පොත් බෙදා දිම හයවන අදියරෙ(2020) නිමාව....

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    500
    93
    ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. කාලයක් තිස්සේ කරගෙන යන හොඳ වැඩක්.
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    369
    63
    ඈස්මෑන් සර් පව්ල් පන්සල් වෙලා නිසා මේ පාර පේන්න නෑ නේ
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,119
    1,932
    113
    elakiri pot එක - කාමරේ
    ලින්ක් එක වයිබර් වලින් තකහනියක් එව්ව නිසා ඔන්න ලොග් වෙලාම පෝස්ට් එකක් දැම්මා.

    ගිය සැරේ තරම් මේ සැරේ දායකත්වයක් දැක්වීමට නොහැකිවීමට සමා වෙන්න ඕනෙ.

    දිගටම කරගෙන යමු.
    :yes:
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,008
    222
    63
    නියමයි. මේ පාරත් පුළුවන් විදිහට සප් එකක් දෙන්නං
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,459
    1
    99,059
    113
    Leasing World
    පොත් බෙදා දිම හයවන අදියරෙ(2020) නිමාව....

    ඔන්න යාලුවනෙ ඔයාලා හැමොම වාගෙ උදවු කරපු එලකිරි.කොම් පොත් බෙදා දිමෙ වැඩ පිලිවෙලෙ 6 වෙනි දැක්ම එහෙමත් නැත්නම් 2020 අදියර මෙසෙ කරලියට පැමිණෙන වගයි.


    මෙකට මූලික වෙන්නෙ අපෙම එලකිරියෙ සමාජිකයන් කියලා හැමොම දන්නවනෙ. එ වගෙම අපෙ අනෙකුත් යහලු යෙහෙලියනුත් අපිට ගොඩක් උදවු කරනවා. ඉතින් ඔය කියන්න වු හැම දෙනාගෙම සහයොගයෙන් අපිට පුලුවන් උනා 6 වෙනි වතාවටත් පොත් බෙදාදිමෙ වැඩපිලිවෙලක් සාර්තකව අවසන් කරන්නට.


    ඉතින්, කලින් පස් වතාවෙ වගෙම මෙ පාරත් ගොඩක් හොදට කරන්න තමයි අපි සැලසුම් කරෙ.

    කලින් වගෙම අපිට ලැබුණු පාසල් කිහිපයක් අතරින් එක පාසලක් තොර ගන්න උනා. අපි පාසල් කිහිපයක් බලන්නත් ගියා. සමහර පාසල් වලට කතා කරලා විස්තර දැන ගත්තා. කොහොම හරි ඉතින් අපිට ලැබුන පාසල් කිහිපය අතරින් අපි තොර ගත්තෙ අම්පාර දිස්ත්‍රික්කයෙ කහටගස්යාය ගමෙ පිහිටි කහටගස්යාය පාසලයි. මෙ පාසල ගැන අපෙ තාල් සහොදරයා විස්තර හොයලා දුන්නා.



    1.jpg


    3.png


    2.jpg


    1.jpg





    අපිට මෙ පාසල ගැන කිව්වෙ අපෙම සාමජිකයෙක්. ඉතින් අපි එ යාලුවාගෙන් පාසලෙ විස්තර ටිකක් අහ ගත්තා. පසුව මම විදුහල්පතිතුමා සමග සම්බන්ද වෙලා වැඩි විස්තර දැන ගත්තා.


    ඉතින් යාලුවනේ මේ පාසලේ පහසුකම් අඩුවුනාට මේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්. ඉන්න ගුරුවරු කිහිපදෙනා සහ විදුහල්පති තුමා බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්. සංගීත ගුරුවරයෙක් නැති අඩුව මෙ පොඩි ලමයින්ට ගොඩක් දැනෙනවා. මොකද එයාලට හොදට සින්දු කියන්නත් පුලුවන් නිසා.



    ඉතින් අපි පාසලත් එක්ක දුරකතනයෙන් සම්බන්ද උනා. අපිට පාසලෙ තිබෙන සියලු අඩු පාඩු සදහන් කරන්න කිව්වා. එතකොට අපිට පුලුවන් එ අඩුපාඩු වලින් උපරිම ප්‍රමානයක් ලභා දෙන්න.



    පොත් බෙදන වැඩෙ වෙන දවස වෙනකම්ම විදුහල්පතිතුමා සමග සම්බන්ද වෙමින් විස්තර කතා කරා. වෙනදා වගෙම පාසලට සිග්නල් නොමැති ගැටලුවක් තිබෙන නිසා මට ලොකු ප්‍රශ්නයක් උනා. සමහර දවස් වල පාන්දර වගෙ වෙද්දි තමයි අවශ්ය විස්තර ලැබෙන්නෙ. අන්තර්ජාල පහසුකම් අඩු නිසා ඔක්කොම විස්තර ටික ලියාගන්න උනා. එ වගෙම විදුහල්පතිතුමා අම්පාර ටවුම කිට්ටුවට ගිහින් මට විස්තර එවපු වෙලාවලුත් තිබුනා. එතුම මෙම පාසල දියුනු කරන්න ගොඩක් මහන්සි වෙන කෙනෙක්.

    ඔන්න ඉතින් පාසලෙන් ලොකු ලිස්ට් එකක් ලැබුනා. ඊට පස්සෙ එලකිරියෙ එ සම්බන්දව ත්‍රෙඩ් එකක් දැම්මා කට්ටියගෙන්ම උපකාර ලභා දෙන්න කියලා.


    මෙන්න එ ප්‍රදාන ත්‍රෙඩ් එක.


    http://www.elakiri.com/forum/showthread.php?t=1915458



    ඔන්න ඉතින් අපෙ අය පොත්පත් භාර ගත්තා. ටික දවසක් යද්දි පොත් එකතු කරන තැන් බඩු වලින් පිරෙන්න ගත්තා. සමහර අය තැපැලෙන් බඩු එව්වා. අනික අපෙ එලකිරි අයට දැන් පොත් ත්‍රෙඩ් එක මතකයි. එක නිසා අපිට පහසුවක් උනා.

    IMG-20200111-210728.jpg


    IMG-20200111-205819.jpg





    මම වගෙම අපෙ කිරියෙ ගොඩක් අයත් එයාලගෙ යහලුවන්ට මෙ ගැන කියලා තිබුනා. ඉතින් එයාලත් අපිට උදවු කරා. සමහරු මුදල් වලින් උදවුකරා. කලින් වතාවෙ පොත් වැඩෙට සම්බන්ද උන සියලුම දෙනා මෙකටත් සම්බන්ද උනා. එක අපිට ලොකු ශක්තියක් උනා.



    පොත් පත් භාර දෙන්න කැමති අයව, එයාලට පහසුම ලගම පොත් එකතු කරන තැනට යොමු කරා. අපෙ සමහර යාලුවො අපෙ ගෙදරට ඇවිල්ල බඩු භාර දුන්නා. අපෙ පිටරට ඉන්න යාලුවොත් අපිට ගොඩක් උපකාර කරා. මම යවපු හැම PM එකකටම රිප්ලයි කරලා තිබුනා.


    අපෙ කට්ටිය එයලගෙ ඔෆිස් වලට, ක්ලිනික් වලට, ගෙවල් වලට, ක්ලාස් වලට, කඩවල් වලට, බැංකු වලට වගෙ එක එක තැන් වලට පොත් පත් එකතු කරලා තිබුනා.

    කලින් වතාවෙ වගෙම පොත් වැඩෙ වෙද්දි මට ඩෙංගු හැදුනා. දවසක් හිටියා මාලබෙ නෙවිල් හොස්පිටල් එකෙ. ඊලග දවස් 6ක් හිටියෙ ලංකා හොස්පිටල් එකෙ. කොහොම හරි හොස්පිටල් එකෙන් ගෙදර ආවට පස්සෙ මුලු ඇගම පන නැහැ වගෙ. කිසි වැඩක් ඉක්මනට කර ගන්න බැහැ. මම හොස්පිටල් ඉන්න දවස් ටිකෙ අපෙ අනෙක් යාලුවො පොත් ත්‍රෙඩ් එක අප්ඩෙට් කරා. කොහොම කොහොම හරි කාලා බිලා ආපහු වැඩ කරන්න ගත්තා. මීට කලින් ඩෙංගු හැදිලා නැති නිසා ටිකක් අමාරුයි.

    ඉතින් වෙනදා මමම ගිහින් පොත් එකතු කරන් එන වැඩෙ මෙ පාර කරෙ මගෙ යහලුවන් පිරිසක්. මම එ අයව පිටත් කරලා බොහොමයක් පොත් ගෙදරට ගෙන්න ගත්තා. අනෙක් පොත් ටික වෙනදා වගෙම මමම අරගෙන ආවා.


    ඔන්න ඔහොම ගෙදරට පොත් එකටු උනා. එවා පෙටිටි වලට දාල වෙන් කරා. එතකොට අපිට පහසු නිසා. පට්ට මහන්සියක් එනවා වැඩ කරද්දි එ වෙලාවෙ. එතකොට කරන්නෙ ටිකක් හාන්සි වෙලා ඉදලා ආපහු තව ටිකක් පෙට්ටි වලට දාපු එක.


    අපිට ගොඩාක් එලකිරියෙ අය උදවු කරා. ඔයාලා නැත්නම් අපිට මෙක මෙච්චර හොදට කරගන්න වෙන්නෙ නැහැ යාලුවනෙ. එක මම මතක් කරන්නම ඔනෙ. කිරියෙ අය එකාවගෙ අපිට උදවු කරා. එයාලගෙ කාලය කැප කරමින් පොත් අරන් දෙන්න මහන්සි උනා. සමහර අපෙ කිරියෙ අය මට කොල් කර කර තව අඩුපාඩ් මොනවද අහනවා. එයලත් හරිම උනන්දුවෙන් තමයි මෙක කරෙ.

    අපි මෙ වතාවෙ ට් ශිර්ට් එකක් මහන්න දුන්නා. ගිය වතාවෙ අපිට එකට කල් මදි උනා. අපෙ ලොකු අයියගෙ අවසරය මත තමයි මෙක සිද්ද උනෙ.


    received-631645384314294.jpg



    අපිට වැඩෙ සාර්ථක කර ගන්න උදවු කරපු අපෙ කිරියෙ සහ අනෙක් යාලුවො සියළු දෙනාවම අදරෙන් මතක් කරනවා. අපිට හැමදාම වගෙ නවතින්න පහසුකම් සලසා දෙන තාල් යහලුවවත් මේ වෙලාවෙ ආදරයෙන් මතක් කරන්න ඔනෙ. එ වගෙම අපෙ සාගරය සුරකින නාවික හමුදාවත් මතක් කරන්න ඔනෙ.


    (හැමොම අපිට උදවු කරා. මම නම් වශයෙන් මතක් නොකරන්නෙ, හදිස්සියෙන් හරි නමක් අමතක උනොත් කියලා.)


    Mcn me awrudde me wade krnne ndda bn ????