පිඹුරො නං අපේ පැත්තෙත් ඉන්නව බන්..බල්ලන්ට බලල්ලුන්ට හෙම ෂොට් එක දෙනව ඉඳහිට ...ඒත් මිනිස්සුන්ට නං පනින්නෙ නෑ...මම පයින් ඇනලත් තියෙනව පාරෙ හිටපු උන්ට...මම සත්තු හදන්නෙ නැත්තේත් ඕකයි.
අන්තිමට අරන් ආව එකා හැමදාම පාන්දර 4ට දොර ලගට එනවා දොර අරිනකන් ගෙදර. අපි 4ට ඇහැරෙන නිසා. ඒ ආවම මගෙ කාමරේට ඇවිත් මාවත් ඇහැරවලා කුස්සියට වෙලා ඉන්නවා අම්මා උයනකන්.
දවසක් හොයාගන්න නැති උනා. අපි හැම තැනම හෙව්වා. හම්බුනේම නෑ.
ටික දවසකට පස්සෙ පට්ට සයිස් පිබුරෙක්ද පොලගෙක්ද මන්දා හම්බුනා කිව්වා වැට අයිනෙදි මනුස්සයෙක්ට පැනලා.


