පොට්ට නාකියා වැඩ පෙන්වයි.සැරයටිය ගන්න 4700 ක් ඉල්ලමින් ගුගුලයි 🤡👉👌

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    ♦️
    දැනුවත් කිරීමක්
    ♦️

    මේ, මගේ යාලුවට ඊයේ වුණ දෙයක් නිසා වගකීමක් ඇතුව ලියන පෝස්ට් එකක් මේක. එයාගෙම වීඩියෝ එකකින් තමයි මම මේ ෆොටෝස් දෙක අරගත්තෙ. මේ ඉන්නෙ තමන් අන්ධයි කියලා කියාගන්න මනුස්සයෙක්.

    ඊයෙ එයාලා දෙල්කඳ පැත්තට යද්දි අන්ධ මනුස්සයෙක් සුදු සැරයටියක් තියාගෙන පාර මාරුවෙන්න ඉඳලා. ඉතින් එයාට පාර පනින්න ඉඩ දීලා මේගොල්ලො වාහනේ නවත්තලා. වාහනේ නවත්තගෙන හිටියට ඒ මනුස්සයා පාර මාරුවෙන පාටක් නැති නිසා මේගොල්ලො වාහනේ ඉස්සරහට අරගෙන තියෙන්නෙ එයාලගෙ ගමන යන්න හිතාගෙන. වාහනේ ඉස්සරහට යද්දිම එකපාරටම සද්දයක් ඇහුණ නිසා මේගොල්ලො වාහනේ නවත්තලා බැලුවම අර මනුස්සයා පාරෙ වැටිලා කෑ ගගහා ඉඳලා. මම යටින් දාන්නම්, මගේ යාළුවා, මට කියපු ඒගොල්ලන්ගෙ දෙබස්.

    අන්ධ මනුස්සයා - "අම්මෝහ්හ්... අයියෝහ්හ්... මගෙ පපුව රිදෙනවා"

    පිටිපස්සෙන් ආපු බයික් එකක පිරිමි දෙන්නෙක් - "බොරු කියන්නෙපා

    අංකල්. ඔයාව යට උනේ නෑ නෙ. අපි දැක්කනෙ. පපුව රිදෙන්නෙ කොහොමද?"

    අන්ධ මනුස්සයා - "මට පපුවෙ මහන්සිය තියෙනවා. හාට් ඇටෑක් එකක් ඇවිත් තියෙනවා. මම වැටුණ නිසා ගැස්සිලා දැන් මගෙ පපුව රිදෙනවා"

    යාළුවගෙ හස්බන්ඩ් - "එහෙනම් වාහනේට නගින්න අංකල්. අපි ඔයාව හොස්පිට්ල් එකකට එක්කගෙන යන්නම්"

    ඔන්න ඔහොම මේගොල්ලො ඒ මනුස්සයවත් දාගෙන වාහනේ ස්ටාට් කරගෙන ඇවිත් කළුබෝවිල හොස්පිට්ල් එකට යන්න නිසා කොහුවල පැත්තට හරවද්දි මේ මනුස්සයා ඇහුවලු "ඇයි මේ කොහුවල පැත්තට යන්නෙ?" කියල.
    මගෙ යාළුවා ඇහුවලු "අංකල් කොහොමද දන්නෙ අපි කොහුවල පැත්තට හැරෙව්වා කියනෙක?" කියලත්. එතකොට කිව්වලු එයා පොඩි කාළෙ ඉඳන්ම අන්ධ නිසා එයාලට පාරවල් ගැන හොඳ දැනුමක් ලැබිලා තියෙනවා කියලා. (හැබැයි මෙයාගෙන් විස්තර අහද්දි, එයා ඉන්නෙ මීගමුවෙ, දෙල්කඳ ආවෙ ළමයින්ට උගන්නන්න කියලලු කිව්වෙ)

    කොහොමහරි මේගොල්ලන්ගෙන් කෙයාගෙ කැඩිච්ච සැරයටිය අරගන්න දිගින් දිගටම රුපියල් 4700/-ක් ඉල්ලලා. හොස්පිට්ල් යන්න බෑ, සල්ලි දෙන්නෙ නැත්තම් පොලීසියට යමු කියලා.
    ඊයේ රෑ එහෙම්මම මිරිහානෙ පොලීසියට ගිහින් එතනදිත් මේ මනුස්සයා දිගින් දිගටම "ඇන්ට්‍රි ලියන්නෝන නෑ සල්ලි දුන්නනම් මම යනවනේ" කියලා මේගොල්ලොන්ගෙන් වන්දියක් දෙන්න කිය කියා ඉල්ලද්දි පොලීසියෙ අයත් කිව්වලු "ඔයාට එහෙම වන්දි ඉල්ලන්න බෑ. පොලීසියෙ එන්ට්‍රි එකක් දාලා හොස්පිට්ල් එකෙන් ඔයාට වුණ ඩැමේජ් එකත් චෙක් කරලා බලලා නඩුවක් දාල තමයි වන්දි ඉල්ලගන්න පුළුවන් වෙන්නෙ" කියල.
    අවසානෙදි ඔන්න එන්ට්‍රි එකත් ලියලා, පොලීසියෙන්ම මෙයාව කළුබෝවිල හොස්පිට්ල් එකටත් බාරදීලා. ඒත්, මගෙ යාළුවට පොලීසියෙන් කිව්වලු වාහනේ පොලීසියෙ තියලා ගිහින් එයාලා කිව්වම ඇවිත් හෙට අරන් යන්න කියලා.
    අද උදේ වාහනේ අරගන්න පොලීසියට එන්න කියලා කෝල් එක ආවලු. පොලීසියට ගියාම එතනින් කියලා හොස්පිට්ල් එකෙන් කිව්වලු "ගිය සතියෙත් මේ මනුස්සයව කව්දෝ කෙනෙක් හප්පගෙන ගිහින් හොස්පිට්ල් එකට ගෙනැල්ලා බාරදුන්න" කියලත්.
    කොහොම උනත් අද උදේ බලද්දි ඒ මනුස්සයා හොස්පිට්ල් එකෙන් පැනලා ගිහින්ලු.
    ඊලඟට හොඳම වැඩේ කියන්නෙ මේගොල්ලො පොලීසියෙ ඉද්දිම කෝල් එකක් එනවලු "අන්ධ මනුස්සයෙක්ව නුගේගොඩදි වාහනේකට හැප්පිලා" කියල.
    😂

    මම මේක ලිව්වෙ ඔයාලව දැනුවත් කරන්න.

    මේ ෆොටෝ එකේ ඉන්න අන්ධ මනුස්සයා හෝ වෙනින් කවුරු හෝ අන්ධ මනුස්සයෙක් පාර මාරුවෙන්න බලන් ඉන්නවනම්, වාහනේ නවත්තලා ගිහින් ඒ මනුස්සයව පාර මාරු කරවන්න. ඊටපස්සෙ තමන්ගේ ගමන යන්න. හස්බන්ඩ්ලවත් දැනුවත් කරලම තියන්න.

    ♦️
    මේ අපේ මිතුරියකට සිදුවූ දෙයක් .
    ♦️

    කොළඹ හා ඒ අවට මේ වන විට මේ ආකාරයේ එකම සිදුවීම බොහෝ අයට සිදු වෙමින් පවතී
    ඔබ හොදින් දැනුවත් වෙන්න
    වහාම පොලිසියට පැමිණිලි කරන්න
    Copied - Galle
    🫡


    image.png
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    @War Fighter
    අඩෝ කොළඹ ඉන්නවා බන් ඔය වගේ අම්බානක ගේම් කාරයෝ. සමහර එවුන් ෆිට් එක හැදිලා වගේ රඟ පානවා. යුද්දේ ඉවරවෙච්ච දවස්වල ටිකක් ඇඟ පත තියෙන එකෙක් බස් එකට නැගලා ටික වෙලාවකින් කියනවා අනේ මගේ පර්ස් එක නැතිවෙලා සල්ලි ගොඩක් තිබ්බා අනන් මනං. ඊට පස්සේ මිනිස්සු එකතු කරලා සල්ලි දෙනවා. තනි බොරුව. හමුදාවේ හිටපු එකෙක්ට තමුන්ගේ පර්ස් එක බලාගන්න බැරිද.
    ඔය වගේ එවුන් ගොඩක් හැප්පෙන්න බලන්නේ ගෑණු අය එළවන වාහනවලට. බයට සල්ලි දීල යනවනේ. මේ අය පොලිසි ගියපු නිසා හොඳයි. ගොඩක් මිනිස්සු බයයි එහෙම කරන්න.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    පරන ටෙලිනාට්‍යක් මම බැලුව මතකයි. ඔහොම එකෙක් පාරෙ යන වාහන වලට පැනල දත ගලවන සීන් එකක්. කතාවෙ අන්තිමට ඌ පනින වාහනේ එකා අතින් ඇත්තටම යට කරන් ගිහින් කම්මුතු වෙලා යනව



    මූ නේද ඔය?

    මේ පුක දෙන වටපඩයො තමා පේන්නම බැරි. මොකක් හරි උනාම බලෙන් ප්ලග් වෙලා වර්චස් කරල පොර වෙන්න හදනව.
    ------ Post added on May 23, 2023 at 4:55 AM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඔය වාගෙ උන්ට තමයි නෝට් කරල හප්පල පයින්න ඕන...සෙනිකව ගේම දීල මාරුවෙන්න ඕනෙ...මතක හිටින ගානට වැඩේ වෙන්නත් ඕනෙ....😂
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Mata oya widiyata Piliyandala una muu man pass weddi pitipasse tyre thamai oya magula danne ethakota loku sadayak enawa drive seat inna eka baya wena tharan. Mata miniha kiwa Galle yanna oni dan yanna widiyak nae 🦯 nathi nisa kiyala,salli iluwa man dana gatta mu boruwa kiyanne kiyala man kare Piliyandala police lagata awilla uncle bahinna man oyawa police bara denam police oyawa gedara yawai kiyaddi mu oni nae kiyala yanna giya
     
    • Like
    Reactions: ^Night Fury^

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Oya wage ekek mt thalawathugodadi set una. Me yakamada manda. Mt dan hariyata mathaka na muna. Color light eke nawaththan iddi mona hari wikunanna awa. Mm epa kiwwa. U eth giye na. Green light awama mm giya. Mokakhari ahu una saddeth awa. Ethakota u kagahanna gaththa. Mm ganan ganne nathuwa giya. Mokekwath passen awe nan na habai🤣🤣🤣. Meka une nan 5years ago wage habai.
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,551
    3,993
    113
    පරන ටෙලිනාට්‍යක් මම බැලුව මතකයි. ඔහොම එකෙක් පාරෙ යන වාහන වලට පැනල දත ගලවන සීන් එකක්. කතාවෙ අන්තිමට ඌ පනින වාහනේ එකා අතින් ඇත්තටම යට කරන් ගිහින් කම්මුතු වෙලා යනව

    Ingammaruwa