පොඩි උන් අප්පිරියාව ?
මේක අහන්නම හදපු ෆේක් අකෞන්ට් එකක් නං නෙමේ. මට මේක සිරාවටම මාර ප්රශ්නයක් බං. මට පොඩි උන් දැක්කාම සිරාවටම හෙන අප්පිරියයි බං. පොඩි උන් කියන්නෙ යංතං ඇවිදින වයසෙ ඉපදුන ගමංම වගේ වයසෙ උන්ව. අවුරුදු 3 4 වගේ උන් දැක්කට එහෙම අප්පිරිය හිතෙන්නෙ නෑ. ළදරුවන්ව දැක්කාම, උන් කතා කරන කටහඬ, ඔවෑ කියල අඬන සද්දෙ, හිනාවෙන සද්දෙ මේ සේරම ඇහෙනකොට දකිනකොට අප්පිරියාවක් එනව බං
මේක අද ඊයෙ ඉඳන් තියෙන එකක් නෙමේ. මං දන්න කාලෙ ඉඳන්ම මෙහෙමයි. මං ජීවිතේට කිසිම ළදරුවෙක්ව අල්ලලවත් නෑ බං. වෙන උන් ළදරුවන්ව දැක්කාම අතින් අල්ලනව දිව දානව හෙන විකාර කෝටියයි බං. මට මෙව්ව දකිද්දිත් හෙන අවුල්. පොඩි එකෙක් දිහා බලන්නවත් හිතෙන්නෑ. කොහෙ හරි බබ්බු ඉන්න තැනකට ගියාම බබෙක් ඇවිත් මගෙ ඇඟේ එහෙම එල්ලෙයි කියල පට්ට බයෙන් බං ඉන්නෙ. අල්ලන්නත් අප්පිරිය කොට ඇඟේ එල්ලෙන්න ආවාම මං ගසල දාල දුවන්නයැ බං :/ විලිලැජ්ජාවයිනෙ.
මෙච්චර කල් මේක ප්රශ්නයක් තිබ්බෙ නෑ බං. මං හිතං හිටියෙ කාටවත් මගෙ මේ අමුතු මෙව්ව එක එච්චර මීටර් නෑ කියල. ඒත් පහුගිය දාක පිරිතක් සෙට් වුනා.
ඔතන්ට ගිහිං ඉන්දැද්දි එකෙක් ඇහුව කියාංකො මගෙන් ඇයි මං බබ්බුන්ව වඩාගන්නැත්තෙ, උන්ව හුරතල් කරන්නැත්තෙ කියල ? පොලොව පලාගෙන යන්න හිතුන සිංහලු. :/ පැත්තකට වෙලා මගේ පාඩුවෙ ඉන්දැද්දි මෙහෙම එකක් ඇහුවාම කොරවෙනවනෙ. දැන් මේක මාර ප්රශ්නයක් බං. තව මල ගෙවල් කීයක් නං සෙට් වෙයිද. ඔය තැන් වලට බබ්බුත් එනවනෙ. නිකමට හරි යාලුවෙක්ගෙ හරි බබෙක්ව ඌ විනාඩියකටවත් බලාගන්න කියල දීල ගියොත් මං මොනාද දෙයියනේ කරන්නෙ ? :O
මේක මට විතරක්ම තියෙන ප්රශ්නයක්ද බං
මෙහෙම හිතෙන තව උන් ඉන්නවද ? මිනිස් ළදරුවන්ට විතරයි බං මෙහෙම අප්පිරියාවක් දැනෙන්නෙ. බලු පැටව් පූස් පැටව් දැක්කම නං ආස හිතෙනව. මොකෑ බං මේකට කරන්නෙ ?
මනෝ ඩොක්කු හම්බවෙන්න යන්න නං කියන්න එපා. ඔව්වගෙ යන්න වෙලාවක් නෑ බං
මේක අනාගතේ බරපතල ප්රශ්නයක් වෙයිද බං ?
මේක අහන්නම හදපු ෆේක් අකෞන්ට් එකක් නං නෙමේ. මට මේක සිරාවටම මාර ප්රශ්නයක් බං. මට පොඩි උන් දැක්කාම සිරාවටම හෙන අප්පිරියයි බං. පොඩි උන් කියන්නෙ යංතං ඇවිදින වයසෙ ඉපදුන ගමංම වගේ වයසෙ උන්ව. අවුරුදු 3 4 වගේ උන් දැක්කට එහෙම අප්පිරිය හිතෙන්නෙ නෑ. ළදරුවන්ව දැක්කාම, උන් කතා කරන කටහඬ, ඔවෑ කියල අඬන සද්දෙ, හිනාවෙන සද්දෙ මේ සේරම ඇහෙනකොට දකිනකොට අප්පිරියාවක් එනව බං

මේක අද ඊයෙ ඉඳන් තියෙන එකක් නෙමේ. මං දන්න කාලෙ ඉඳන්ම මෙහෙමයි. මං ජීවිතේට කිසිම ළදරුවෙක්ව අල්ලලවත් නෑ බං. වෙන උන් ළදරුවන්ව දැක්කාම අතින් අල්ලනව දිව දානව හෙන විකාර කෝටියයි බං. මට මෙව්ව දකිද්දිත් හෙන අවුල්. පොඩි එකෙක් දිහා බලන්නවත් හිතෙන්නෑ. කොහෙ හරි බබ්බු ඉන්න තැනකට ගියාම බබෙක් ඇවිත් මගෙ ඇඟේ එහෙම එල්ලෙයි කියල පට්ට බයෙන් බං ඉන්නෙ. අල්ලන්නත් අප්පිරිය කොට ඇඟේ එල්ලෙන්න ආවාම මං ගසල දාල දුවන්නයැ බං :/ විලිලැජ්ජාවයිනෙ.
මෙච්චර කල් මේක ප්රශ්නයක් තිබ්බෙ නෑ බං. මං හිතං හිටියෙ කාටවත් මගෙ මේ අමුතු මෙව්ව එක එච්චර මීටර් නෑ කියල. ඒත් පහුගිය දාක පිරිතක් සෙට් වුනා.
ඔතන්ට ගිහිං ඉන්දැද්දි එකෙක් ඇහුව කියාංකො මගෙන් ඇයි මං බබ්බුන්ව වඩාගන්නැත්තෙ, උන්ව හුරතල් කරන්නැත්තෙ කියල ? පොලොව පලාගෙන යන්න හිතුන සිංහලු. :/ පැත්තකට වෙලා මගේ පාඩුවෙ ඉන්දැද්දි මෙහෙම එකක් ඇහුවාම කොරවෙනවනෙ. දැන් මේක මාර ප්රශ්නයක් බං. තව මල ගෙවල් කීයක් නං සෙට් වෙයිද. ඔය තැන් වලට බබ්බුත් එනවනෙ. නිකමට හරි යාලුවෙක්ගෙ හරි බබෙක්ව ඌ විනාඩියකටවත් බලාගන්න කියල දීල ගියොත් මං මොනාද දෙයියනේ කරන්නෙ ? :Oමේක මට විතරක්ම තියෙන ප්රශ්නයක්ද බං
මෙහෙම හිතෙන තව උන් ඉන්නවද ? මිනිස් ළදරුවන්ට විතරයි බං මෙහෙම අප්පිරියාවක් දැනෙන්නෙ. බලු පැටව් පූස් පැටව් දැක්කම නං ආස හිතෙනව. මොකෑ බං මේකට කරන්නෙ ?මනෝ ඩොක්කු හම්බවෙන්න යන්න නං කියන්න එපා. ඔව්වගෙ යන්න වෙලාවක් නෑ බං

මේක අනාගතේ බරපතල ප්රශ්නයක් වෙයිද බං ?
Last edited:

.oka tamangema lamayek hambunama hariyay...

උබේ සිද්දිය ඇහුවම එහෙම කිව්වේ පව් කියලා හිතෙනවා. 