බටදඬු කන්ද බලන්න යමුද...

W a l k 1 2 1

Junior member
  • Feb 1, 2016
    72
    34
    17
    බටදඬු කන්ද බලන්න යමුද...

    පුරාණයේ බටදඬු කන්ද ලෙසින් හා මෙරටට පැමිණි විදේශිකයින් විසින් "නකල්ස්" ලෙසින් හඳුන්වා දුන් අපූරු සොබාදහම් භාණ්ඩාගාරයේ එක් සුන්දර ඉසව්වක් වෙත අද අපි යමු.



    13043736_1007965612616400_5092054395457785910_n.jpg


    මේ ගූගල් ලෝක සිතියමේ පිටවල පතන හා කුඩා ලෝකාන්තය දැක්වෙන ආකාරය..

    ලෝකාන්තය තරම්ම ජනප්‍රිය කුඩා ලෝකාන්තය
    එක කෙළවරක පිහිටි *පිටවල පතන* තමයි අද
    අපේ ගමනාන්තය.


    පිටවල පතන පිහිටලා තියෙනේ දේශීය
    සංචාරකයින් විශාල වශයෙන් නැරඹීමට
    යන *රිවර්ස්ටන්* අධි සංවේදී පරිසර කළාපයේම
    තමයි.පිටවල පතන පිහිටලා තියෙන්නේ රත්තොට ගම
    හා පල්ලේගම කියන ගම අතරේ.රත්තොට
    තියෙන්නේ මාතලේ පැත්තෙන් එද්දි.පල්ලේගම
    තියෙන්නේ හෙට්ටිපොල පැත්තෙන් එද්දි.මාතලේ
    පැත්තෙන් රිවර්ස්ටන් බලන්න එන මාර්ගය තමයි
    වැඩිපුරම ප්‍රසිද්ධ.පල්ලේගම පසුකරගෙන
    මේ පාරේ වස්ගමුව, දඹුල්ල දක්වා උනත් යන්න
    පුලුවන්. මාතලේ ඉදන් පල්ලේගමට 42km විතර
    තිබුණත් පිටවල පතන ලෙසින් ප්‍රකට කොටස විහිදී
    ඇත්තේ 5km ක් විතර.ඒ පැත්තෙන් එද්දි මුලින්
    ඔබට හමුවෙන්නේ රිවර්ස්ටන් කඳු මුදුන.
    එතනම රූපවාහිනි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකුත්
    තියෙනවා.ඒක පහුකරලා තව ඉස්සරහට එද්දි පාරේ
    වම් අත පැත්තෙන් විශාල තැනිතලාවක්
    මුණගැහෙනවා.ලෝකාන්තේ බලන්න හෝර්ටන්
    තැන්නට ගියා නම් අන්න ඒ යද්දි හමුවෙන මහඑළිය
    වගේ තැනක්.ඒක තමයි පිටවල පතන.


    පිටවල පතනට ඇතුළු වෙන්න ඉතාමත් සුළු මුදලක්
    අය කරනවා.ඒක නකල්ස් සංරක්ෂණය වෙනුවෙන්
    වෙන් කෙරේවි.එතැනින් අවසරපත් අරගෙන පතනට
    ඇතුල් වුනාම ඔබට පෙනේවි සුදුපාට තීන්තවලින් මහ
    පොලොවේ තිත් තිත් තියලා තියෙනවා.

    ඒ තමයි කුඩා ලෝකාන්තෙට යන්න ලකුණු කළ මාර්ගය.ඒ ඇරුණට ඔබට පාර හොයාගන්න වෙන
    ක්‍රමයක් නෑ.


    කොහොම හරි පිටවල පතන කියන්නේ
    විශාල කලුගල් පර්වතයක් මත අඟල් කිහිපයක් උසට
    තැම්පත් වූ පස් ස්ථරයක්.ඒ හින්දා ඒ මත විශාල ගස්
    වැවෙන්නේ නෑ.හැබැයි,මුලු ලෝකෙටම මේ පුංචි පස්
    ස්ථරයේ විතරක් ජීවත්වෙන ජීවින් කිහිපයක්ම
    ඉන්නවා.මේ පස් ස්ථරය නැති දවසක ඔවුන් මේ මුලු
    ලෝකෙන්ම නැතිවෙලා යාවි.රළු ගල්පර මැඩියා ඒ
    වගේ එක් සතෙක්.ඒ වගේම පතන් අල
    ශාඛයත්,කඳුලැස්ස ශාඛයත්,වටැස්ස ශාඛයත් මේ
    ප්‍රදේශයේ පමණක්ම තිබෙන ඒවා.පොඩි කාලේ අපි
    මාංශ භක්ෂක ශාක කියලා ඉගෙන ගත්ත
    නිල්මොණරැස්ස ශාඛයත් මේ අඟල් තුනේ පස්
    තට්ටුවේ හොයාගන්න පුළුවන්.ඒ විතරක් නෙවෙයි.
    මේ පොලොවට වැටෙන වතුර කෙලින්ම පෝෂණය
    කරන්නේ රටටම ජලය බෙදන *මහවැලි ගඟ*.
    වසරේ වියළි කාලවල සුවිශේෂී දසුනක් විදියට දකින්න
    පුළුවන් වස්ගමුව වැනි ප‍්‍රදේශවල සිට ආහාර සොයා
    පැමිණෙන වල් අලින්. නමුත් පිටවල පතන හා ආශි‍්‍රත
    ප‍්‍රදේශය ඔවුන්ගේ නිත්‍ය වාසස්ථාන නම් නෙවෙයි.වැසි සමය ඇරඹීමත් සමග ඔවුහු නැවත තම
    නිජ බිම් සොයාගෙන යනවා.


    ගෝනුන්, හාවුන්, වල්
    ඌරන්, ඉත්තෑවන්, වැලි මුවන්, මී මින්නන්,
    හෝතඹුවන් වැනි සතුන් පමණක් නොව කලාතුරකින්
    දිවියන්ද මේ ප‍්‍රදේශයේ ගැවසෙන බව දැනගන්නට
    ලැබුනේ නකල්ස් මාතලේ කොට්ඨාශය භාර අඩවි වන
    නිළධාරී පාලිත බණ්ඩාර මහතාගෙන්.


    ප‍්‍රාග් ඓතිහාසික
    යුගය තෙක් දිව යන පුරාවෘත්ත සහිත ප‍්‍රදේශයක්
    ලෙසද මෙය හඳුනාගන්න පුළුවන්.රාම-රාවණ කතා
    පුවත, විජය-කුවේණි පුවත මෙන්ම ආදිවාසීන්
    සම්බන්ධයෙන් වූ විවිධ ජනශ‍්‍රැති හා ජනප‍්‍රවාද මෙම
    ප‍්‍රදේශය හා බැඳී පවතිනවා.ඒවා සනාථ කළ හැකි
    බොහෝ සාධකද දුම්බර කලාපයෙන් හමුවෙලා
    තියෙනවා කියලා අහන්න ලැබුනා.එසේම අනුරාධපුර,
    පොළොන්නරු යුගවලදී බොහෝ රජවරුන්ද දුම්බර
    කඳුපෙත ආශ‍්‍රිතව රැකවරණය ලද බව සඳහන්.



    මීට පෙර අපි walk121 එක්ක ගිය දුම්බර කෙළවරේ
    මීමුරේ ගම ඒකට හොඳ උදාහරණයක්.ඒ ගම අපේ
    රටේ අවසන් රජුගේ රහස් සැඟවීමේ තිප්පොල වුන
    හැටි අපි ඒ ලිපියෙදි කිව්වා.පස්සේ කාලෙක ඉංගී‍්‍රසි
    පාලන සමයේදී මෙම කඳුකරයේ බොහෝ ප‍්‍රදේශ මුඩු
    බිම් පනතට යටත් වුනා. පතනේ මදක් ඉහළට ඇවිද
    ගිය විට පිටවල, රත්නින්ද, ඇටන්වල ආදී පුරාණයේ
    සිට පැවත එන ගම්මානද ඒවායේ ඇති හෙල්මළු
    කුඹුරු යායන්ද ඈතින් අපූරුවට පෙනෙනවා.
    ඊට ඉහළින් මහා පවුරක් සේ දැකගත හැක්කේ
    මානිගල පර්වතය.


    අපි දවසක මානිගල පර්වතය හා
    මානිගල ගම්මානයට යන්නත් බලාපොරොත්තු
    වෙනවා. ඉංගී‍්‍රසි පාලන සමයේදී මෙහි වතුවල සේවය
    කළ ඉන්දියානුවන් සිය සේවාමුර වේලාවන්
    දැනගත්තේත්, අවට ගම්මාන වාසීන් වේලාව
    දැනගත්තේත් මෙම ගල් තලාවේ පිහිටි කුහරයක් තුළට
    සූර්ය රශ්මිය වැටෙන විට ඇතිවන තැල්ලක් නිසාවෙන්
    බව අපිට අහන්න ලැබුනා.අන්න ඒ කතාව
    හොයාගෙන තමයි යන්න ඕනෑ.කොහොම හරි,මෙම
    පර්වතයට දුරින් ඈතින් ඈතට විහිදෙන දුම්බර
    කඳුයායේ කඳුවැටි අතර ඉහළින්ම දිස්වන්නේ මෙහි
    ඇති වඩාත් උස් කඳු මුදුන වන අඩි 6248 ක් පමණ
    උසැති ගොම්බානීය කන්ද.ඒ එක්කම තුන්හිස්ගල,
    යකුන්නේගල ආදී කඳු මුදුන්ද එම ඉසව්වෙහිම
    පැහැදිළිව දිස්වන අතරපෙනෙනවා.නැගෙනහිර
    දිසාවෙන් පෙනෙන කන්ද හරිම වැදගත්.ඒක තමයි
    ප‍්‍රදේශයට ‘ලග්ගල’ යන නාමය ලැබීමට පාදක වූ
    ඓතිහාසික රාවණ යුගය හා සම්බන්ධකම් දක්වන
    ලකේගල කන්ද. දවසේ එක එක මොහොතේදී විවිධ
    ස්වරූපයෙන් දැකගත හැකි අලංකාර භූමි ප‍්‍රදේශයක්
    තමයි පිටවල තැන්න. බොහෝ විට සැන්දෑ සමයේදී
    මීදුම් දහරාවන්ගෙන් වැසී යන පතන හා අවට වන
    ගොමු අතර ඇත්තේ නිහැඬියාවක්. දැඩි නිසල
    බවක්.කණ්ඩායම් ගැහිලා ඇවිල්ලා මේ සුන්දර භූමියට
    විෂක් නොවී සැනසිල්ලේ ඇවිල්ලා විඳලා බලලා මේ
    සුවිශේෂී බිම් පෙදෙසේ අපූර්වත්වය තම තමන්ගේ
    මතක පොතට එක් කරගන්න කියලා තමයි අවසන්
    වශයෙන් කියන්න තියෙන්නේ.



    එහෙනම් ෆොටෝස් බලමු....


    මෙතනින් දකුණට පිටවල පතනට හා වමට ගියාම මානිගල ගම්මානයට යන්න පුලුවන්.
    13096315_1007965159283112_5598654237307645350_n.jpg

    .



    මේ තියෙන්නේ රිවර්ස්ටන් මුදුනට යන්න තියෙන මාර්ගය.මේකේ දැන් වාහන යන්න දෙන්නේ නෑ..
    13087712_1007965752616386_4458293512889458123_n.jpg





    ඔන්න පිටවල පතන මැදින් පල්ලේගම දෙසට යන්න තියෙන මාර්ගය..
    13082577_1007965129283115_3298196572195465559_n.jpg









    පිටවල පතනට පිවිසීම..
    13055350_1007965652616396_3351553406640928301_n.jpg







    අවවාදයයි...!!!
    13076647_1007965702616391_659389112245045247_n.jpg







    පිටවල පතන බොහෝ සිනමා පටිගත කිරීම් වලට ප්‍රසිද්ධයි..
    13100760_1007965242616437_8239042951721728122_n.jpg




    මෙන්න පතන හරහා කුඩා ලෝකාන්තය දෙසට..

    13082546_1007965302616431_3084225546374289079_n.jpg






    13082615_1007965362616425_4057298078002998109_n.jpg





    13094419_1007965392616422_1805589878831721527_n.jpg





    13061977_1007965482616413_2108798057298229719_n.jpg




    13102904_1007965449283083_7849390767837945036_n.jpg



    13087314_1007965529283075_6073172521667955320_n.jpg




    13043237_1007965585949736_8394842115588275212_n.jpg




    13083216_1007975329282095_8824865527992704964_n.jpg





    13055592_1007975332615428_1673908321566292199_n.jpg





    13076508_1007975365948758_7061447486564164439_n.jpg





    13094383_1007975519282076_4416193653819098080_n.jpg




    13083223_1007975522615409_2458349436827635367_n.jpg





    බොහොම ස්තූතියි..

    තවත් සංචාරක සටහන් හා විස්තර දකින්න,
    එන්න අපේ ෆේස්බුක් පිටුවට..

    https://www.facebook.com/walk121/


     

    UNIC0DE

    Banned
    Oct 7, 2016
    62
    8
    0
    13100760_1007965242616437_8239042951721728122_n.jpg


    මෙන්න මේ හරියේ තමා රාවණා රජතුමාගේ ගුහාවක් හම්බු උනේ පහුගිය දවස් වල .:nerd: