පුහුල් ගෙඩියක්

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    පුහුල් ගෙඩියක්

    අලුත් ගෙදරක වහලෙ පුහුල් ගෙඩියක් එල්ලන එකේ විද්යාත්මක දෙයක් තියනවද බං, :rolleyes:
    ඇයි එහෙම පුහුල් ගෙඩියක් එල්ලන්නෙ...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    puhul absorbs negative energies,even lime does.That's why you put lime on vehicles.Of course it doesn't become accident proof.But it does adsorb some negative energies around it to some extent,Even the pirith water does the same water memorize the energies around it
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුත් ගෙදර ලී වලට එන සත්තු පුහුල් ගෙඩියට ඇදෙන කතාවක් මතකයි කවුරුහරි කිවා :baffled:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    අලුත් ගෙදරක වහලෙ පුහුල් ගෙඩියක් එල්ලන එකේ විද්යාත්මක දෙයක් තියනවද බං, :rolleyes:
    ඇයි එහෙම පුහුල් ගෙඩියක් එල්ලන්නෙ...




    හැම හු#තෙම විද්යාව හොයන්න යන්න එපා බන් ...උබ හිතන තරම් විධ්‍යවත් විද්ත්‍යතමක නෑ !!
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113





    හැම හු#තෙම විද්යාව හොයන්න යන්න එපා බන් ...උබ හිතන තරම් විධ්‍යවත් විද්ත්‍යතමක නෑ !!

    වාස්තු විද්‍යාවට අපේ සමහර උන් හිනා උනාට සුද්දො උනත් වාස්තු බලනවා..අපේ උන් ඒ වාස්තු කියන ඵක උනත් ඒ හිනා වෙන විදිහට තමයි බලන්නෙ..අැත්තටම ඒක විද්‍යත්මකව බැලුවොත් සෑහෙන්න වටින දෙයක්.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පුහුල් ගෙඩියක් එල්ලන්නේ "දොස් කැපෙන්න" කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ...
    ඒ "දොස්" කියන්නේ මොනවාද, ඒක වෙන්නේ කොහොමද දන්නේ නෑ.
    සමහරවිට හිතත් එක්ක තියන ගනුදෙනුවක් විතරක් වෙන්නත් පුළුවන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    උබ එකක් මතක තියා ගනින්. ලබ්බට තියපු අතමයි පුහුලටත් තියෙන්නෙ. :yes:
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    සාම්ප්‍රදායික හා සංස්කෘතිකයමය ඇවතුම් පැවතුම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න ගියාම ගට්ටනයක් මතුවිම සාමාන්‍යයි. එයට හේතුව පූර්වගාමින්ගේ භාවිතය හා දැනුම සියට සියක්ම දෙවැනි පරම්පරාවට කන්දු නොවි තිබිම හා විද්‍යාව නිසි ලෙසයෙදිමට අසමත් විම මිසක් විද්‍යාවේ ගැටලුවක් නිසා නෙවෙයි.

    ලෝකේ තියෙන්නේ එක විද්‍යාවක් හා එක අවිද්‍යාවක් විතරයි. මේක ගොනුවක්, එක එක කොටස් රිජනල්වයිස් තියන කොටස්වල එකතුවක්. මේ රිජන්ස් වල විද්‍යා දැනුම ජන ගත වුනේ එක එක විදිවලට. කාලයත් සමග එක එක පැතිවල තිබ්බ විද්‍යාත්මක දැනුම විවිධ හේතුන් නිසා නෂ්ඨ වුනා. එකක් පරයා එකක් නැගි සිටිය. මහා සම්ප්‍රදාය බිහිවුනා.

    දැන් තියන වාස්තු ගත්තොත් ඇත්තටම මේක කලවං. ගෘහ නිර්මාණ ශිල්පය හා ඉන්දියානු වාස්තු විද්‍යාවේ කලවමක්.

    ඉස්සර සෘෂින් තම දැනු⁣මෙන් හිතලා විවිධ ගෘහ නිර්මාණ නිති රෙගුලාසි හැදුවා. ඒ කාලේ කොන්ක්‍රිට් නැ. යකඩ වානේ රින්ෆෝස් නිර්මාණ නැ. ලොකු මැෂින් නැ.
    ඉතින් සමකාලින ද්‍රව්‍ය වලින් කල්පැවැත්මක් තියන ගොඩනැගිලි හදන නිති මාලාවක් වාස්තු විදිහට බිහිකලා.

    උදාහරන ලෙස, ඉඩමක වෙන්ටිලේෂන් එන්නයි ඉඩ බෙදෙන්නයි බලලා පාද සින් එකක් හදුන්වලා දුන්නා. බටහිර විද්‍යා පදනම මතත් මේක සාපෙක්ෂව හරි. නමුත් සෘෂින් තම ආගමික මුලය මත ආගමත් ගාවනවා. නැත්තම් ඒ කාලේ මිනිස්සුන්ට මේවා එකපාරට තේ⁣රෙන්නැ. හොද නැති දේ හොද නැ අකපැයි නරකයි කියලා අපලයක් ගාවලා නවත්තතැකි. ඒ කාලේ ඉන්ටර්නේට් නැ. දැනුම නැ සාමාන්‍ය අයට. ඉතින් අපලයි කිව්වාම නොකර නිති පිලිපදිනවා.

    මේ වාගේ උදාහරන දෙතැකි සිය ගානක්. මුදුන් යට ලි ගන කුරුස බිත්ති කුරුපා ගැන මේ වගේම පැහැදිලි කිරිම් තියනවා. ඒ හැමදේම හොදට ගැබුරින් බැලුවාම තේරෙන්නේ මේවා වාස්තු හදලා තියෙන්තේ ඒ කාලේ මිනිස්සුන් ගේ දැනුම අඩුනිසා සරලව හොදනැති දේට බය කරලා නවත්තන්නත් හොද දේ කරන්නත් කියලා.


    ඒ වගේම කෙනෙක් කියලා කියනවා විද්‍යාව විද්‍යාක්මක නැ කියලා. ඒ අල්පදැනුම නිසා කියපු කතාවක්. විද්‍යාව හැදැරිමේදි තියන ලොකුම අවුල බාගෙට ඉගෙන ගැනිමයි.
     
    • Like
    Reactions: Dishta Didin