ප‍ටු අදහස් - Mind without Fear

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
g28a4zT.jpg





සේයාරුව දුටු සැනින් හෙල කලා කෙත තුල මං පෙත් එලි පෙහෙලි කල යුග පුරුෂයා කවුදැයි ඔබ කවුරුත් හොඳින් හඳුනනවා ඇත. නවසිය විසි නවයෙ අප්‍රේල් මස සත්වෙනිදා "මහගමගේ සේකර" නම් වූ මහා දාර්ශණිකයා මෙලොව එලිය දුටුවේය.

ගුරුවරයෙකු, චිත්‍ර ශිල්පියෙකු, ගත්කතුවරයෙකු, කවියෙක්, ගීත රචකයෙක් මෙන්ම තවත් මෙකී නොකී ක්ෂේත්‍ර ගනනාවක තම දස්කම් ප්‍රදර්ෂණය කලද ඔහු අප හදවත් පැහැර ගත්තේ ගැමි සුන්දරත්වයට අව්‍යාජව ආදරය කල සරල ගතිපැවතුම් ඇති මිනිසා ලෙසිනි.

සේකරයන් විසින් කල නිර්මාන පිලිබඳ විවරනයක් ගෙන ඒමටවත් ඔහුගේ ගුණ අනුස්මරණයක් කිරීමට ගත් උත්සහයක් නොවන බව කරුණාවෙන් සලකන්න.... මන්ද එවැන්නක් කිරීමට තරම් මා හට කිසිදු සුදුසුකමක් නොවීමත් මෙවැනි හුයකින් එවැන්නක් කිරීම අබ පියල්ලක දියෙන් පිපාසය නිවා ගැනීම හා සමාන වීමය...

සේකරයන් මෙලොව හැරදා යන තුරුම අප මෙලොව ඉපිද නොසිටියත් අදටත් අප අතර ඔහු සජීවී චරිතයක් වී පවතින්නේ ඔහු විසින් අපට දායද කල ඔහුගේ උසස් වූ නිර්මාණ තුලිනි. තවත් යුග ගනනාවක් ඉදිරි පරම්පරා ගනනාවක් තුල ඔහු සදා අනුස්මරනීය වනු නියතය.
මහගම සේකරයන් විසින් රචිත සුවහසක් ගීත අතරින් තවත් එක් සුවිශේෂී ගීතයක් ඔබ වෙත ඉදිරිපත් කරම්.

පහත කවි පන්තිය කියවන විට එක්වරම ඔබේ හිතට නැගෙන ගීතය කුමක්ද?



Where the mind is without fear and the head is held high
Where knowledge is free
Where the world has not been broken up
into fragments by narrow domestic walls
Where words come out from the depth of truth
Where tireless striving stretches its arms towards perfection
Where the clear stream of reason
has not lost its way into the dreary desert sand of dead habit
Where the mind is led forward by thee into ever-widening thought and action
Into that heaven of freedom, my Father, let my country awake.

මේ මහා කවි රඛීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ගීතාංජලී කාව්‍ය සංග්‍රහයේ අඩංගු වන Mind without Fear නම් වූ පද්‍යය පෙලයි.


මුල් කෘතියට හානියක් නොවන පරිද්දෙන් සාහිත්‍ය කෘතියක් පරිවර්තනයක් කිරීම පහසු කටයුත්තක් නොවේ.... මේ සඳහා භාෂා දෙකෙහිම සාහිත්‍ය පිලිබඳ පරිනත දැනුමක් අවැසිය. පද්‍ය රචනාවක් පරිවර්තනය මීටත් වඩා බැරෑරුම් කාර්‍යයකි.
නමුත් ගීතය රසවිඳින විට ඔබට සේකරයන්ගේ විපුල සාහිත්‍ය දැනුමත් භාෂාව හැසිරවීමේ ව්‍යක්ත බවත් මොනවට පැහැදිලිවනු ඇත.

මෙන්න ගීතය.....


ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය
කැබැලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
සිටිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ ...............



සත්‍යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ..............



පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ.........



පද රචනය : මහගම සේකර
ගායනය : පන්ඩිත් අමරදේව , සුනිල් එදිරිසිංහ