පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,239
    1,847
    113
    elakiri pot එක - කාමරේ
    පොත් බෙදා දීම - 7 වන දැක්ම (Elakiri Book Donation 7th Step)
    ඔන්න අපෙ යාලුවනෙ..

    වසර දෙකක විරාමයකින් පසු එළකිරි.කොම් පොත් බෙදා දීම 2022 පටන් ගන්න සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

    අපෙම පොඩි කැකුළුවල අනාගතය හත් වෙනි වතාවටත් අපිට පුලුවන් ආකරයට එලිය කරන්න පටන් ගන්න යන්නෙ.

    ඔයාල දැනටමත් දන්නවා ඇතිනෙ පහුගිය අවස්තා හයේ ම අපි පුංචි මල් කැකුළු ඉන්න පාසල් තමයි තොර ගත්තෙ. අන්න එ වගෙම මෙ වතාවෙත් අපි එවැනි පාසලක් තොරගත්තා.

    අප විසින් පෙර සිදු කරන ලද පොත් බෙදා දිම් පිලිබද තොරතුරු පහත ලින්කුව මගින් දැක ගත හැකිය.

    පලමු අදියර- පොලොන්නරුව

    දෙවන අදියර- මිතොටමුල්ල

    තෙවන අදියර- අලුත්තරම

    සිව්වන අදියර- සූරියගොල්ල

    පස්වන අදියර- පෙමඩුව

    හයවන අදියර- කහටගස්යාය


    එලකිරියෙ අපි පසුගිය වතාවත්වල උපකාර කරපු අවස්තා ටික එහි සදහන් වෙනවා. ගොඩක් අය දැනුවත් වෙලා ඉන්නෙ. ඒත් නොදැකපු යාලුවෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා.

    :):):):)



    ඔන්න දැන් අපෙ ඊලග අලුත් ම පියවර ගැන කෙටියෙන් කියන්නම්.
    මෙ පාසල වයඹ පාළාතේ තියන දුශ්කර පාසලක්. කුලී වැඩ තමයි මෙ දෙමාපියන්ගෙ මූලික අදායම.


    කුරුණෑගල ඉදන් 20KM වගෙ දුරින් පිහිටි හිරිපිටිය හන්දියට ගිහින් එතනින් 4KM වගේ දුරකින් තියන කලුගල්ල ගම කිට්ටුවට ගියාම තමයි මෙම පාසල හමුවන්නෙ.


    පාසලෙ පින්තුර කිහිපයක් සහ විස්තර ටිකක්.
    WhatsApp Image 2022-09-20 at 12.51.39 PM.jpeg



    WhatsApp Image 2022-09-20 at 12.51.38 PM.jpeg


    WhatsApp Image 2022-09-20 at 12.51.37 PM.jpeg


    WhatsApp Image 2022-09-20 at 12.51.36 PM (1).jpeg


    WhatsApp Image 2022-09-20 at 12.51.36 PM.jpeg


    WhatsApp Image 2022-09-20 at 12.51.37 PM (1).jpeg



    ***

    විදුහල්පතිතුමිය වගෙම ගුරුවරුත් වගේම දෙමවුපියනුත් පුදුම මහන්සියක් ගන්නවා පාසලෙ ළමයි වෙනුවෙන්.


    දෙමවුපියන් බොහෝ පිරිසක් කුළි වැඩවලින් ජීවිතය ගැට ගහගන්න අය. පාසල තිබෙන ස්ථානයට පොදු ප්‍රවාහන සේවයක් නොමැති නිසා ගුරුවරුන් හා දරුවන් කිලො මීටර ගනන් පයින් හෝ ට්‍රැක්ටර් වගෙ පාරේ යන වෙනත් වාහනයක් නතර කරගෙන තමයි පාසල් එන්නෙ.

    පසුගිය වසරේ පැවති 5 වසර ශි‍ෂ්‍යත්වයෙන් සිසුන් 3 දෙනෙකු ඉතා ඉහලින් සමත්වී තිබෙනවා.
    ඉන් වැඩිම ලකුණු ලෙස 171 සටහන් වෙනවා. දරුවන් 11 දෙනෙකු ලකුණු 100 ඉක්මවා අරගෙන තිබෙනවා.
    අනෙකුත් දරුවන් සියල්ලම ලකුණු 70 පසු කරලා අරගෙන තියනවා.


    මුළු පාසලට ම තිබෙන්නෙ එක් ශාලාවක් පමණක් නිසා සමහර පන්ති පැවැත්වෙන්නෙ එලිමහනෙ. අව්ව වැස්ස සමග පොර බදන අපේම දරුවන් වෙනුවෙන් විදුහල්පතිතුමිය ප්‍රධාන ගුරුවරුන්ගේ කැපවීම නිසා ම 2023 දී ආරම්භවන 1 වසර පන්තිය සදහා සිසුන් 25 දෙනෙකු අයදුම්පත් එවා තිබෙනවා.

    ඉතින් යාලුවනේ මේ පාසලේ භෞතික පහසුකම් අඩුවුනාට මේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්.


    ගුරුවරු සහ විදුහල්පතිතුමිය බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්. මේ දරුවන්ට ඉගෙනගන්න අපිත් අපිට පුලුවන් හැටියට අපගේ උපකාරය ලබාදෙමු.

    දෙවැනි කොමෙන්ටුවේ ඊලග විස්තර ටික තියනවා.....
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,239
    1,847
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න යාළුවනෙ පාසලෙ විස්තර ටික.
    • පාසලෙ නම : මහව/දීගම ප්‍රාථමික විද්‍යාලය - වයඹ පළාත
    • අධ්‍යාපන කලාපය : මහව
    • සිසුන් ගනන: 130
    • පන්ති සීමාව : 1 වසරෙ සිට 5 වසර දක්වා.


    2023 ජනවාරි මාසයෙ මුල් සතිය වෙනකොට පොත් බෙදා දෙන්න ඉන්න නිසා ඊට කලින් ඔයාලගෙ සහයොගය බලපොරොත්තු වෙනවා.


    අවසන් දිනය : 2023 ජනවාරි 04


    ළමයින්ට ඉගෙන ගන්න අවශ්‍යය කරන සියලු ම දෙවල් අපි දෙන්න හිතන් ඉන්නවා. මම පහලින් එවා ගැන විස්තරයක් දාන්නම්.

    ළමයින්ට කලින් අවස්තා හයේ ම වගෙ දවල්ට ආහාරය දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.


    ජනවාරි මාසයෙ මුල් සතිය වෙද්දි බඩු ටික පාසලට භාර දෙන්න හිතන් ඉන්නෙ. වෙනදා වගෙ ම අවසර ගත යුතු නිලදාරින්ගෙ අවසරය පාසලට ලැබුනම දිනය පසුවට හරියටම කියන්නම්.

    මේ ලැයිස්තුව තමයි යාළුවනෙ අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නෙ.. ටිකක් විතර දිගයි හොදෙ. ඔයාලට අරන් දෙන්න පුළුවන් දෙවල් කොමෙන්ටුවකින් හෝ PM එකකින් දැනුවත කරන්න.

    අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ.
    යාවත්කාලීන කරන ලද භාණ්ඩ සහිත GOOGLE SHEET එක පහත ලින්කුව තුල දැක්වේ.


    යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙහි ක්ලික් කරන්න.


    තවද අන්තිම කමෙන්ටුවලදී ද යාවත්කාලීන කරන ලද භාණ්ඩ ලැයිස්තුව වරින්වර දැක්වේ.
    1. පස් රුල් පොත් අකුරු සහිත 120
    2. පස් රුල් පොත් අකුරු නොමැති 270
    3. පිටු 80 තනිරුල් පොත් 300
    4. 1/2 පිටු 80 කොටු රුල් පොත් 300
    5. පිටු 120 තනිරුල් පොත් 1200
    6. පිටු 120 කොටුරුල් පොත් 550
    7. පිටු 120 CR තනිරුල් පොත් 300
    8. පිටු 120 CR කොටුරුල් පොත් 50
    9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 160
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 160

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 20
    12. කවකටු පෙට්ටි 20
    13. පැන්සල් 1500
    14. නිල් පැන් 700
    15. රතු පැන් 250
    16. අඩි රුල් 230
    17. මකන 650
    18. කටර් 400
    19. ගම් (පොඩි)- කඩදාසි අලවන 120
    20. පැස්ටල් -24 පෙට්ටි 120

    21. පාට පැන්සල් 12 පෙට්ටි 120
    22. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 30
    23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 30
    24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 30
    25. කතුරු (පොඩි එවා) 190
    26. A4 සුදු කොල පැකට් 20
    27. A4 වර්න කොල පැකට් 5
    28. Box file 10
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 110
    30. ගුරු මෙස වලට රෙදි යාර 30ක්

    31. රටහුනු - සුදු පෙට්ටි 12
    32. රටහුනු - පාට පෙට්ටි 5
    33. කැල්කියුලෙටර් 2
    34. වයිට් බොර්ඩ් 2
    35. වයිට් බොර්ඩ් ඩස්ටර් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
    38. වොලි බොල් 1
    39. ක්‍රිකට් බැට් (සැහැල්ලු පන්දු) 1
    40. ප්ලාස්ටික් ෆයිල් 20

    41. බුදු පිලිම ලොකු 1
    42. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
    43. ඩිමයි පාට 60
    44. පින්තුර කොල වර්ග 6කින් 30
    45. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
    46. ෆයිල් clip 30
    47. ශිශ්‍ය නායක බැජ් 17
    48. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    49. පරිගනක 4 (desktop or laptop)
    50. School bag 120

    51. ප්‍රථමාධාර පෙට්ටි 1
    52. ඝන වස්තු හැඩතල සෙට් 5
    53. ඝනක රාමු 4
    54. හැඩතල කට්ටල සෙට් 5
    55. පන්ති සදහා බිත්ති ඔරලෝසු 3



    ඔයාලට දෙන්න කැමති දෙවල් කියන්න. එතකොට මට ලිස්ට් එකෙන් එවා අඩු කරලා පොස්ට් කරන්න පුලුවන්. එතකොට අපෙ අනෙක් අයට පහසුවෙයි.


    දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති අපිට කොහොමද ඔයාල ලග තියන පොත් භාර දෙන්නෙ කියලා. පොත් භාර ගන්න අපෙ එලකිරියෙ අය උදවු කරනවා.

    තවත් අය ඉන්නවනම් මට කියන්න. පොත් භාර ගන්න කැමති ප්‍රදෙශයත් කියන්න.


    දැනට සහයොගය දක්වන සාමජිකයන්ගෙ නමයි පොත් භාරගන්න පුලුවන් ප්‍රදෙශ ටිකයි දාන්නම්.

    1. rox2030
    දෙමටගොඩ, බොරැල්ල, කොලොන්නාව, IDH අවට, කිරිබත්ගොඩ, මාකොල, හිබුටාන, බත්තරමුල්ල, කොස්වත්ත, වැල්ලම්පිටිය, කඩුවෙල


    2. subash dushmantha
    ගම්පහ, මිනුවන්ගොඩ, එකල. ජාඇල, වත්තල, කදාන, කටුනායක, මිගමුව


    3. WIJE99000
    මිගමුව, වෙන්නප්පුව, මාරවිල, මහවැව, හලාවත, ජා ඇල


    4. Ashman
    කුරුණෑගල, වාරියපොල, නිකවැරටිය, හෙට්ටිපොල, මහව


    5. lakshane251
    කොල්ලුපිටිය, රත්මලාන, කොලඹ 3 අවට, මොරටුව, පොළොන්නරුව අවට, අම්බලන්ගොඩ, ගාල්ල


    6. haridugamlath
    හොරණ, පානදුර, ඉංගිරිය, රත්නපුර


    7. dath kibula
    මාලඹෙ


    9. cow de boy
    බොරැල්ල, කඩුවෙල, හංවැල්ල, බෝමිරිය, වත්තල

    10. කැනඩාවේ අපේ එලකිරි යාලුවෙක් සිටින නිසා එයත් අපිට උදවු කරනවා. කැනඩාව හරහා උදවු කරන්න කැමති අය මට PM එකක් එවන්න.



    අපෙ ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි අපිට සල්ලි එවන්න බැරිද කියලා.

    පිලිතුර :
    ඔයාලට මුදල් වලිනුත් උපකාර කරන්න පුලුවන්. එතකොට අපිට එ සල්ලි වලින් තව අඩුපාඩු පොත් පත් ගන්න පුලුවන්.



    මුදල් වලින් උපකාර කරන්න කැමති අය PM එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න එ බව දන්වල. මම එයාලට බැංකු ගිණුම් විස්තර එවන්නම්.


    අපි කලින් හැම වතාවෙම පොත් දෙන වැඩ වලදි මුදල් ගනුදෙනු කරා. ජිවිතෙට නොදැකපු අපෙම අය අපිට ගොඩක් සල්ලි එවලා තිබ්බ. අපි අන්තිමට හැමොගෙම උපකාර වලින් ලස්සනට වැඩෙ කරා. කවුරුත් අපිට දොස් කිව්වෙ නැහැ. මොකද හැමොම මහන්සියෙන් හොයන සල්ලි වලට අපි සාදාරනයක් කරපු නිසා.

    ***

    මෙක මට විතරක් තනියම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මෙක සාර්ථක කරගන්න පොත් වැඩෙ සංවිදානය කරන්න සහයොගය දක්වපු අපෙ එලකිරියෙ සියලු දෙනා ම ඉන්නවා.

    අපි ඔයාලගෙ සහයොගය ගොඩාක් බලාපොරොත්තු වෙනවා මෙය ඉටු කර ගන්න.



    poth1.jpg


    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු..

    හැමොටම ස්තුතියි...
     
    Last edited: