පූටින් හා සූටින් මාටින්ල



විශේෂයෙන්ම පූටින්ට සුමනදාස කෙනෙක් හිටියෙ නෑ.
එක එකාට වෙන වෙනම උත්තර දෙන්න බැරි නිසයි මේ ටික ලියන්නෙ.
•පූටින් වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බෙ නෑ.
• පූටින් ඇමති මංඩලේ පීචන් කරල තමන්ගෙ සහෝදරයට
ඔක්කොම බලතල ටික දුන්නෙ නෑ.
• පූටින් තමන්ට එරෙහිව ලියන මාද්‍යවේදීන් අතුරුදහන්
කරල හෝ මරල දැම්මෙ නෑ.
• පූටින් තමන්ගෙ අයිය, මල්ලිලා, පුතාල, අයියගෙ පුතාල,
ගෙදර බල්ලා, පූසා ඇතුලු හැමෝම දේශපාලනේට
ගෙනැල්ල, පක්ෂයේ මුල ඉදල නැගී ඇවිල්ල, ඉහලටම
ගියපු උන් ලවා සර් කියවගත්තෙ නෑ.
• පූටින් රුසියාවෙ හදපු ඔක්කොම පාරවල්, ගුවන්
තොටුපලවල්, වරායවල්, ක්‍රීඩාංගන, රංග ශාලා, ටෙලි
ගම්මාන, පාසල් විද්‍යාගාර, සම්මන්ත්රන ශාලා ඔක්කොම
තමන්ගෙ නමින් නම් කලේ නෑ.
• පූටින්ගෙ පවුලට 2222222222v කියලා හැදුනුම්පත්
අංකයක් තිබුනේ නෑ.
• පූටින්ගෙ පවුලට සිරිලිය කියල ගිණුමක් තිබුනෙ නෑ.
• පූටින්ගේ නැන්දම්මට කවුරුවත් මැනික් මල්ලක්
ගෙනැල්ල දුන්නෙ නෑ. ගෙනැල්ල දුන්න කිවුවත් ඒව
විස්වාස කරන බත් කන හරක් එහෙ නෑ.
• පූටින්ගේ පුතාට රගර් ක්‍රීඩකයෙක් එක්ක ඇරියස් එකක්
තිබුනේ නෑ.
• පූටින්ගෙ පුතා නේවි එකට ගිහිල්ල රට වෙනුවෙන් යුද්ධ
කරනව කියල, රටේ සල්ලි කෝටි ගනන් වියදම් කරලා
පුහුනු වලට යැවුවේ නෑ.
• පූටින්ගෙ පුතා නේවි එකේ පඩියෙන් ටී.වී චැනල් එකකුයි
රේඩියෝ චැනල් එකකුයි පටන් ගත්තෙ නෑ.
• පූටින්ගෙ රටේ මල්වාන කියල නගරෙක අයිතිකාරයො
නැති ගෙවල් තිබ්බෙ නෑ.
• පූටින්ගෙ පුතා ලියුම් දීල කෙල්ලන්ව කැම්පස් යැවුවෙ නෑ.
• පූටින් සාමාන්‍ය පෙල්වත් සමත් නැති තමන්ගෙ මස්සිනා
රුසියාවේ ජාතික ගුවන් සේවයේ ලොක්ක කරලා, විශ්ව
විද්‍යාල ආචාර්යවරු 32 දෙදෙනෙකු ගන්න වැටුප දුන්නෙ
නෑ.
• පූටින් තමන්ට කීකරු නැති අගවිනිසුරුව අවමානයෙන්
යුක්තව දූරයෙන් පහ කරවලා, නිල නිවස ඉස්සරහ
හරකුන්ට කිරිබත් දුන්නෙ නෑ.
• පූටින්ට රාජ්‍ය සේවකයො ගස් බදින, ගුරුවරියො දන
ගස්ස්න, පොලිසියෙ OIC ගෙ පුටුවෙ වාඩි වෙන
ඇම්බැට්ටයො හිටියේ නෑ.
• පූටින්ට 2500 කින් මාසයක් කන්න පුලුවන් වගේ ගොන්
කතා කියන ආර්ථික ඔස්තාර්ල හිටියෙ නෑ.
• පූටින්ට විරුද්ද එකෙකුට ටිකක් සැරට මලපහ ගියත් ඒක
ජාත්‍යන්තර කුමන්ත්රනයක් කියන තවරාගත් දේශප්‍රේමින්
හිටියේ නෑ.
• පූටින් ක්‍රිස්තුස් වහන්සේගේ නෑදෑයො කියල විග්රහ කරන
මහා රුසියාවේ වංශකතා කරුවෝ හිටියෙ නෑ.
• පූටින් රුසියාවෙ මහ පොලව ඉබ ඉබ ඒ පොලවම
ඇමරිකාවට චීනෙට විකුණලා ඉන්ගිරිසියෙන් ගනුදෙණු
කරන ගමන් රුසියානු භාෂාවෙන් ඇමරිකාවට බැන්නෙ
නෑ.
• පූටින් බල ලෝභය වෙනුවෙන් ස්වදේශික ජන වර්ග බේද
කරමින් ජාතිවාදය ආගම්වාදය ඇවිලුවේ නෑ.
• පූටින්ගෙ මල්ලි රුසියාවෙ මහා භාංඩාගාරයේ සල්ලි
වලින් අම්මගෙයි, අප්පගෙයි සොහොන හැදුවෙ නෑ.
• විශේෂයෙන්ම පූටින්ට සුමනදාස කෙනෙක් හිටියෙ නෑ.
• එහෙම පූටින් කෙනෙක්නම් 4 වරක් නෙවෙයි යාවජීව
ජනාධිපති උනත් කමක් නෑ.
එහෙම පූටින්ලා, සූටින්ලට, මාටින්ලට සමාන කරන්න එපා.//





