්‍යයකි. ලෝකයේ සෑම රටකින්ම පාහේ මෙම රෝගය වාර්තාවේ. 2012 වසරෙන් වාර්තා වන අන්දමට පිළිකා සම්බන්ධ මරණ මිලියන 8.2ක් වාර්තා වී තිබේ. මේ පිළිකාව පිළිබඳව තවත් කරුණු කිහිපයක් අපි ඔබ හමුවේ තැබීමට කැමතියි.




    පිළිකාව නිසා දිනකට මියයන රෝගීන් සංඛ්‍යාව 20,000 කට අධිකයි.

    20k7fvq.png



    පිළිකාව නිසා ලොව පුරා මියයන සංඛ්‍යාව AIDS , ක්ෂයරෝගය හා මැලේරියාව යන රෝග තුන හේතුවෙන් මියයන සංඛ්‍යාවේ එකතුවට ද වඩා වැඩිය.

    2vmizqr.jpg



    ශරීරයේ ඕනෑම කොටසකට වැළඳිය හැකි ආකාරයේ පිළිකා වර්ග 100කට අධික සංඛ්‍යාවක් ඇති බව දැනගන්නට ලැබේ.



    359mw6b.jpg





    ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පිරිමි පුද්ගලයෙකුට තම ජිවිත කාලය පුරා පිළිකාවක් වැළඳීමේ අවදානම 50% කි.



    m97y1h.jpg



    සියලු පිළිකා වලින් 30% ක් දුම්කොළ සහ මද්‍යසාර භාවිතයෙන් ඈත්වීමෙන් වලක්වා ගත හැකි බවට සොයාගෙන තිබේ. මේ සඳහා පෝෂ්‍යදායි ආහාර මෙන්ම දිනපතා ව්‍යායාම් කිරීමද උපකාර වේ.

    2ccmj3q.jpg



    ලොව පුරා පිළිකාවෙන් සුවය ලද හා පිළිකාව සමඟ සටන් කරමින් ජීවත් වන පුද්ගලයින් මිලියන 28ක් ජීවත් වන බව වාර්තාවේ.

    2vuwsbb.jpg



    ඇවිදීම වැනි ව්‍යායාම් තුලින් පියයුරු පිළිකා (breast cancers) ඇති වීමේ අවධානම 25% කින් පමණ අවම කරන බව සොයාගෙන තිබේ.

    zlf7ed.jpg



    මර්ජුවානා ශාකයෙන් ලබාගන්න ඖෂධයක් මඟින් පිළිකා සෛල වල වර්ධනය අඩාල කර එය ව්‍යාප්ත වීම වැළැක්වීමට භාවිතා කෙරේ.

    2laseuo.jpg



    දුම්වැටියක් තුල විවිධ රසායනික ද්‍රව්‍ය 4800ක් පමණ අඩංගු වන අතර ඉන් 69ක් පිළිකා කාරක ලෙස හඳුනා ගෙන තිබේ.

    b53c7k.jpg



    මෑතකදී සිදුකළ අධ්‍යනයක් තුලින් multi-vitamin භාවිතය නිසා පිළිකා සහ හෘද රෝග ඇතිවීමේ අවධානමක් පවතින බව සොයාගෙන තිබේ.

    1zee3kk.jpg



    1991 වසරට සාපේක්ෂව 2010 වසර වන විට පිළිකා මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබේ.

    2iitqmb.jpg



    ජනප්‍රිය සුපිරි නිලි ඇන්ජලිනා ජෝලිගේ පියයුරු පිළිකාව පිළිබඳව වාර්තාවීමත් සමගම පළමු මාස කිහිපය ඇතුලත ලොව පුරා පියයුරු පිළිකා පරික්ෂා සඳහා පැමිණෙන කාන්තාවන්ගේ ප්‍රමාණය දෙගුණ විය.


    124klys.jpg



    මුලික අදියරේ දියවැඩියාව පිළිකා අවධානම 15%කින් වැඩි කරයි.

    2cz3evq.jpg



    පියයුරු පිළිකා වලින් ඇමෙරිකාවේ පිරිමින් 450ක් පමණ වසරකට මියයයි.

    24n4jyq.jpg



    රතු වයින් වලින් පිළිකා සෛල විනාශ කරයි.

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕක හැදිලා විඳෝනවා දැක්කම සසර
    එපා වෙනවා බන්... මන් දන්න පවුලකත් ගෑණු කෙනාට හැදිලා මුලින් ඩොකාල ගනන්
    අරන් නැතුව බේත් දීලා ගොඩක්ම අයට වෙන්නේ ඕකනේ...උච්චම අවස්ථාවේ තමා
    දැනගෙන තියෙන්නේ.....දැන් ඔක්කොම කරන්නේ එයාගේ මහත්තයා මිනිහා අඬනවා
    බං මන් කොහොමද මේ ඔක්කොම කරන්නේ කියලා පොඩි ලමයි දෙන්නේකුත් ඉන්නවා
    මට නම් එපාම උනා බන් අත්දැකීමෙන් කියන්නේ මහා කරුම ලෙඩක් බන් බේරෙන්නෙත්
    කලාතුරකින් නේ පිළිකා රෝගියෙක් :(
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    ඕක හැදිලා විඳෝනවා දැක්කම සසර
    එපා වෙනවා බන්... මන් දන්න පවුලකත් ගෑණු කෙනාට හැදිලා මුලින් ඩොකාල ගනන්
    අරන් නැතුව බේත් දීලා ගොඩක්ම අයට වෙන්නේ ඕකනේ...උච්චම අවස්ථාවේ තමා
    දැනගෙන තියෙන්නේ.....දැන් ඔක්කොම කරන්නේ එයාගේ මහත්තයා මිනිහා අඬනවා
    බං මන් කොහොමද මේ ඔක්කොම කරන්නේ කියලා පොඩි ලමයි දෙන්නේකුත් ඉන්නවා
    මට නම් එපාම උනා බන් අත්දැකීමෙන් කියන්නේ මහා කරුම ලෙඩක් බන් බේරෙන්නෙත්
    කලාතුරකින් නේ පිළිකා රෝගියෙක් :(

    ඔව් මචෝ.. පෙර පිනකට බේරුනොත් ඇරෙන්න ජීවත් වෙනවා කියන්නේ ඒ වගේ කෙනෙක් හීනයක් වගේ බන් :sorry: