පිළිකාව පැතිරීම ව‍ළකන සරල පිළියමක්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔය පිටරට වල ගංජා සහ සහිත බෙහෙත් දෙනවා නේ බං පිළිකා රෝගීන් ට
    ඒ වේදනානාශකයක් වගේ විතරයි. පිළිකාවක් පැතිරෙන එක අඩු කෙරෙන්නේ නෑ.

    yakada gawenna barinam ithin kabale badinna bane. waladaka dala badaganna wenne o_O
    ඔව්, ඒකයි හරි ක්‍රමය.
    ------ Post added on Jun 9, 2022 at 12:00 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පිළිකා සෛල ව්‍යාප්තිය අඩාළ කර ඒවා විනාශ කළ හැකි ‍ඖෂධීය ගුණ කරවිල ඇටවල පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු ව්‍යාධිවේද විද්‍යා දෙපාර්තුමේන්තුව සිදුකළ පරීක්ෂණ මගින් තහවුරුවී ඇත.

    කරවිල ඇට උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කළ ‍ඖෂධය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අනුමැතිය ඇතිව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් කණ්ඩායමකට වසරක කාලයක් ලබාදීමෙන් පසු මෙය පිළිකා මර්ධනය සඳහා සාර්ථක ඖෂධයක් බව තහවුරු වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පවසයි.

    කරවිල ඇටවල අඩංගු ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ්වලට (steric fatty acid) පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ඇති බවත් ඒ බව විද්‍යාගාර පරීක්ෂණ මගින් තහවුරුව තිබෙන බවත් කී මහචාර්යවරයා සත්ව ශරීරවල පිළිකා ඇති කර ඒ සඳහා මෙම ප්‍රතිකාර ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්වූ බවද අවධාරණය කළේය.

    රුධිරයේ සීනී මට්ටම අඩු කිරීම සඳහා කරවිල මදය ආහාරයට ගැනීම ඉතා හොඳ ප්‍රතිකර්මයක් බවත් මෙය මෙරට බොහෝ පිරිසක් දැන සිටියත් කරවිල ඇටය පිළිකා සෛල මර්දනය සඳහා යොදාගත හැකි බව තවමත් වැඩි පිරිසක් නොදන්නා බවත් මහාචාර්යවරයා කීවේය.

    කරවිල ඇට නිවසේදී බැද කුඩුකර ආහාරයට ගැනීමට හැකි අතර අධික උෂ්ණත්වයකදී පවා එහි ඇති ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ් විනාශ නොවන බව පරීක්ෂණ මගින් තහවුරුව ඇත.

    කරවිල ඇට උපයෝගි කරගනිමින් නිපද වූ කැප්සියුලය මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් හිල්මි මහතාගේ අධීක්ෂණය යටතේ සතියකට දෙවතාවක් ලබාදෙන බව මහචාර්ය රොහාන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    රසායනික ද්‍රව්‍යය නොයෙදූ කරවිල ඇට කිලෝ ග්රෑමයක් රුපියල් 6000 ක් පමණ වන බවත් එක් කැප්සියුලයක් නිපදවීමට කරවිල ඇට 09 ක් පමණ වැයවන බවත් කී මහචාර්යවරයා රෝගීන්ට මෙම ප්‍රතිකාරය ලබා දෙන්නේ නොමිලයේ බවද පැවසුවේය.

    මෙම කරවිල ප්‍රතිකාරය දීර්ඝ කාලයක් අඛණ්ඩව ලබා ගත්තද ශරීරයට අහිතකර බලපෑම් කිසිවක් ඇති නොවන බවත් ඒ බවද පරීක්ෂණ මගින් තහවුරුව තිබෙන බවත් හෙතෙම කීය.

    😐😐😐
     
    • Haha
    Reactions: pitiye.appu

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    ඕකා දන්න වෙදකමක් නෑ. 😆
    හරි මහාචාරිය තුමා
    ඒක ඇත්ත වෙන්න ඇති

    කෝකටත්

    01 -
    බුලත් මෙච්චර පිටරට පටවන්නේ ඇයි කියලා හොයලා බලන්න

    02 -
    betel oil
    search කරලා බලන්න එච්චර ගණන් දීලා මිනිස්සු මොනවට ගන්නවා ඇති ද
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හරි මහාචාරිය තුමා
    ඒක ඇත්ත වෙන්න ඇති

    කෝකටත්

    01 -
    බුලත් මෙච්චර පිටරට පටවන්නේ ඇයි කියලා හොයලා බලන්න

    02 -
    betel oil
    search කරලා බලන්න එච්චර ගණන් දීලා මිනිස්සු මොනවට ගන්නවා ඇති ද
    ඒකට හේතුව තමයි බුලත් වල තියෙන රසායනික වලින් ස්වාභාවිකව අක්‍රීය වෙලා තියෙන කේෂ නාලිකා ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහ ඒ නිසා හිතේ උපදින ආශ්වාදය. 😁
     
    • Love
    Reactions: amino