දඩ කොලේ විසි කරන්න නම් එපා! ලයිසන් එක පොලිසියට ඇපේට ගන්න බැරි උනාට ඔයාගෙ වාහනේ රෙජිස්ටර් නම්බරේ ඒගොල්ලො ලියා ගනවා. කියපු දිනයට කලින් ඉදිරිපත් උනේ නැති නම් උසාවියෙන් නොතිසියකුත් අරන් ගෙදරටම හොයාගෙන එනවා. එතකොට පාර්කින් කේස් එකට ගහන දඩයට අමතරව පොලිස් අන නොතකා ක්රියා කෙරුවයි කියලා තවත් නඩුවක් ඩෙෆා වැටෙනවා. ඒක ඔකොටොම වඩා හපන්. මොකද එතකොට අනිවා හිරේ දානවා. ඒ නිසා ගිහින් මුලින් කතා කරලා දඩ කොලයක් ඉල්ලගන්න බලන්න.
ලයිසන් තියෙන කෙනෙක් මාට්ටු කරන සීන් එක නම් ශුවර් නැති වැඩක්. මොකද පොලිස්කාරයො ඔයවගේ ඒවයින් හැමදාම තෙම්පරාදු වෙලා ඇත්තේ. අනිවා ඊට පස්සෙ ඉතින් ප්රශ්න කරන්න ගනියි. එතකොට කියන්නෙ බොරුයි කියල කරුමෙකටවත් අහු උනොත් එහෙම ආයෙ පොලිස්සිය නොමග යවන්න හැදුවයි කියල තවත් නඩුවක්!
මගේ උපදෙස තමයි;
1. පොලිස්සියෙ කලබල අඩු වෙලාවක් බලලා ඔක්කොම ඩොකියුමන්ට්සුත් අරං යන්න.
2.උදව්වට අම්ම හරි තාත්තා හරි ගෙනිච්චොත් වඩා හොදයි.
3. ඊට පස්සෙ වෙච්ච ඇත්තම සිද්දිය කියලා වැරද්ද පිලිගන්නවා කියන්න.
4. පොර ටෝක් නම් දාන්න යන්න එපා ඔන්න! උන්ට තද උනොත් ඉතින් සමහරවිට ලයිසන් එකට වඩා දේවලුත් නැතිවෙයි. පුලුවන් තරම් පින්සෙන්ඩු වෙලා කොහොම හරි දඩ කොලෙයක් ලියා ගන්න. දැන් ඉන්න අලුත් පොලිස්කාරයො නම් හොදයි, වැඳලා හරි ශේපක් දාගත්තැහැකි. හැබැයි පරන සාජන් උන්නැහේ කෙනෙක් එහෙම අහු උනොත් මං දන්නෑ. ඒ නිසා හරියට ටයිම් බලලා යන්න. පොලිස්සියෙ අගය හරි මොකක් හරි කියලා හොඳ බටර් පාරක් ගෑවොත් තවත් ශුවර්.
බයවෙන්න දෙයක් නෑ!