සාම්ප්‍රදායික හා සංස්කෘතිකයමය ඇවතුම් පැවතුම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න ගියාම ගට්ටනයක් මතුවිම සාමාන්‍යයි. එයට හේතුව පූර්වගාමින්ගේ භාවිතය හා දැනුම සියට සියක්ම දෙවැනි පරම්පරාවට කන්දු නොවි තිබිම හා විද්‍යාව නිසි ලෙසයෙදිමට අසමත් විම මිසක් විද්‍යාවේ ගැටලුවක් නිසා නෙවෙයි.
ලෝකේ තියෙන්නේ එක විද්‍යාවක් හා එක අවිද්‍යාවක් විතරයි. මේක ගොනුවක්, එක එක කොටස් රිජනල්වයිස් තියන කොටස්වල එකතුවක්. මේ රිජන්ස් වල විද්‍යා දැනුම ජන ගත වුනේ එක එක විදිවලට. කාලයත් සමග එක එක පැතිවල තිබ්බ විද්‍යාත්මක දැනුම විවිධ හේතුන් නිසා නෂ්ඨ වුනා. එකක් පරයා එකක් නැගි සිටිය. මහා සම්ප්‍රදාය බිහිවුනා.
දැන් තියන වාස්තු ගත්තොත් ඇත්තටම මේක කලවං. ගෘහ නිර්මාණ ශිල්පය හා ඉන්දියානු වාස්තු විද්‍යාවේ කලවමක්.
ඉස්සර සෘෂින් තම දැනුමෙන් හිතලා විවිධ ගෘහ නිර්මාණ නිති රෙගුලාසි හැදුවා. ඒ කාලේ කොන්ක්‍රිට් නැ. යකඩ වානේ රින්ෆෝස් නිර්මාණ නැ. ලොකු මැෂින් නැ.
ඉතින් සමකාලින ද්‍රව්‍ය වලින් කල්පැවැත්මක් තියන ගොඩනැගිලි හදන නිති මාලාවක් වාස්තු විදිහට බිහිකලා.
උදාහරන ලෙස, ඉඩමක වෙන්ටිලේෂන් එන්නයි ඉඩ බෙදෙන්නයි බලලා පාද සින් එකක් හදුන්වලා දුන්නා. බටහිර විද්‍යා පදනම මතත් මේක සාපෙක්ෂව හරි. නමුත් සෘෂින් තම ආගමික මුලය මත ආගමත් ගාවනවා. නැත්තම් ඒ කාලේ මිනිස්සුන්ට මේවා එකපාරට තේරෙන්නැ. හොද නැති දේ හොද නැ අකපැයි නරකයි කියලා අපලයක් ගාවලා නවත්තතැකි. ඒ කාලේ ඉන්ටර්නේට් නැ. දැනුම නැ සාමාන්‍ය අයට. ඉතින් අපලයි කිව්වාම නොකර නිති පිලිපදිනවා.
මේ වාගේ උදාහරන දෙතැකි සිය ගානක්. මුදුන් යට ලි ගන කුරුස බිත්ති කුරුපා ගැන මේ වගේම පැහැදිලි කිරිම් තියනවා. ඒ හැමදේම හොදට ගැබුරින් බැලුවාම තේරෙන්නේ මේවා වාස්තු හදලා තියෙන්තේ ඒ කාලේ මිනිස්සුන් ගේ දැනුම අඩුනිසා සරලව හොදනැති දේට බය කරලා නවත්තන්නත් හොද දේ කරන්නත් කියලා.
ඒ වගේම කෙනෙක් කියලා කියනවා විද්‍යාව විද්‍යාක්මක නැ කියලා. ඒ අල්පදැනුම නිසා කියපු කතාවක්. විද්‍යාව හැදැරිමේදි තියන ලොකුම අවුල බාගෙට ඉගෙන ගැනිමයි.