පොල් වල ආදායම කොහොමද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ehemada machan

    අක්කරයක් ගැන හිතුවොත්
    පොල් ගස් කීයද?
    මාස 1.5 කින් ආදායම කීයද?

    අක්කරයක් ගැන හිතුවොත්
    පොල් ගස් කීයද?
    මාස 1.5 කින් ආදායම කීයද?
    පොල් ගස් අතර හිටවන පරතයක් තියෙනවා බන්.මට මතක නෑ එක නම්
     
    • Like
    Reactions: kinkon and NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,081
    113
    adala nene
    පුලුවන් මචං. හැබැයි හරි පරතරේට හිටවපං නැත්තං ලෝබ කමටළඟ ළඟ හිටෙව්වොත් ඉකෙනවා වැඩ කරන උන්ට වල් පැල අයින් කරන්න ගියාම.
    කෙසෙල් අන්නාසි ඇර තවත් භෝග සමග පොල් වගා කල හැකිද :rolleyes: :D
     
    • Like
    Reactions: NRTG and lasankandy

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,081
    113
    adala nene
    හැකි... අන්නාසී අස්සෙ නයි ජනාවාස හදලා නාග මාණික්‍ය හොයන්නත් පුලුවන්
    ඔය ඉතින් වගාවක් කරන්න ගියත් තොපි වනචර කතා කියාගෙන එනවනෙ :rofl: :dull:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    කෙසෙල් අන්නාසි ඇර තවත් භෝග සමග පොල් වගා කල හැකිද :rolleyes: :D
    කහ , ඉගුරු ත් පුලුවන්.. ටිකක් වියදම් කරන්න වෙයි.. හැබැයි ආදායම හොඩයි.. ඉගුරු එකපාරක් දාල කහ දාලයි ආයෙ ඉගුරු දාන්නෙ.. ඉගුරු වලින් පසේ මොකද්ද බැක්ටීරියාවක් එන සීන් එකක් තියනව.. කහ ඒකට රෙසිස්ටිව්.. ඒකයි එහෙම කරන්නෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    @maxtalker මචං.. රජයේ ඉඩම් බදු අරන් පොල් හිටවීම ගැන මොකද හිතන්නෙ? මට පොඩි අයිඩියා එකක් තියනව එහෙම..

    ඔයාට අත්දැකීම් තියන බව පේන නිසා අහන්නෙ.. සාමාන්‍යයෙන් ගහක් පලදරන මට්ටමට එන්න අවුරුදු 3-4 යනවනෙ.. ඔය කාලෙ වෙනකන් වෙන වියදම් ගැන එහෙම විස්තර ටිකක් කියන්න පුලුවන්ද..
     
    • Like
    Reactions: cd4ever

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    @maxtalker මචං.. රජයේ ඉඩම් බදු අරන් පොල් හිටවීම ගැන මොකද හිතන්නෙ? මට පොඩි අයිඩියා එකක් තියනව එහෙම..

    ඔයාට අත්දැකීම් තියන බව පේන නිසා අහන්නෙ.. සාමාන්‍යයෙන් ගහක් පලදරන මට්ටමට එන්න අවුරුදු 3-4 යනවනෙ.. ඔය කාලෙ වෙනකන් වෙන වියදම් ගැන එහෙම විස්තර ටිකක් කියන්න පුලුවන්ද..
    රජයේ ඉඩම් බදු ගන්නෙ කොහොමද?
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    අවුරැදු 3-4 න් හිටවල පොල් කඩන්න බෑ බන් 7-8 ක් යනව හරියට හැදිල එන්න ලේසි වැඩක් නෙමේ
     
    LordDBK

    Junior member
  • Jul 3, 2021
    22
    36
    13
    තේ අක්කරයකින් අදායම කොහොමද
    අක්කරයක
    ඉඩමක් අරන් තේ දාන්න කියක් යනවද
    එහෙම පොල්ලෙන් ගැහුවා වගේ කියන්න බෑ සහෝ
    අනික පැත්ත, කාලගුණේ, ගස් ප්‍රමාණේ , සැලකිල්ල වගේ කරුණ අනුව වෙනස් වෙනවා

    පොහොර ගහලා නම් , වැස්ස සැපට තියේ නම්, වල් මරලා , කප්පාදුවත් හරි නම් ආයේ ඉතිම් ලා දළු බෝපත් වගේ දළු තියෙනවා
    ඔය දේවල් අකලට නම් සිද්ද වෙන්නේ බඩු නෑ

    තේ කියන්නේ ජීවිතේ බෝ. වැඩි විස්සත ඕනේ නම් වරෙන් ඉන්බොක්ස්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    @maxtalker මචං.. රජයේ ඉඩම් බදු අරන් පොල් හිටවීම ගැන මොකද හිතන්නෙ? මට පොඩි අයිඩියා එකක් තියනව එහෙම..

    ඔයාට අත්දැකීම් තියන බව පේන නිසා අහන්නෙ.. සාමාන්‍යයෙන් ගහක් පලදරන මට්ටමට එන්න අවුරුදු 3-4 යනවනෙ.. ඔය කාලෙ වෙනකන් වෙන වියදම් ගැන එහෙම විස්තර ටිකක් කියන්න පුලුවන්ද..
    රජයේ ඉඩම් බදු ගන්න සීන් එකනම් මම දන්නෙ නැහැ මචං. හැබැයි ගන්නවනම් අවුරුදු පනහකටවත් බදු ගන්න ඕන අවම. පොල් ගස් අවුරුදු හැට හැත්තෑව තියනව. අපි තාම අපේ සීයල හිටවපුු ගස්වලත් පලදාව ගන්නව.

    ඉඩමක් ගන්නකොට වැලි මිශ්‍ර පසක් තියන වතුර තියන ඉඩමක් හොයාගන්න.

    සාත්තුව තිතටම තියනනා නම් අවුරුදු දෙකෙන් දෙකහමාරෙන් පූදිනවා. මම දන්න කෙනෙක්ගෙ අවුරුද්දයි මාස අටෙන් පීදුනා.කෘෂි ර්මෙන් ඇවිල්ලා සොයිල් සාම්පල් පවා අරගන ගියා. මිනිහගෙ සාත්තුව සුපිරියි.

    මට පැල හිටවීම ගැන ලොකුවටම අත්දැකීම් නෑ. මොකද මට තාම ලොකුවට දෙවනි වගාව දාන්න අවශ්‍ය වෙලා නැති නිසා. දැන් තියන නාම්බං ගස් අප්පච්චි හිටවපුවා.

    වියදම ඉතිං භූමිය සකස්කරගන්න, වලවල් කපාගන්න, වතුර දාන්න, පැල ගන්න ඕවට තමා යන්නෙ. කුලිය ඉතිං පැත්ත අනුව වෙනස් වෙනවා. වෙලාව තියනවා නම් තමන්ටම කරගන්නත් පුලුවන්. මම නම් කට්ටි යදම්මලා කරන්නෙ.

    වියදම කවර්කරගන්න පොල් පැල ලොකුවෙනකල් කෙටි කාලීන බෝග වගාවක් කරන්න පුලුවන්. කාලෙ බලලා මිරිස් හිටෙව්වොත් සෑහෙන ආදායමක් ගන්න පුලුවන්. වතුර තියනවා නම් කොමඩු දාන්න පුලුවන්. කොමඩු වලට දවස් 55යි. හැබැයි හොඳට වතුර ඕන.නැත්තං කෙසෙල්, අන්නසි, කහ, ඉඟුරු, මඤ්ඤොක්කා, ඔය ඕන එකක් දාන්න පුලුවන්.
     
    අන්න ඒකයි.. බර කාලෙකට ගන්න ඕනෙ..
    අපෙත් සීය හිටවපු ගස් තාම තියනව...

    අලුතෙන් දාන ඒව ගැන මටත් එක්ස්පීරියන්ස් නෑ. තියන එකක් නඩත්තු කරන් ඉන්න එක තමා..

    ඉඩම් සල්ලි වලට අරන් පොල් දාල ටර්න් ඕව වෙන්න ත් අවුරුදු 15ක් වත් යයි.. සල්ලි වැඩි නම් අවුලක් නෑ.. අපිට වගේ සෙට් වෙන්නෙ බදූ ගන්න එක තමයි
     
    • Like
    Reactions: visalbro

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    1. අක්කරේකට වවන ක්‍රමේ අනුව ගස් ගාණ 64 හෝ 72 වෙනවා. මගෙ රෙකමන්ඩේෂන් එක 64යි. හේතුව 72ක් හැදුවොත් ගස් ලොකුවෙනකොට වදුල ඇවිත් ආදායම අඩුවෙනවා.
    2. ගහකින් කඩන පොල් ගාණ ගහේ වර්ගෙ, ගහට ලැබිල තියන පෝෂණය අනුව වෙනස් වෙනවා. පොල් ප්‍රබේද තියනවා TT, PP, TP, මොරොක්ටෝල්, කප් රුවන ආදී වශයෙන් . TT ගස්වල පලදාව අඩුයි. PP තමා හොඳ, ඔරොත්තුදෙන්නෙ. කප්රුවන, කප්සෙවන වගේ ඒවගෙ පලදාව වැඩි උනාට පලිබෝධකයන්ට තියන රෙසිස්ටන්ට් එක අඩුයි.
    3. පොල් මාස එකහමාරෙන් කඩන්න පුලුවන්. මාස දෙකෙන් කඩන්නත් පුලුවන්. මාසෙං කඩන්නත් පුලුවන්. සාමාන්‍යයෙන් අවුරුද්දට ගහකින් වලු දොලහයි. හරියට පුහුණු කරපු ගහකින් අවුරුද්දට වලු 18ක් කඩන්න පුලුවන්.
    4. අවුරුද්ද පුරාවට පොල් පලදාව වෙනස් වෙනවා. ඒ එක්කම පොල් මිල වෙනස් වෙනවා. සාමාන්‍ය තත්ව යටතේ අඩුම පොල් මිල යන මැයි මාසෙ තමා වැඩිම පොල් පලදාව තියෙන්නෙ.
    5. හරියට නඩත්තු කරන පොල් අක්කරේකින් ගෙඩි 1000ක් දල වශයෙන් කඩන්න පුලුවන් පොල් උපරිමටම කැඩෙන මැයි මාසෙ. ඔය ගාණ 600 ~ 900 අතර යයි. එහෙම නැතිනම් 250 ~ 450 තමා. මෙතන හරියට නඩත්තු කියන එකෙන් අදහස් කරන්නෙ නිසි පලට වතුර සහ පෝර දාලා භූමිය මනාව මේන්ටේන් කරන වගාවන් ගැන. එහෙම නැත්තං ගස් බාල වෙලා ආදායම අඩුවෙනවා.
    6. පොල් වලට වතුර ඕනද - ඔව්. ගහකට දවසට ලීටර් 60ක් ඕන. පොලව මැටි ගතිය වැඩියි නම් පොලව ඉක්මණට වේලෙනවා. වැස්ස නැවතිලා සති දෙකකින් විතර සතියකට වතාවක් වතුර දාන්න ඕන
    7. අවුරුද්දකට දෙපාරක් හෝ වරක් පෝර දාන්න ඕන.
    8. තනකොල එද්දි තණකොල කපන්න ඕන
    9. වැටෙන පොල් අතු කපලා ගහවටේට දාන්න ඕන.
    ප්‍රශ්න තියනවා නං අහපං.
    ඉඩමක ගාන කවර් වෙන්න කොච්චර කල් යනවාද?

    යටි වගාවක් විදිහට මොනාද හොද? වල්රටකජු මොකද? යටිවගා ලාබද
     
    • Like
    Reactions: visalbro

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    තේ අක්කරයකින් අදායම කොහොමද
    අක්කරයක
    ඉඩමක් අරන් තේ දාන්න කියක් යනවද
    Mama dekka tea walata pohora prashnayak tinawa...poddak hoyanna
     
    • Like
    Reactions: visalbro