පෝෂණය සපිරි කොළ කැඳ බොමු

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පෝෂණය සපිරි කොළ කැඳ බොමු

    කොළ කැඳවල පෝෂණය
    1-134-1.jpg

    රසවත් කොළ කැඳ වීදුරුවක්‌ ඇත්තටම ඔබේ දිවට දැනුත් එහි රසය දැනෙන්නට ඇති. නමුත් එහි පෝෂණ ගුණය කෙතෙක්‌දැයි ඔබ එක්‌ වරක්‌වත් සිතුවාද? ආහාරයක වඩා වැදගත් වන්නේ රසය නොව එහි පෝෂණීය වටිනාකමයි. සත්‍ය වශයෙන්ම කොළ කැඳ යනු සමබල ආහාරයකි.

    එයි සංයුතිය සැලකීමේදී... කොළ යුෂ - ඛනිජ ලවණ, විටමින්, ඇමයිනෝ අම්ල ද නොපාහින ලද සහල් - පිෂ්ඨය, විටමින්ද, පොල්කිරි - මේදය ශරීරයට එකතු කරයි. හකුරු හෝ සීනිවලින් අමතර රසයක්‌ද ඉඟුරු සුදුළුEණුවලින් අමතර ගුණයක්‌ද එකතු වේ.

    පෝෂණ ගුණය රැක ගනිමින් කොළ කැඳ පිළියෙල කර ගන්නේ කෙසේද?

    පළමුව තෝරාගත් කොළ වර්ගය හොඳින් සෝදා එහි ඉස්‌ම (යුෂ) මිරිකා පෙරා ගන්න. අනතුරුව සහල් මිටක්‌ මැටි බඳුනකට දමා සෝදා වතුර ස්‌වල්පයක්‌ එක්‌කර ලිප තබා එය තැම්බෙන විට වෙන්කර ගත් කොළ යුෂ (ඉස්‌ම) එයට එක්‌ කරක්‌න. මඳ ගින්නේ රත් කරගන්න. පොල්කිරි එක්‌කළ යුත්තේ අවසානයටයි. පොල්කිරි මිරිකා ගැනීමේදී අතින් මිරිකා ගැනීමෙන් පොල් කිරිවල ගුණය ආරක්‌ෂා වේ. පොල්කිරි එක්‌ කිරීමෙන් පසු කිරි නටන තුරු රත් නොකළ යුතුය. කිරි මඳක්‌ රත්වූ පසු ලිපෙන් බා හකුරු හා සීනි ස්‌වල්පයක්‌ සමග පානය කළ හැකියි.

    අමු ඉඟුරු පෙති කීපයක්‌ හා තලාගත් සුදුළුEණු බික්‌ දෙක තුනක්‌ මෙයට එක්‌ කරන්නත් අමතක කරන්න එපා.

    සුදුසු සහල් වර්ග මොනවාද ?

    ඇල් හාල්, හැටදා හාල් (ෂෂ්ටි ධානය) කැඳ පිළියෙල කර ගැනීමේදී යොදා ගත යුතු බවට ආයුර්වේද ශාස්‌ත්‍ර ග්‍රන්ථවල දක්‌වා ඇත. නමුත් මේවා වර්තමානයේ බහුල නොවේ. එබැවින් තැම්බූ රතු සහල් යොදා ගැනීම ඉතා සුදුසුය. වී තම්බන විට පොත්තෙහි අඩංගු විටමින් බී ආදිය සහල් ඇටයට තදින් ඇලේ. එබැවින් පාහින විට හෝ සෝදන විට එම පෝෂ්‍ය පදාර්ථ ඉවත් නොවේ. එහෙත් කැකුළු හාල්වල නිවුඩ්ඩ සේදීමේදී ඉවත්ව යන නිසා එම පෝෂ්‍ය පදාර්ථ ශරීරයට නොලැබී යයි.

    කොළ කැඳ සඳහා බහුලව යොදා ගන්නා ඔසු කීපයක ගුණ සලකා බලමු.

    ගොටුකොළ, හාතවාරිය, ඉරමුසු, රණවරා, මොණරකුඩුම්බිය, මුකුණුවැන්න, වැල්පෙනෙල, පොල්පලා, කරපිංචා හා කොහිල යනු කොල කැඳ සාදා ගැනීම සඳහා බහුලව භාවිත කළ හැකි ශාක වර්ග වේ. මේවා ආහාරමය මෙන්ම ඖෂධීය වටිනාකමකින්ද යුක්‌තය.

    හාතාවාරිය

    වා පිත් නසයි, ප්‍රජනන ව්‍යqහයෙහි ඉතාමත් ගුණ දෙන ඖෂධයකි, ශුක්‍ර වඩයි (වාජීකරණයි), මධුර රසයද ශීත වීර්යයද හේතුවෙන් ස්‌තන්‍ය (මවුකිරි) වඩයි, ගර්භ පෝෂකයි, බල්‍යයි (ශරීර ශක්‌තිය වඩවයි), රසායන හෙවත් වයඃ ස්‌ථාපනයි. (තරුණ බව ඇති කරයි), හෘදයට හිතකරයි, මුත්‍රා කාරකයි, ශරීරයේ දාහ සමනය කරයි.

    ඉරමුසු

    වා පිත්, සෙම් යන ත්‍රිදෝෂයම සමනය කරයි.

    ශීත වීර්ය, මධුර විපාක හා මධුර රස හේතු කොටගෙන රක්‌තය පිරිසිදු කරයි.

    දාහ නසයි.

    උණ නසයි.

    ස්‌තන්‍ය ශෝධකයි.

    ගර්භ ස්‌ථාපනයි. එබැවින් ගර්භ ස්‍රාව (Miscarriages) සඳහා විශේෂයෙන් හිතයි.

    වෘෂ්‍යයි. ශුක්‍ර වඩයි.

    රසායනයි.

    කුසගිනි වඩයි. ආහාර රුචිරය ඇති කරයි.

    මුත්‍ර ජනනය කරයි.

    මල මුත්‍ර ප්‍රවෘත්තිය පහසු කරයි.

    කුෂ්ට රෝග සඳහා හිතකරයි.

    ගොටුකොළ

    සාමාන්‍යයෙන් ත්‍රිදෝෂ ශාමකද විශේෂයෙන් සෙම්, පිත් ශාමකද වේ.

    ශාකයේ "ප්‍රභාවය" ලෙස "මේධ්‍ය" ගුණය පවතී. එනම් මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරයි. එබැවින් අභ්‍යන්තර නාඩි සංස්‌ථානයෙහි (Nerves System) සුවිශේෂී ගුණ දක්‌වයි. ධී (ග්‍රහණ ශක්‌තිය), ධ්‍රැති (ධාරණ ශක්‌තිය) හා ස්‌මෘති (ස්‌මරණ ශක්‌තිය) ශක්‌තීන් බෙහෙවින් වැඩි කරයි.

    හෘදයට හිතකරයි.

    තිත්ත රසය හේතුවෙන් කළු හෙවත් සෙම් කොටස්‌ බැහැර කරයි. (කළු නිස්‌සාරකයි)

    ස්‌තන්‍ය ජනනයි. කිරිදෙන මව්වරුන්ට ඉතා ගුණදායකයි. මධුර රස, ශීත වීර්ය නිසා බල්‍ය ද රසායනද වේ.

    බාහිර සමෙහි රුධිර ගමන ක්‍රමානුකූල කරයි. එබැවින් කුෂ්ට රෝග සඳහා ද හිතකරයි. සිය ගුණ, කර්ම අනුව ශරීරයේ ක්‍රියාවන් උත්තේජනය කර ආරෝග්‍ය හා බලය ඇති කරයි. ආයුෂ වැඩි කරයි.

    මොණරකුඩුම්බිය

    වා සෙම් නසයි. ප්‍රභාවයෙන් ජවරස්‌නයි. එනම් උණ නසයි. මුත්‍ර කාරකයි. අශ්මරී භේදනය හෙවත් මුත්‍ර ගල් බිඳ හෙලීම සිදු කරයි. රක්‌ත ශෝධකයි. ශරීරයේ ඉදිමුම් සමනය කරයි. කුඩා ළමුන්ගේ පණු රෝග සඳහා හිතකරයි (ක්‍රිමිඝ්නයි), ළදරු මාන්දම් හා කාමලා Hepatitis) රෝග සඳහා විශේෂයෙන් ගුණදෙයි.

    පොල්පලා

    විශේෂයෙන් මුත්‍ර වහා සංස්‌ථානයෙහි ((Urinary System) ක්‍රියාකරන ඔසුවකි. අතිශයින් මුත්‍ර කාරකයි. එබැවින් මුත්‍ර කෘච්ඡ්‍ර (අපහසුවෙන් මුත්‍ර පිටවන අවස්‌ථා) සඳහා ගුණදායකය. මුත්‍රාශ්මරී (Renal Calculi) නාශකයි. ශෝථ නසයි.

    මුකුණුවැන්න

    කළු වාත ශාමකයි. කුසගිනි වඩයි. රක්‌ත ශෝධකයි. දාහ ශමනය කරයි. කුෂ්ට නසයි. ස්‌තන්‍ය වර්ධකයි. ඇස්‌වල පෙනීම වර්ධනය කරයි.

    කොහිල

    ත්‍රිදෝෂ ශාමකයි. අන්නපචන ව්‍යqහාවේ (GIT) ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වේ. මල භේදක ගුණයෙන් විශිෂ්ටයි. අර්ශස්‌ සඳහා හිතයි. මධු මේහයට කොහිල කරටි හීනටි හාල් සමග පිළියෙල කළ කැඳ ඉතා ගුණ දෙයි.

    රණවරා
    ගුණ අනුව කළු පිත්ත ශාමක වේ, සියලු ප්‍රමේහ රෝග සඳහා විශේෂයෙන් ගුණදායකය. මුත්‍ර සංග්‍රහණිය වේ. රක්‌තස්‍රාව වළකයි. පිපාසා ශමනය කරයි. සමෙහි කැසීම්, කුෂ්ට ආදිය සඳහා හිතකරයි. ශරීරයේ වර්ණය ඇති කරයි (වර්ණකාරකයි) ශුක්‍ර වඩයි. ඇසේ පෙනීම වර්ධනය කරයි.

    වැල් පෙනෙල

    වාත ශමනයි. කුසගිනි වඩයි. විශේෂයෙන් ශරීරයේ සෞම්‍ය ධාතු වර්ධනයේ ලා ගුණදෙන ඔසුවකි. වෘෂ්‍යයයි. ශුක්‍ර ධාතු වර්ධනය කරයි. අණ්‌ඩවවෘද්ධි රෝගය සඳහා ගුණදෙයි. ආර්ථව ක්‍ෂය සහිත ස්‌ත්‍රීන්ට ආර්ථව ජනකයක්‌ ලෙස යෙදේ.

    අර්ශස්‌ නසයි.

    ක්‍රිමිස්‌නයි.

    කරපිංචා

    කළු වාත ශාමකයි. කෂාය තිත්ත රස හේතුවෙන්ද කළු නිස්‌සාරකයි. කටු රසයද, උෂ්ණ වීර්යය ද හේතුවෙන් දීපනයි. පාචනයි. රුචිකාරකයි. පණු රෝග නසයි. වමන වේග වළකයි. මේදඝ්නයි. එනම් රුධිරගත මේදය අඩු කරයි. ඇස්‌ පෙනීම වැඩි කරයි (චක්‍ෂුස්‍යයි) විෂ නසයි. කණ්‌ඨ්‍යයි. එන්ම කටහඬ පැහැදිලි කරයි. විශේෂයෙන් මේදෝ වෘද්ධි Hyperlipidemia) අවස්‌ථා සඳහා ගුණදායකයි.

    පොළොං ආදී සර්ප විෂටද කරපිංචා කොළ කැඳ විශේෂ ප්‍රතිකාරයක්‌ ලෙස යෙදේ.

    කැඳ පිසීමේදී අමු ඉඟුරු හා සුදු ළුEණු ස්‌වල්පයක්‌ එක්‌කර ගැනීමෙන් අමතර ගුණයක්‌ එකතු වෙයි.

    ඉඟුරු

    කටු රස හේතුවෙන් කුසගිනි වඩයි, ආහාර දිරවීම පහසු කරයි. කොළකැඳ වල ගුරු බව අඩු කරයි. සෙම් නසයි.

    සුදු ළුEණු

    සෙම් වා නසයි, අග්නිය වඩයි, ආහාර දිරවීම පහසු කරයි. මේදඝ්නයි. යකෘත් උත්තේජනය කරයි. ක්‍රිමිස්‌නයි. ඉන්ද්‍රිය ශක්‌තිය වර්ධනය කෙරේ.

    කොළ කැඳ සෑදීමේදී එකම කොළ වර්ගයක්‌ එක දිගට භාවිත නොකර විවිධ කොළ වර්ග යොදාගත යුතුය. එවිට එම කොළවල අඩංගු විවිධ ගුණ ශරීරරයට ලැබේ. එමෙන්ම ශීත ගුණයෙන් යුත් කොල වර්ග නිසා ප්‍රතිශ්‍යා, කාස වැනි සෙම් බහුල රෝග ඇතිවීමද වළක්‌වාගත හැකියි.

    කොළ කැඳ යනු පාසල් යන ඔබේ දරුවාට මෙන්ම රැකියාවට යන ඔබටද උදෑසනට ඉතා සුදුසු පෝෂණ ගුණයෙන් අනූන සමබල ආහාරයකි. මෑතකදී කළ පර්යේෂණයකින් ලංකාවේ පාසල් ළමුන් පිටි බහුල ආහාර සඳහා යොමුවීම 20% කින් වැඩිවී ඇති බව තහවුරු වී ඇත. පිටි කෑම වෙනුවට කොළ කැඳ වීදුරුවක්‌ ආදේශ කර ගැනීමෙන් මධුමේහ, අධික තරබාරුව වැනි රෝග සඳහා වන අවදානමෙන් මිදෙන්නට පහසුවෙන් පුළුවන. අද සිටම ඔබත් ඒ සඳහා පෙළගැසෙන්න.

    වෛද්‍ය
    ආර්. එල්. ඩී. එස්‌. රණසිංහ
    දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය
    කොළඹ විශ්වවිද්‍යාලය
    http://www.divaina.com/2014/10/04/sayanaya03.html
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉදිරියේ රාළ;20717062 said:
    කොළ කැඳ උයන්නට පෙර බ්ලෙන්ඩරයට මෝල් ගසෙන් පහර දී කුඩුපට්ටම් කරනු.

    බ්ලෙන්ඩරේටද ගුරු?
    ++++++++++
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉදිරියේ රාළ;20717250 said:
    ඔව් ඔව් කොළ කැඳ උයද්දි බ්ලෙන්ඩර් ගාව ගන්න එපා. කැඳ වල ගුණය දුර්වල වෙනවා.

    අපෙ ගෙවල්වල කරන්නෙම බ්ලෙන්ඩරෙන් අඔරල ගන්න එකනේ...
     
    අපෙ ගෙවල්වල කරන්නෙම බ්ලෙන්ඩරෙන් අඔරල ගන්න එකනේ...
    වංගෙඩියෙ කොටල අතින් මිරිකලා මැටි (ලෝහ නම් රන්,රිදී,තඹ,සුදු යකඩ හෝ පස්ලෝ) භාජනයක උයන්න ඕනෑලු. එතකොට තමයිලු ඇඟට කැඳ නියම විදියට පත්තියම් වෙන්නේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    කොළ කැඳ බිව්වහම,
    ලිංගික ශක්තිය, ක්ෂණික මෝචනය වගේ ඒවට මරු...
    සතියකට වතාවක් හරි ශොට් එකක් දාපන්
    උඹට ගොඩක් හොඳයි
     
    • Like
    Reactions: jayanathek

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කොළ කැඳ බිව්වහම,
    ලිංගික ශක්තිය, ක්ෂණික මෝචනය වගේ ඒවට මරු...
    සතියකට වතාවක් හරි ශොට් එකක් දාපන්
    උඹට ගොඩක් හොඳයි

    ane pala yanna
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොළ කැඳ බිව්වහම,
    ලිංගික ශක්තිය, ක්ෂණික මෝචනය වගේ ඒවට මරු...
    සතියකට වතාවක් හරි ශොට් එකක් දාපන්
    උඹට ගොඩක් හොඳයි

    :yes::yes::yes:
     
    කොළ කැඳ බිව්වහම,
    ලිංගික ශක්තිය,
    වැල් පෙනේල
    ක්ෂණික මෝචනය
    හාතාවාරිය
    වගේ ඒවට මරු...
    සතියකට වතාවක් හරි ශොට් එකක් දාපන්
    සතියට වතාවක් කැඳ බීලා දැන් තියෙන ක්ෂණික මෝචන හොඳ කරන්න බෑ මචෝ. ඒකට ඇඟ සිසිල් වෙන්න ඕනා. උෂ්ණය බහින්න ඕනා. සතියට පාරක් හාතාවාරිය කැඳ බිව්වට ඇඟ කූල් වෙන්නෙ නෑ. ඔන්න ඇඟ කූල් එකෙක්ට නම් හාතාවාරිය කැඳ බිව්වොත් time to ejaculate වැඩි වෙයි.